IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.

එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.

 



අදහස් (0)

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 312 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16352 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 615 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site