IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අපද්‍රව්‍ය මුදා හැරීමෙන් මුන්දලම තෝඩුවාව කඩොලාන පද්ධතිය විනාශයි

 

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
නිවෙස් වලින් බැහැර කරන සියලුම කැලි කසළ මුන්දලම මදුරන්කුලිය තෝඩුවාව මාර්ගය දෙපස කඩොලාන සහිත පරිසරයට මුදා හැරිමෙන් පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව පරිසරවේදින් චෝදනා කරති .
 
මදුරන්කුලිය නගරයේ සිට තෝඩුවාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ඉපැරණි හැමිල්ටන් ඇළ ලෙස හැදින්වෙන   රමනීය ඇළ මාර්ගයද සම්පූර්ණයෙන් අපවිත්‍ර වන අයුරින් මෙම කැලි කසළ දැමිම කලක සිට සිදුවන බව පරිසරවේදින් චෝදනා කරයි .
 
කිලෝ මිටර් 13 කින් දිගින්යුත් මෙම මාර්ගය පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා දෙකකට අයත් නමුත් අදාල පළාත් පාලන දෙකම තම ආයතන වල නිසි අවධානය ලක් නොකිරිම කණගාටුවට කරුණුක් බව සදහන් කළ යුතුය .
 
 එම කැලි කසල තුළ රසායනික ද්‍රව්‍ය අඩංගු කොටස් මෙන්ම උපද්‍රවකාරි අපද්‍රව්‍ය සමග  සත්ව ඝාතකාගාර වලින් ඉවත් කරන  කුකුළන්, හරකුන් සතුන්ගේ  කොටස්ද විවෘත පරිසරයට මුදා හැර තිබිම පාරිසරික ගැටළුවක් සේම අධික දුගදක්ද සමග මැසි මදුරු කරදරයක් උග්‍ර වි ඇති බව කියයි.
 
 මෙලෙස පරිසරයට මුදා හැර ඇති දෑ අතර  ජංගම දුරකථන බැටරි, පරිගණක කොටස්, රූපවාහිණි කොටස්, බෙලෙක් තහඩු, විදුලි බුබුළු, වීදුරු කැබිලි ඇතුළු නොදිරන පොලිතීන් සහ ප්ලාස්ටික් වැනි කැඩී බිදී විනාශවූ සුන්බුන් කොටස්ය.
 
 මෙසේ ඉවක් බවක් නොතකමින් සිදුකරනු ලබන  කසළ බැහැර කිරීම හේතුවෙන් මේ වන විට ජෛව විවිධත්වට සෘජු බාධා එල්ලවෙමින් පවතී.
 
සුන්දරවූ කඩොලාන සම්පත සම්පූර්ණයෙන්ම මෙම අපද්‍රව්‍ය නිසාවෙන් වැනසී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.
 
 කඩොලාන ආශ්‍රිතව සිදුවන මත්ස්‍ය, කකුළුවන් ඇතුළු ඉස්සන්ගේ අභිජනන ක්‍රියාවලියට මහත් බලපෑමක් එක් කරමින්  මෙලෙස මුදාහරින රසායනික ද්‍රව්‍ය වල කොටස් කරදිය   සමග මුසුවීමෙන් පසු සිදුවන ප්‍රතික්‍රියා හේතුවෙන් මසුන්, සහ ඉස්සන් 
වදවීයාමේ තර්ජනයකට ලක් විමේ බරපතල අවධානමකට ලක්කර  ඇති බව පරිසරවේදින් තවත් අනාවැකි වලින් සදහන් කරයි .
 
මෙම හේතුව නිසාවෙන්  හැමිල්ටන් ඇළ ආශ්‍රිතව සාම්ප්‍රධායික ධීවර කර්මාන්තයේ නියැලෙන්නගේ ආර්ථිකයටද සෘජු බලපෑම් එල්ල වන බවට ඔවුන් මැසිවිලි නගති.
 
තවද දිනකට මෙම මාර්ගය ඔස්සේ විශාල වාහන ප්‍රමාණයක් ගමනාන්තයේ යෙදෙන අතර, පොදු මගී බස් රථ ඉන් ප්‍රමුඛතාවයක් ගනී.  ජනතාව පන් දහසකට ආසන්න ප්‍රමාණයක් නිතර ගමන් කරන මෙවැනි මාර්ගයක් දෙපසට නීති විරෝධිව සිදුකරනු ලබන කසළ බැහැර කිරීම හේතුවෙන් උග්‍ර පාරසරික ගැටළු රැසකට ජනතාවට මුහුණ පෑමට සිදුව තිබේ. කෙසේ නමුත් අදාල පාළාත් පාලන ආයතන දෙකහි සභාපතිවරුන්ගෙන් ගෙන් කළ විමසිමේදි ඔවුහු  මෙසේ පැවසූහ
 
පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති අංජන සදරුවන් මහතා
 
 
“ මෙම මාර්ගයේ මගේ ප්‍රාදේශීය සභාවට අයිති සීමාව සතියකට වරක් පිරිසිදු කිරිම කරනවා . නමුත් කොතෙක් පිරිසිදු කරත් ජනතාව දිගින් දිගටම දෛනිකව කසල බැහැර කිරිම අපිට ගැටලුවක් වෙලා . අපි නැවත පිරිසිදු කිරිම කරන්න කටයුතු කරන්නම් .
 
 
කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති  මොහොමඩ් ඉන්ෆාස් මහතා
 
 
“ මම ඉක්මනට මේ කටයුත්ත සභාවේ කතා කරලා තව දින කිපයකින් මේ මාර්ගය දෙපස පිරිසිදු කිරිම ආරම්භ කරන්නම් . මොකද මම දැනගෙන හිටියේ නැහැ මේ තරම් පරිසර ගැටලුවක් තිබුණ බව යැයි පැවසිය.
 



අදහස් (4)

අපද්‍රව්‍ය මුදා හැරීමෙන් මුන්දලම තෝඩුවාව කඩොලාන පද්ධතිය විනාශයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 23 August 2020 10:26 AM

මේ රටේ ඉන්න උපන් මෝඩ මිනිස්සුන්ව කවදාවත් හදන්නට නම් බෑ. මෙන්න පරිසරයක හැටි. මේ විදිහට පරිසරය තිබුනොත්, නොයෙකුත් ලෙඩ රෝග වසංගත රටපුරා පැතිරේවි. ෞඛ්‍යය ගැන, පරිසරය ගැන, අබ මල් රේණුවක දැනීමක් තිබෙනවා නම්, මේ විදියට තැන තැන යන කුණු දමන්නේ නැහැ. එහෙත් කටින්නම් මේ රටේ මිනිසුන්, තමන් තරම් උගතුන්, තමන් තරම් හැදිච්ච, තමන් තරම් සංවර, තමන් තරම් දන්න, මිනිසුන් ලොව තවත් නැති බව තමයි හිතාගෙන ඉන්නේ... ඒ උනාට වැඩ නම් මෙහෙමයි.

:       1       207

siri Sunday, 23 August 2020 10:37 AM

කවදද අපි ඉගෙනගන්නේ.?

:       0       3

Pradeep Sunday, 23 August 2020 11:47 AM

අනේ මිනිසුනේ ඇයි පරිසරයට මේ තරමට වින කරන්නේ.. වක්‍රාකාරව මෙය බලපාන්නේ අපිටමයි නේද.. අඩුම තරමින් අපේ දරු පරපුර ගැනවත් හිතලා මේ පරිසර පද්ධතීන් රැක ගනිමු.

:       0       13

Chandadasa Sunday, 23 August 2020 12:54 PM

ඡන්දදායකයෝ රාජපක්ෂවරු තෝරා ගත්හ. පාරිසරික ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා කළ යුතු වැඩ ගැන රාජපක්ෂවරු වෙන කිසිවෙකුට දොස් පැවරිය නොහැක. සංචාරක කර්මාන්තයට එය බලපානු ඇත.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site