
















(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
නව වන පාර්ලිමේන්තුවේ ආරම්භක සැසියෙන් අනතුරුව ජනාධිපතිවරයා , අගමැතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පාර්ලිමේන්තු ප්‍රධාන භෝජනාගාරයේදී අද (20) පස්වරුවේ පැවැත්විණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන්, පැමිණ සිටි ආරාධිතයින් ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට එක්ව සිටියහ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු එයට පැමිණි නමුත් එහි රැඳී සිටියේ සුළු වේලාවකි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් මෙයට සහභාගී වූයේ නැත.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර බොරු කොන්ඩේ දාගෙන ඉන්න එක්කෙනා එක්ක සෙල්ෆි ගන්නේ පරිස්සමින්....
මේ පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න හැමෝම පුෂ්ටිමත්. නිරෝගී පාටයි. උසේ හැටියට හොඳට බරත් තියෙනවා. මන්දපෝෂණයෙන් පෙලෙන කවුරුවත් ඉන්න බවක් පෙනෙන්න නැහැ. ඒ හින්දා වහාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන "කෑම සහනාධාරය" අහෝසි කරලා, වෙළඳපොලේ තියෙන මිලට කෑම දෙන්න පටන් ගන්න ඕනේ. GHI 2017 දත්ත අනුව, අවුරුදු 5ට අඩු ලංකාවේ දරුවන්ගෙන් 21.4%කටම උසේ හැටියට නියමිත බර නැහැ. සහනාධාර ක්‍රමයට ආහාර ලැබෙන්න ඕනේ ශරීරය හොඳින් වැඩුණු නිරෝගී පෘෂ්ටිමත් දේශපාලකයින්ට නෙමෙයි, ශරීරය වර්ධනය වන වයසේ ඉන්න, උසේ හැටියට නියමිත ප්‍රමාණයට බර නැති දරුවන්ට...
පවුල් පිටින්ම ඇවිත් ඉන්නේ... ජනාධිපති කිව්වේ සරල උත්සවයක් තියන්න කියලා නේද?
කති, බොති, ප්‍රීති වෙති.
හොරු සමග හෙළුවෙන්!!! තමයි
‘‘හැමට පෙර රට‘‘ යන තේමාව යටතේ සියලුම මන්ත්‍රීන්ට රට වෙනුවෙන් යමක් කිරීමට භාග්‍යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
රංජන් අයියා නම් දැන්ම ඉඳලම තෝරගෙන වගේ...
කෑම ඕඩරේ හිල්ටන් එකෙන්ලු...
ඡන්ද කාලේ මුහුණවල් වල තිබුණු කිසි කැක්කුමක් දැන් නැහැ වගේ... මේ ඔක්කොම පුදුම විදියට අපිව අන්දන්නේ... ඡන්දෙ දුන්නු බයියන්ගේ වරද... මිනීමරුවොත් ඉන්නවනේ...
මේ ඔක්කොගේම ලේවල සීනි තත්වේ එහෙම කොහොමද දන්නේ නැහැ.
නිල්, කොළ, රතු පොහොට්ටු කියාගෙන මිනිස්සු එක එකා මරාගන්නවා. නමුත් ඒ අයගේ මහ අය කකා බිබී හිනා වෙවී ඉන්නවා. මෝඩ මිනිස්සු කවදා මේක තේරුම් ගනීද?
පහුගිය කාලේ රට කාපු අය සමග ඉදිරි අවුරුදු 5ත් රට කන්න රටේ ඉන්න බහුතර මෝඩ ජනතාව තෝරාපත් කර එවපු තක්කඩි රැල. ඔතන හොඳයි කියන්න පුළුවන් එකෙක් නැහැ...
හිස් මිනිසුන් බස් දොඩවන බොජුන් මේස දෙස බලාසිටිමි.
පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කඳ බඩ ගැන ඉරිසියා කරලා වැඩක් නැහැ. හොඳට කාලා ඇඳලා ඉන්නත් පිනක් තියෙන්න ඕනෑ. මොනවා වුණත් ඔය ලොකු මිනිස්සු ළඟ තියන නිහතමානීකම නැහැ... ඒ අයට ආවඩන අයගේ නම්... මට නම් ඔය දේශපාලකයින්ව ලොකු නැහැ කවදාවත්. සමහරක් හතර ගාතෙන් වැටිලා වැඳ නමස්කාරත් කරනවා. බලන්නත් අප්‍රසන්නයි. අපි හම්බකරන මුදලින් කාලා, ඇඳලා ජීවත් වෙනවා. ආණ්ඩුවලින් ලැබෙන සහනාධාරවත්, ආධාර උපකාරවත් මොකටද, අතපය හයිය ඇති තියන කොට...