




(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහ දේවාලයේ වාර්ෂික නිකිණි පූජා මහෝත්සවයේ ගිනි පෑගීමේ මංගල්‍ය සෞඛ්‍ය නීති රීති වලට යටත්ව අද (27) පස්වරුවේ පැවැත්විණි.
වෙනත් වර්ෂවල දී දහසකට ආසන්න බැතිමතුන් පිරිසක් මෙහිදි ගිනි පාගන නමුත් කොරෝනා වයිරසය සමඟ ඇති අවදානම හේතුවෙන් මෙවර ගිනි පෑගිමට එක්වුයේ දේවාලයේ ප්‍රධන කපු මහතා පමණි.
වෙනත් කිසිඳු අයෙකුට මෙවර ගිනි පෑගීම සඳහා එක්වීමට අවස්ථාව සලසා දී නොතිබුණි.
මෙවර මෙම අවස්ථාව නැරඹීමට පැමිණි බැතිමතුන් සංඛ්‍යාවේද විශාල අඩුවක් දැක ගත හැකි විය.
මේ මස 31 වන දින දහවල් ප්‍රධාන රථ පෙරහැර සිදු කරණු ලබන අතර සැප්තැම්බර් මස 1 වැනි දින දහවල් 12 ට හලාවත දැදුරු ඔයේ දී දිය කැපීමේ චාරිත්‍රය සෞඛ්‍ය නීති රීතිවලට යටත්ව පවත්වන බව දේවාලයේ ප්‍රධාන පුජක බ්‍රහ්මසාරි ශ්‍රී පත්මනාභ කුරක්කල්වරයා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙවත් තියන ගින්දරත් පාගාගෙන හැමදාම ගින්දරේම තමයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ... මෙවැනි දේවල් කිසිම ආගම දහමකට අයත් දේවල් නොවෙයි. නුගත් ගෝත්‍රික සමාජයන් විසින් කරන සාම්ප්‍රදායික චාරිත්‍ර. නූගත් මෝඩයින් තමයි මෙවැනි තැන්වලට ගිහින් අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරගෙන මොලේ කුරුවල් කර ගන්නේ... ඒ මෝඩයින්ට නම්, මොනවා කරත් මට කමක් නැහැ. අර අහිංසක සතුන්ගේ බෙලි කපන්නේ නැතිව...