IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය,  සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සමාගමක් ලෙස ලැබූ මෙම ජයග්‍රහණය පාරිසරික තිරසාරත්වය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණ නවෝත්පාදන සහ චක්‍රීය ආර්ථිකය සඳහා වන එම ආයතනය සතු කැපවීම මැනවින් තහවුරු කිරීමට සමත්විය. මෙමඟින් ආයතනය වෙතින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය වලින් 99.99%ක ප්‍රමාණයක්ම බාහිර පරිසරයට මුදාහැරීම වළක්වන අතර, එමඟින් ක්ලීන්ටෙක් ආයතනය සම්පත් ප්‍රතිසාධන අංශයේ සිය පුරෝගාමියෙකු ලෙස සිය භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරිමට සමත්ව ඇත.

පරිසර වගකීම තම මෙහෙවරේ මූලිකත්වය ලෙස තබා ගනිමින් ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සෑම අපද්‍රව්‍යයකටම භාවිතා නොකළ වටිනාකමක් ඇති බවට විශ්වාස කරයි. එහිදී සමාගම විසින් දිගු කාලයක් පුරා ‍පරිසර හානිය අවම කරන තිරසාර භාවිතයන් අනුගමනය කරමින්, ඉවතලන ද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කිරීම සිදුකරයි. මෙම ක්‍රියාවලිය ඔස්සේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය (e-waste), ප්ලාස්ටික්, PET බෝතල්, ලෝහ, කඩදාසි, වීදුරු සහ ආහාර අපද්‍රව්‍ය වැනි බොහෝ අපද්‍රව්‍ය නැවත භාවිත කිරීමට අවශ්‍ය මගපෙන්වීම සිදුකරයි.

2024 වසරේදී ක්ලීන්ටෙක් ආයතනය තම කසළ කළමනාකරණ ක්‍රියාවලි තවදුරටත් වැඩිදියුණු කිරීමේ උද්යෝගිමත් ව්‍යාපෘතියක් ආරම්භ කළේය. මෙම සමාගම විසින් අති නවීන තාක්ෂණයෙන් යුතු කසළ නිරීක්ෂණ හා තේරීමේ පද්ධතියක් හඳුන්වා දුන් අතර, එමඟින් සියලු මෙහෙයුම් තත්ත්වයන් ඔස්සේ තත්කාලීන දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව ලබා දුන්නේය. මෙම පද්ධතිය, කසළ වර්ග හඳුනා ගැනීම, වර්ගීකරණය, සහ වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව සැකසීමට හැකිවීමේදී තීරණාත්මක භූමිකාවක් ඉටු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අයතනය විසින් 2025 මැයි වන විට එහි කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අනුපාතය 90% සිට 99.99% දක්වා සාර්ථකව වැඩිදියුණු කළේය.  

මෙම ZWL සහතිකය, සමාගමේ දීර්ඝකාලීන පරිසර උපායමාර්ගයන් සඳහා වූ නිවැරදි දැක්ම සහ සාර්ථක ‍ප්‍රතිඵල ලබාදීමේ හැකියාව තහවුරු කරනු ලබන අතර, අපද්‍රව්‍යය සම්පතක් ලෙස සැලකීම සහ නවීන ප්‍රතිචක්‍රීකරණ හා ද්‍රව්‍යය ප්‍රතිසාධන තාක්ෂණයන් වෙත ආයෝජනය කිරීම තුළින් එය ක්ලීන්ටෙක් ආයතනය වෘත්තීය ආර්ථික භාවිතයන්හි ආදර්ශයක් බවට පත්ව  ඇත.  

ක්ලීන්ටෙක් ආයතනය පාරිසරික කාර්ය සාධනය, ISO 9001:2015 (ගුණාත්මක කළමනාකරණය), ISO 14001:2015 (පාරිසරික කළමනාකරණය), ISO 45001:2018 (කාර්ය මණ්ඩල ආරක්ෂණය) සහ Global Recycled Standard (GRS) වැනි ජාත්‍යන්තර සහතිකයන් මගින් තවදුරටත් ශක්තිමත් වේ. ක්ලීන්ටෙක් ආයතනය විශ්වාසය වන්නේ "තිරසාරත්වය යනු ගමනාන්තයක් නොව, අඛණ්ඩ ගමනක්" බවයි. මෙම සහතිකය මගින් ඔවුන් තම වගකීම නැවත තහවුරු කරමින්, පරිසරයට හානි අඩු කිරීම, සම්පත් ආරක්ෂා කිරීම සහ වෘත්තීය ආර්ථිකයකට ජනතාව සක්‍රීයව එකතු විය හැකි බව පෙන්වා දෙයි.

එකට එක්ව වැඩ කිරීම තුළින් සහ අපද්‍රව්‍ය සඳහා නව වටිනාකමක් ලබාදීමට කටයුතු කිරීම තුළින් අපගේ සම්පත් ආරක්ෂා කිරීම මෙන්ම පිරිසිදු ලොවක් නිර්මාණය කිරීමට හැකි බව මෙම ආයතනය විසින් නිදර්ශන රැසක් ලබා දී ඇත. ඒ ඔස්සේ යමින් ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය කොටස්කරුවන්ට, හවුල්කරුවන්ට මෙන්ම සමස්ත ජනතාවටම හරිත, පිරිසුදු අනාගතයක් නිර්මාණය කරලීමේ සාමූහික කර්තව්‍ය වෙනුවෙන් එකවන ලෙසට ඇරයුම් කර සිටියි.

 



අදහස් (0)

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31053 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13183 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 20 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 875 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 262 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site