(ශාන්ත චන්ද්‍රසිරි)
ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ 107 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (30) පැවැත්විණි.
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැරණි පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දක්වා මල්මාල පලන්දවා මෙසේ උපහාර දැක්වීය.
ලංකා කම්කරු සම්මේලන මුලස්ථානය වන සෞම්‍ය භවන්හීදි සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ පැරණි ලිපි ලේඛන ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්විණි
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන්, ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් යන මහත්වරුන් ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කම්කරු කොංග්‍රස් නිර්මාතෘගේ ජන්ම දිනය සමරති