







( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නිවෙස් වලින් බැහැර කරන සියලුම කැලි කසළ මුන්දලම මදුරන්කුලිය තෝඩුවාව මාර්ගය දෙපස කඩොලාන සහිත පරිසරයට මුදා හැරිමෙන් පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව පරිසරවේදින් චෝදනා කරති .
මදුරන්කුලිය නගරයේ සිට තෝඩුවාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඉපැරණි හැමිල්ටන් ඇළ ලෙස හැදින්වෙන රමනීය ඇළ මාර්ගයද සම්පූර්ණයෙන් අපවිත්‍ර වන අයුරින් මෙම කැලි කසළ දැමිම කලක සිට සිදුවන බව පරිසරවේදින් චෝදනා කරයි .
කිලෝ මිටර් 13 කින් දිගින්යුත් මෙම මාර්ගය පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා දෙකකට අයත් නමුත් අදාල පළාත් පාලන දෙකම තම ආයතන වල නිසි අවධානය ලක් නොකිරිම කණගාටුවට කරුණුක් බව සදහන් කළ යුතුය .
එම කැලි කසල තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු කොටස් මෙන්ම උපද්‍රවකාරි අපද්‍රව්‍ය සමග සත්ව ඝාතකාගාර වලින් ඉවත් කරන කුකුළන්, හරකුන් සතුන්ගේ කොටස්ද විවෘත පරිසරයට මුදා හැර තිබිම පාරිසරික ගැටළුවක් සේම අධික දුගදක්ද සමග මැසි මදුරු කරදරයක් උග්‍ර වි ඇති බව කියයි.
මෙලෙස පරිසරයට මුදා හැර ඇති දෑ අතර ජංගම දුරකථන බැටරි, පරිගණක කොටස්, රූපවාහිණි කොටස්, බෙලෙක් තහඩු, විදුලි බුබුළු, වීදුරු කැබිලි ඇතුළු නොදිරන පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි කැඩී බිදී විනාශවූ සුන්බුන් කොටස්ය.
මෙසේ ඉවක් බවක් නොතකමින් සිදුකරනු ලබන කසළ බැහැර කිරීම හේතුවෙන් මේ වන විට ජෛව විවිධත්වට සෘජු බාධා එල්ලවෙමින් පවතී.
සුන්දරවූ කඩොලාන සම්පත සම්පූර්ණයෙන්ම මෙම අපද්‍රව්‍ය නිසාවෙන් වැනසී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.
කඩොලාන ආශ්‍රිතව සිදුවන මත්ස්‍ය, කකුළුවන් ඇතුළු ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලියට මහත් බලපෑමක් එක් කරමින් මෙලෙස මුදාහරින රසායනික ද්‍රව්‍ය වල කොටස් කරදිය සමග මුසුවීමෙන් පසු සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් මසුන්, සහ ඉස්සන්
වදවීයාමේ තර්ජනයකට ලක් විමේ බරපතල අවධානමකට ලක්කර ඇති බව පරිසරවේදින් තවත් අනාවැකි වලින් සදහන් කරයි .
මෙම හේතුව නිසාවෙන් හැමිල්ටන් ඇළ ආශ්‍රිතව සාම්ප්‍රධායික ධීවර කර්මාන්තයේ නියැලෙන්නගේ ආර්ථිකයටද සෘජු බලපෑම් එල්ල වන බවට ඔවුන් මැසිවිලි නගති.
තවද දිනකට මෙම මාර්ගය ඔස්සේ විශාල වාහන ප්‍රමාණයක් ගමනාන්තයේ යෙදෙන අතර, පොදු මගී බස් රථ ඉන් ප්‍රමුඛතාවයක් ගනී. ජනතාව පන් දහසකට ආසන්න ප්‍රමාණයක් නිතර ගමන් කරන මෙවැනි මාර්ගයක් දෙපසට නීති විරෝධිව සිදුකරනු ලබන කසළ බැහැර කිරීම හේතුවෙන් උග්‍ර පාරසරික ගැටළු රැසකට ජනතාවට මුහුණ පෑමට සිදුව තිබේ. කෙසේ නමුත් අදාල පාළාත් පාලන ආයතන දෙකහි සභාපතිවරුන්ගෙන් ගෙන් කළ විමසිමේදි ඔවුහු මෙසේ පැවසූහ
පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති අංජන සදරුවන් මහතා
“ මෙම මාර්ගයේ මගේ ප්‍රාදේශීය සභාවට අයිති සීමාව සතියකට වරක් පිරිසිදු කිරිම කරනවා . නමුත් කොතෙක් පිරිසිදු කරත් ජනතාව දිගින් දිගටම දෛනිකව කසල බැහැර කිරිම අපිට ගැටලුවක් වෙලා . අපි නැවත පිරිසිදු කිරිම කරන්න කටයුතු කරන්නම් .
කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති මොහොමඩ් ඉන්ෆාස් මහතා
“ මම ඉක්මනට මේ කටයුත්ත සභාවේ කතා කරලා තව දින කිපයකින් මේ මාර්ගය දෙපස පිරිසිදු කිරිම ආරම්භ කරන්නම් . මොකද මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් පරිසර ගැටලුවක් තිබුණ බව යැයි පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න උපන් මෝඩ මිනිස්සුන්ව කවදාවත් හදන්නට නම් බෑ. මෙන්න පරිසරයක හැටි. මේ විදිහට පරිසරය තිබුනොත්, නොයෙකුත් ලෙඩ රෝග වසංගත රටපුරා පැතිරේවි. ෞඛ්‍යය ගැන, පරිසරය ගැන, අබ මල් රේණුවක දැනීමක් තිබෙනවා නම්, මේ විදියට තැන තැන යන කුණු දමන්නේ නැහැ. එහෙත් කටින්නම් මේ රටේ මිනිසුන්, තමන් තරම් උගතුන්, තමන් තරම් හැදිච්ච, තමන් තරම් සංවර, තමන් තරම් දන්න, මිනිසුන් ලොව තවත් නැති බව තමයි හිතාගෙන ඉන්නේ... ඒ උනාට වැඩ නම් මෙහෙමයි.
කවදද අපි ඉගෙනගන්නේ.?
අනේ මිනිසුනේ ඇයි පරිසරයට මේ තරමට වින කරන්නේ.. වක්‍රාකාරව මෙය බලපාන්නේ අපිටමයි නේද.. අඩුම තරමින් අපේ දරු පරපුර ගැනවත් හිතලා මේ පරිසර පද්ධතීන් රැක ගනිමු.
ඡන්දදායකයෝ රාජපක්ෂවරු තෝරා ගත්හ. පාරිසරික ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා කළ යුතු වැඩ ගැන රාජපක්ෂවරු වෙන කිසිවෙකුට දොස් පැවරිය නොහැක. සංචාරක කර්මාන්තයට එය බලපානු ඇත.