IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යතුරුපැදි අලෙවි නියෝජිතයෝ පාරට බසිති

( ජයමාල් චන්ද්‍රසිරි)
 
සමස්ථ ලංකා යතුරුපැදි අලෙවි නියෝයෝජිතවරුන්ගේ සංගමයේ පිරිසක්   අද (02) කොළඹදී උද්ඝෝෂණයක  නිරත වූහ.

දහස් ගණන්  රැකියා අනතුරේ , ව්‍යාපාරය ගොඩනංවන්න යතුරුපැදි ගෙන්වීමට ඉඩ දෙන්න . ආදී  ලෙස හා තවත්    ඉල්ලීම් කිහිපයක්  පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින්   සටන් පාඨ බැනර් ප්‍රදර්ශනය කරමින්  ඔවුහු කොළඹ කොටුවේ උද්ඝෝෂණය වෙනුවෙන් වෙන්  කර ඇති කලාපයේ හිඳ උද්ඝෝෂණය කළහ.



අදහස් (9)

යතුරුපැදි අලෙවි නියෝජිතයෝ පාරට බසිති

Bamunuarachchi Wednesday, 02 September 2020 11:30 AM

අපෝ යතුරු පැදි ඕනෑවටත් වඩා වැඩියි. මොවුන් පදික වේදිකාවෙත් යනවා. ගෙන්වීම අවුරුදු 20 ක් නවතා දමන්න.

:       137       201

ranilWednesday, 02 September 2020 01:20 PM

අන්කල්, ඔයාගේ කාලේ ඉවරයි කියලා මේ තරුණයින් පලි නෑ.. ඒ අයට ජීවත් වෙන්න ඕනේ... රටේ පාරවල් හෑදුවේ නෑ කියලා මේ අය පලි නෑ.. ඉස්සර වගේ නෙමෙයි. දෑන් කාලේ මිනිස්සුන්ට යන්න.., එන්න වාහන ඕනේ.. ඔයා හර්ස් එකක් බුක්කර ගන්න.

:       253       67

BamunuarachchiThursday, 03 September 2020 07:51 AM

මේ හාදයෝ නිසා අපිට කාර් එකක්වත් එළවාගන්න බැහැ. හැප්පිලා වැටුණු කෙනෙක් ගැන බලන්නේවත් නැතුව මම යනවා. දෙසැරයක් මොවුන් මගේ කාර්එකේ පිටිපස්ස බෆර් එක කැඩුවා.. ඒ වෙලාවට හතරට, පහට නැමෙනවා. ත්‍රීවීලර්, මෝටර් සයිකල් පාරෙන් ඉවත් කරන්න ඕනේ.

:       0       0

Mahesh Wednesday, 02 September 2020 11:30 AM

වෙනත් ව්‍යාපාරවලට පිවිසෙන්න ඕනෑ. ඕක කරේ නෑ කියලා මිනිස්සු මැරෙන්නේ නෑනේ...

:       30       252

ranaThursday, 03 September 2020 05:54 AM

ඔව් නෙ , අද ඉල්ලුම ඩොසර් , ගෙන්වමු ඩොසර්

:       0       0

isurandi Wednesday, 02 September 2020 12:11 PM

ඉහළ ප්‍රමිතියෙන් යතුරු පැදි ලංකාවේ නිපදවන්න බැරිද?

:       4       163

AmalThursday, 03 September 2020 03:13 AM

බෑ. ඊටත් වඩා සරල නිෂ්පාදනයකට අපි හවුල් ව්‍යාපාරයක් BOI යටතේ කරන්න සැලසුම් හදලා අවසර ඉල්ලුවා 2010 දී. BOI එකටයි, ඇමැතිතුමාටයි පළාතේ මන්ත්‍රී ඇතුළු දේශපාලකයින්ටයි ඉල්ලන ගාණ දුන්නාට පස්සේ ලාභයක් ඉතුරු වන්නේ නැහැ. ඒක එහෙමම ලොප් වුණා.

:       0       6

සිරා Wednesday, 02 September 2020 12:52 PM

මෙහෙම ගියොත් කවදාවත් දේශීය ආර්ථික හදනවා බොරු.. මෙහෙම පිස්සුවෙන් වගේ වාහන බයික් ප්ලාස්ටික් ලංකාවට ගෙන්නලා ගෙන්නලා ගොඩගහලා තියෙන්නේ... අනික මිනිස්සුන්ට සල්ලි කොහෙද අද වාහන ගන්න. බොහොම අමාරුවෙන් හැමෝම ජීවත් වෙන්නේ. දැන්වත් පිටරටින් ගෙන්නලා විකුණන බිස්නස් නැතුව වෙන දේකට මාරුවෙන්න බලන්න. අනික බයික් වැඩිපුර ගේන්නේ ඉන්දියාවෙන්. උපරිම අවුරුදු 5 හොඳට දුවන්නේ.. ඉස්සර අාව ජපන් GN, Bentley,125 වගේ ඒවාට කිට්ටු කරන්නත් බෑ.

:       2       249

Bamunuarachchi Thursday, 03 September 2020 08:00 AM

මෝටර් සයිකලයක් ගන්න කෙනෙකුට මිනී පෙට්ටියක් නොමිලේ සපයන ආයතනයක් තිබෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site