IMG-LOGO

පාර්ලිමේන්තු සැසියෙන් පසු පැවති තේ පැන් සංග්‍රහය

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

නව වන පාර්ලිමේන්තුවේ  ආරම්භක සැසියෙන් අනතුරුව ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පාර්ලිමේන්තු ප්‍රධාන භෝජනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැත්විණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන්, පැමිණ සිටි ආරාධිතයින් ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එයට පැමිණි නමුත් එහි රැඳී සිටියේ සුළු වේලාවකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූයේ නැත.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (21)

පාර්ලිමේන්තු සැසියෙන් පසු පැවති තේ පැන් සංග්‍රහය

nuwan Thursday, 20 August 2020 02:06 PM

අර බොරු කොන්ඩේ දාගෙන ඉන්න එක්කෙනා එක්ක සෙල්ෆි ගන්නේ පරිස්සමින්....

:       247       1240

RaveendraFriday, 21 August 2020 06:33 AM

එළිපිට ඇණ කොටාගත්තත් අප සැම... කන බොනවිට බඩ පිරෙනාවිට අපි ඔක්කොම එකට... ඒ බව හොඳින් යහමින් කියවේ දකිනාවිට පින්තූර... ඈ බොල "තිරිසනුනේ" ලැජ්ජා නැතුවද සැමට ...

:       0       181

Champa Thursday, 20 August 2020 03:01 PM

මේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න හැමෝම පුෂ්ටිමත්. නිරෝගී පාටයි. උසේ හැටියට හොඳට බරත් තියෙනවා. මන්දපෝෂණයෙන් පෙලෙන කවුරුවත් ඉන්න බවක් පෙනෙන්න නැහැ. ඒ හින්දා වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන "කෑම සහනාධාරය" අහෝසි කරලා, වෙළඳපොලේ තියෙන මිලට කෑම දෙන්න පටන් ගන්න ඕනේ. GHI 2017 දත්ත අනුව, අවුරුදු 5ට අඩු ලංකාවේ දරුවන්ගෙන් 21.4%කටම උසේ හැටියට නියමිත බර නැහැ. සහනාධාර ක්‍රමයට ආහාර ලැබෙන්න ඕනේ ශරීරය හොඳින් වැඩුණු නිරෝගී පෘෂ්ටිමත් දේශපාලකයින්ට නෙමෙයි, ශරීරය වර්ධනය වන වයසේ ඉන්න, උසේ හැටියට නියමිත ප්‍රමාණයට බර නැති දරුවන්ට...

:       4       3057

vinividaThursday, 20 August 2020 11:00 PM

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම ශ්‍රී ලංකා දේශපාලනයේ දැනට ඉතිරිව සිටින ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ කටයුතු කළ ප්‍රබල දේශපාලන චරිතයක් වූ රනිල් නොමැති පාර්ලිමේන්තුව ගුරුවරයා නොමැති පන්ති කාමරයක් වැනිය. මෙම පාර්ලිමේන්තුවේ සිටින කිසිවකු හෝ සියලු දෙනා එකටගත් තද පාර්ලිමේන්තුව තුළ මධ්‍යස්ථව කටයුතු කළ රනිල්ගේ දැනුමට සමකරන්නට කිසිවකු නොමැත. මෙම "තාවකාලික හිඩැස" පිරවිය හැකි කිසිවකු වර්තමාන පාර්ලිමේන්තුව තුළ සිටිනවාදෝ කියා සැක සහිතයි.

:       480       239

RaveendraFriday, 21 August 2020 06:23 AM

සහතික ඇත්ත.. ඔබගේ අදහස් 200%ක් නිවැරදිය. පිනට ඉතාමත්ම අඩුමුදලක් අයකර ලබාදෙන අධිපෝෂ්‍යදායි ආහාර ගිලදමනවිට මනුස්සකම, ලැජ්ජාව, හැදියාව යන වැදගත් ගති පැවතුම් තමන් උපන් පරිසරයෙන්ම ජීවිතයට එකතුකරගත් පුරවැසියන් මෙසේ පිනට බඩවල් පුරවා නොගන්න්නා බව ස්ථිරයි.. මක්නිසාදයත් එවන් මිනිසුන් සැමවිටම අනේ මේ අප පිනට ගිලදමන්නේ රටේ "අහිංසක, දුප්පත් මහජනතාවගේ රීරිමාංශ" නොවේද යන සිතුවිල්ල තම සිත්වලට නිරායාශයෙන්ම එන බැවිනි.. මෙම අදහස් අලුත් මෙන්ම පරණ පිං මාමලාට, නැන්දලාට කියවීමට හැකි වේවා..!!!

:       3       193

samanFriday, 21 August 2020 02:23 PM

විනිවිද - රනිල් ඔය තත්වයට පත්වුණේ ඔහුගේ තිබු මාන්නය නිසයි.

:       0       58

Sanath Kandy Thursday, 20 August 2020 06:56 PM

පවුල් පිටින්ම ඇවිත් ඉන්නේ... ජනාධිපති කිව්වේ සරල උත්සවයක් තියන්න කියලා නේද?

:       2       80

විජේ Friday, 21 August 2020 12:48 AM

කති, බොති, ප්‍රීති වෙති.

:       1       46

anuraFriday, 21 August 2020 12:28 PM

ඡන්දය දුන් අය හිඟා කති.

:       0       53

lakvidu Friday, 21 August 2020 04:06 AM

හොරු සමග හෙළුවෙන්!!! තමයි

:       53       89

rihan Friday, 21 August 2020 04:33 AM

‘‘හැමට පෙර රට‘‘ යන තේමාව යටතේ සියලුම මන්ත්‍රීන්ට රට වෙනුවෙන් යමක් කිරීමට භාග්‍යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.

:       102       62

Anura Friday, 21 August 2020 05:05 AM

රංජන් අයියා නම් දැන්ම ඉඳලම තෝරගෙන වගේ...

:       0       58

වාසනා බැලුම්ගල Friday, 21 August 2020 05:39 AM

කෑම ඕඩරේ හිල්ටන් එකෙන්ලු...

:       1       19

Rata Perata Friday, 21 August 2020 06:11 AM

ඡන්ද කාලේ මුහුණවල් වල තිබුණු කිසි කැක්කුමක් දැන් නැහැ වගේ... මේ ඔක්කොම පුදුම විදියට අපිව අන්දන්නේ... ඡන්දෙ දුන්නු බයියන්ගේ වරද... මිනීමරුවොත් ඉන්නවනේ...

:       31       51

kamal Friday, 21 August 2020 06:17 AM

මේ ඔක්කොගේම ලේවල සීනි තත්වේ එහෙම කොහොමද දන්නේ නැහැ.

:       24       11

Nuwan Friday, 21 August 2020 06:38 AM

නිල්, කොළ, රතු පොහොට්ටු කියාගෙන මිනිස්සු එක එකා මරාගන්නවා. නමුත් ඒ අයගේ මහ අය කකා බිබී හිනා වෙවී ඉන්නවා. මෝඩ මිනිස්සු කවදා මේක තේරුම් ගනීද?

:       1       48

athulaFriday, 21 August 2020 07:40 AM

එතන රතු කවුරුවත් නැහැ.

:       4       53

NuwanFriday, 21 August 2020 08:30 AM

හිටපු කාලේ අමතක වුණාද ඔච්චර ඉක්මණට...?

:       39       30

සෑම් Friday, 21 August 2020 09:11 AM

පහුගිය කාලේ රට කාපු අය සමග ඉදිරි අවුරුදු 5ත් රට කන්න රටේ ඉන්න බහුතර මෝඩ ජනතාව තෝරාපත් කර එවපු තක්කඩි රැල. ඔතන හොඳයි කියන්න පුළුවන් එකෙක් නැහැ...

:       16       319

Demuni Uduwara Friday, 21 August 2020 12:20 PM

හිස් මිනිසුන් බස් දොඩවන බොජුන් මේස දෙස බලාසිටිමි.

:       0       15

බද්රානි Friday, 21 August 2020 02:04 PM

පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කඳ බඩ ගැන ඉරිසියා කරලා වැඩක් නැහැ. හොඳට කාලා ඇඳලා ඉන්නත් පිනක් තියෙන්න ඕනෑ. මොනවා වුණත් ඔය ලොකු මිනිස්සු ළඟ තියන නිහතමානීකම නැහැ... ඒ අයට ආවඩන අයගේ නම්... මට නම් ඔය දේශපාලකයින්ව ලොකු නැහැ කවදාවත්. සමහරක් හතර ගාතෙන් වැටිලා වැඳ නමස්කාරත් කරනවා. බලන්නත් අප්‍රසන්නයි. අපි හම්බකරන මුදලින් කාලා, ඇඳලා ජීවත් වෙනවා. ආණ්ඩුවලින් ලැබෙන සහනාධාරවත්, ආධාර උපකාරවත් මොකටද, අතපය හයිය ඇති තියන කොට...

:       7       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 664 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1066 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site