


( ජයමාල් චන්ද්‍රසිරි)
සමස්ථ ලංකා යතුරුපැදි අලෙවි නියෝයෝජිතවරුන්ගේ සංගමයේ පිරිසක් අද (02) කොළඹදී උද්ඝෝෂණයක නිරත වූහ.
දහස් ගණන් රැකියා අනතුරේ , ව්‍යාපාරය ගොඩනංවන්න යතුරුපැදි ගෙන්වීමට ඉඩ දෙන්න . ආදී ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් පිළිබඳ යෝජනා ඉදිරිපත් කරමින් සටන් පාඨ බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුහු කොළඹ කොටුවේ උද්ඝෝෂණය වෙනුවෙන් වෙන් කර ඇති කලාපයේ හිඳ උද්ඝෝෂණය කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ යතුරු පැදි ඕනෑවටත් වඩා වැඩියි. මොවුන් පදික වේදිකාවෙත් යනවා. ගෙන්වීම අවුරුදු 20 ක් නවතා දමන්න.
වෙනත් ව්‍යාපාරවලට පිවිසෙන්න ඕනෑ. ඕක කරේ නෑ කියලා මිනිස්සු මැරෙන්නේ නෑනේ...
ඉහළ ප්‍රමිතියෙන් යතුරු පැදි ලංකාවේ නිපදවන්න බැරිද?
මෙහෙම ගියොත් කවදාවත් දේශීය ආර්ථික හදනවා බොරු.. මෙහෙම පිස්සුවෙන් වගේ වාහන බයික් ප්ලාස්ටික් ලංකාවට ගෙන්නලා ගෙන්නලා ගොඩගහලා තියෙන්නේ... අනික මිනිස්සුන්ට සල්ලි කොහෙද අද වාහන ගන්න. බොහොම අමාරුවෙන් හැමෝම ජීවත් වෙන්නේ. දැන්වත් පිටරටින් ගෙන්නලා විකුණන බිස්නස් නැතුව වෙන දේකට මාරුවෙන්න බලන්න. අනික බයික් වැඩිපුර ගේන්නේ ඉන්දියාවෙන්. උපරිම අවුරුදු 5 හොඳට දුවන්නේ.. ඉස්සර අාව ජපන් GN, Bentley,125 වගේ ඒවාට කිට්ටු කරන්නත් බෑ.
මෝටර් සයිකලයක් ගන්න කෙනෙකුට මිනී පෙට්ටියක් නොමිලේ සපයන ආයතනයක් තිබෙනවා.