







(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25) සිට කටයුතු ආරම්භ කර තිබේ.
මුන්දලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රධාන මාර්ගයේ සුවිශේෂ කඩොලාන පරිසරයට ජනතාව කසල බැහැර කිරිම පිළිබඳව ලංකාදීප ‘සේයා රූ වැට‘ පසුගිය 23 දින වාර්තා කිරිමත් සමඟ අද(25) නිසි බළධාරින්ගේ අවධානයට එය ලක් විණි.
මේ පිළිබදව සොයා බලා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා බැලිමට එම ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා සමඟ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම් ශමිලා සුරංගී මාරසිංහ යන මහත්ම මහත්මින් මාධ්‍යට පවසා සිටියේ ජනතාවගේ නොහික්මුණු ආකල්ප තමන්ට වෙනස් කිරිමට නොහැකි වුවත් තම ආයතන වලින් සිදුවු අඩුපාඩුව සකසා මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි.
තොඩුවාව කඩොලාන පරිසරය පැරණි හැමිල්ටන් ඇළ පුත්තලම දිවෙන මාර්ගය දෙපස පිහිටා ඇති අතර මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසර රටාවක් ද වෙයි. මෙම කැලි කසල ඇතුළු නොදිරන දෑ හා අනිකුත් විනාශකාරි අපද්‍රව්‍ය ජනතාව බැහැර කිරිමත් සමඟ මේ පරිසර පද්ධතියෙන් ජීවිකාව සකසා ගන්නා ධීවරයින්ද ගැටලු රැසකට මුහුණ දි තිබේ .
කෙසේ වෙතත් පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා එකතුවෙන් දිගින් දිගටම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට අදාල බළධාරින් කඩිනම් අවධානය යොමු විම ඉතා වැදගත්ය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මාධ්‍ය සංදර්ශන... ඉස්සෙල්ලම කරන්න ඕනේ කසල බැහැර කිරීමට මිනිසුන්ට ක්‍රමවේදයක් හදලා දීමයි. දැන් මෙතනට දාන්න බැරි කුණු ටික වෙන කොතැනකට හරි දාන්න එපෑයෑ..
මේ සත් ක්‍රියාවට සම්බන්ධ වී කටයුතු කරන සියලුම දෙනාට ස්තුතියි. මාධ්‍ය තුළින් පෙන්නන කම් නොසිට තම ප්‍රදේශවල තිබෙන මෙවැනි දේ වලට කලට වේලාවට නිසි පිළියම් යොදා එම ප්‍රශ්න විසඳා පරිසරය රැකගැනීම සියලු පළාත් පාලන ආයතනවල වගකීමක්. රජයක් හැටියට මීට වඩා මේ ප්‍රශ්නය දෙස බලා වැරදි කරන්නන් හුරතල් නොකොට පරිසරයට මෙසේ කුණු දමා පරිසරය වනසන්නන් හට නිසි දඬුවම් නීති මගින් ලබාදීම කළ යුතුමයි. දඬුවම නැති තැන මේ රටේ මිනිසා කවදාවත් හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ. ඒ නිසා ඉක්මනින්ම පරිසරය වනසන්ට නිසි දඬුවම් නීති මගින් ලබා දිය යුතුමයි.