
(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත නගර මධ්‍යයෙහි පිහිටි ශ්‍රී මුන්නේස්වරම් කෝවිලේ වාර්ෂික ගිනි පෑගීමේ චාරිත්‍රය ප්‍රධාන බැතිමතෙකු වන සරවනා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිදුකෙරිණි.
වෙනත් වර්ෂවලදී මෙම ගිනි පෑගීමේ අවස්ථාවට බැතිමතුන් 100කට අධික සංඛ්‍යාවක් එක් වන නමුත් මෙවර රට පුරා පවතින කොරෝනා අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් බැතිමතුන් තිදෙනෙකුට පමණක් ගිනි මැලය තරණය කිරීමට අවසර දී තිබූ බව කෝවිලේ පාලක මණ්ඩලය පැවසීය.
මෙම අවස්ථාව නැරඹීම සඳහා වෙනත් වර්ෂවලදී දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්වන නමුත් මෙවර නැරඹීමට ඉතා සීමිත පිරිසක් පමණක් ඊට සහභාගි වී සිටිනු දැක ගත හැකි විය.
හලාවත පොලිසිය මෙම අවස්ථාවේ ආරක්ෂාවට නිලධාරින් යොදවා තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉර මුදුන් වේගෙන එන නිසා මහපාරේ යන විටත් ගිනිපාගනවා වගේ වෙයි.