
(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
ලොවපුරා පැතිරීගිය කොරෝනා වසන්ගතය මෙරටින් තුරන්කර දෙන ලෙස නවගමුව දේවාලයේ පත්තිනි මෑණියන්ට මාකඳුර ප්‍රදේශවාසීන් විසින් වූ බාරයක් ඔප්පුකරමින් කිරි අම්මාවරු 100 දෙනෙකු උදෙසා පවත්වන ලද දානමය පිංකම අද (29) අඵයම කජුවත්ත ක්‍රීඩාංගණයේදී සිදුකරනු ලැබීය.
මෙයට සමගාමීව මාකඳුර ශ්‍රී සරණන්කරාරාම විහාරවාසී මඩුගල්ලේ මහානාහිමියෝ ඊයේ (28) රාත්‍රී ධර්ම දේශනා පිංකමක්ද පැවැත්වූහ.
ලිවේනී මහනාම මහත්මියගේ මැදිහත්වීම මත මාකඳුර ග්‍රාමසේවා වසම් දෙකෙහි ජනතාවගේ මූල්‍යමය හා ශ්‍රම දායකත්වය ඇතිව සංවිධානය කළ මෙම කිරි අම්මාවරුන්ගේ දානය පොඩිමැණිකේ සහ විමලාවතී කිරි අම්මාවරුන් දෙපළ විසින් මෙහෙයවනු ලැබීය.
මෙම අවස්ථාවට නැදලගමුව රාහුල කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. සමරරත්න මහතාද, ඉහළ මාකඳුර වසමේ ග්‍රාමනිලධාරි නිශා ලක්ෂිකා මහත්මිය ඇතුඵ ප්‍රදේශවාසිහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් බුදුදහමේ නැහැ. මෙය සම්පූර්ණ ව්‍යාපාරයකි...
මම අහන්නේ, බුදුහාමුදුරුවොත් ලෙඩට දුකට බෙහෙත් ගත්තේ පත්තිනි මෑණියන්ට පින්කම් කරලද? දේවාල ගානේ වැඩම කළ බුදුවරයෙක් ගැන මම නම් අහලා නැහැ. සිංහල බෞද්ධයින් කියලා කියා ගත්තට, මේ නම් තනිකරම ජෛන ආගමිකයෝ, නිගන්ඨයෝ රට පුරාම වැහි වැහැලා. බුදුහාමුදුරුවෝ එදා දේශනා කලෙත් මේ ජෛනයින්ගේ පුහු සම්ප්‍රදායන්ට එරෙහිවයි. ඇත්තටම අපේ රටේ අඥාන මිනිස්සු ඒ අය කරන්නේ කුමක්ද කියලාවත් හැඟීමක් නැතිවයි වැඩ කරන්නේ. තමන් අනුගමනය කරන දර්ශනයට හෝ අදහන ධර්මයට තනිකරම පටහැනි ක්‍රියාවන් තමයි කරන්නේ... මෙහෙම සමාජයකට ඉතින් පැවැත්මක් තියෙයිද?
මුඛවාඩම් වානා.. කොරෝනා ඕනා..
අපේ දේ අපේකම දේශීය දෙව්වරු... අපේ දේශීය දෙව්වරුට රටේ මුල්නැන දෙනතුරු රටේ දියුණුවක් නැත..
සාධු සාධු සාධු..!!!
අතීතයේ පැවති විවිධ විශ්වාස, ඇදහිලි සහ භාවිතයන් අපේ සිංහලයන් අදටත් ආරක්ෂා කරගෙන එන එක ඉහළින්ම අගය කරනවා. බුදුදහම හා සම්බන්ධ එකම දේවතාවිය පත්තිනි... පත්තිනි කියන්නේ දකුණු ඉන්දියානු නමක් නෙමෙයි. සිංහල නමක්. තේරුම පතිනිය, කාන්තාව, මව කියන එක. ඉන්දියානුවන් අදහන්නේ කන්නගි අම්මාන් මිසක් පත්තිනි නෙමෙයි. මේ විශ්වාස දෙක එකක් නෙමෙයි දෙකක්. ඒ හා සම්බන්ධ පුදපූජා වල වෙනස බලපුවාම ඒ බව පැහැදිලිවම පේනවා. බෞද්ධයන් සහ සහල් අතර විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒකයි බෞද්ධයින් තමන්ගේ මුල්ම අස්වැන්න "අලුත් සහල් මංගල්‍යය" කියලා උත්සවාකාරයෙන් පවත්වන්නේ... මේ උත්සව ජාතියක අනන්‍යතාවය රකින සංස්කෘතික ලක්ෂණ... පත්තිනි සංකේතවත් කරන්නේ සිංහල බෞද්ධ මාතාව. කිරිදානය කියන්නේ ඒකයි. අපේ සිංහල මහාසෙන් දෙවියන්, මුරුගන් දෙවියන් වුණා වගේ, පහුකාලෙක පත්තිනි මෑණියන්ට වෙනත් පූජාක්‍රම එකතු වුණත්, කිරි අම්මා දානයේ හරය කවදාවත් වෙනස් වුනේ නැහැ. අතීත ලංකාවේ කාන්තාවට ඉහළ ස්ථානයක් තිබුණා. මුල්ම ස්ථූප සහ ලෙන් විහාරවල දොරටු වල ආරක්ෂකයන් විදිහට, දේව ස්වරූපයෙන් අඹලා තියෙන්නේ යක්ඛ සහ යක්ඛණී රූප... කාන්තාව සැලකුවේත් බුදුදහමේ ආරක්ෂකයෙක් විදිහට...