ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී තඹුත්තේගම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් සුමිත් සෝමරත්න මහතා, රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. ඒ. තිලකරත්න මහතා, ග්‍රාමනිලධාරී ඒ. එම්. ඩී. ආර්. අධිකාරි මහතා සහ වෙළෙඳ සංගමයේ සභාපති එම්. ඒ. පත්මසිරි මහතා ඇතුළුව ප්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැසක් සහභාගී වූහ. සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම තඹුත්තේගම ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, fast draft චක්‍රීය ණය සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමඟ Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.
අනුරාධපුර සිට කිලෝමීටර් 45 ක දුරකින් සහ කොළඹ සිට කිලෝමීටර් 160 ක පමණ දුරකින් පිහිටි තඹුත්තේගම නගරයට පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැකිවන්නේ මාර්ගය දෙපස සරුසාර රන්වන් කරල් බර කෙත් යායන්ය. තඹුත්තේගම නගරය, අතීතයේදී පෙරදිග මහ ධාන්‍යාගාරය ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කරදීමට ප්‍රමුඛ කෘෂිකාර්මික මෙහෙවරක් ඉටුකළා වූත් බෞද්ධ සංස්කෘතික වටිනාකම් රැසකින් පොහොසත්වූත් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් සොඳුරු නිස්කලංක වටපිටාවකින් සමන්විතය. වී වගාව මුල් කරගත් කෘෂි ආර්ථික පරිසරයකින් හෙබි තඹුත්තේගම නගරය කේන්ද්‍රීයව ස්ථාපිත වූ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය දශක දෙකක පමණ කාලයක සිට තඹුත්තේගම ප්‍රදේශවාසීන්ගේ අතමිට සරු කිරීමට සමත්ව සිටින්නේ දේශීය පාරිභෝගිකයාගේ අවශ්‍යතාවන්ද ඉටුකරමිනි. තඹුත්තේගම ප්‍රදේශවාසී ජනතාවගේ එකිනෙකට වෙනස් මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින් විවෘත වූ සියපත ෆිනෑන්ස් හි නවතම ශාඛාව වන තඹුත්තේගම ශාඛාව හරහා පාරිභෝගික කේන්ද්‍රීය පහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ.
තඹුත්තේගම නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් “කෘෂිකර්මාන්තයෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කරන රජරට වැව් බැඳි රාජ්‍යයේ අභිමානය සපිරි තඹුත්තේගම නගරයට සියපත ෆිනෑන්ස් සේවා රැගෙන ඒමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. වී ගොවිතැන හා පරිසරය එක්ක බැඳුනු නිස්කලංක ගැමි සුන්දරත්වයත් වෙළෙඳ ව්‍යාපාර කර්මාන්ත සහිත කාර්යබහුල නාගරික පරිසරයත් යන දෙයාකාරයේම ලක්ෂණ පිරුණු තඹුත්තේගම ප්‍රදේශයෙන් බිහිව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දියුණුවට අතහිත දීමට හොඳම මූල්‍ය සේවාවක් සහ හොඳම කාර්ය මණ්ඩලයක් සමග සියපත ෆිනෑන්ස් අප සූදානම්.” යැයි පැවසීය.
මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka) හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.
තඹුත්තේගම සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 025 753 4805 අමතන්න, නැතහොත් අංක 17/ එස්, රැජිණ හංදිය, තඹුත්තේගම යන ස්ථානයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩිවිස්තර සඳහා www.siyapatha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි