
(රොමේෂ් මධුෂංඛ)
හසලක කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවාගේ 29 වැනි ගුණානුස්මරණ උත්සවය කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අලිමංකඩ යුද හමුදා කඳවුරේ දී පැවැත්විණි.
මෙම අනුස්මරණ උළෙල, 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණය මත සහ 662 බළසේනාධිපති බ්‍රිගේඩියර් පතිරවිතාණ යන අයගේ මෙහෙයවීම අනුව සංවිධානය කර තිබිණි.
සෑම ජූලි මසකම 13 වැනිදා පවත්වන්නට යෙදුණු, හසලක ගාමිණි රණවිරුවාගේ ගුණ සැමරුම මේ වසරේදී ශ්‍රී ලංකාවට බලපෑ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර පැවත්වීමට නොහැකි විය. එබැවින් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එය අගෝස්තු මාසයේදී පැවත්වීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන තිබුණි.
මෙම අවස්ථාවේදී, අලිමංකඩ ඉදිකර ඇති හසලක කෝප්‍රල් ගාමිණි කුලරත්න පිළිරුවට පැමිණ සිටි පිරිස පුෂ්පෝපහාර දක්වා ගුණානුස්මරණ කරන ලදී.
අලිමංකඩ ඉදිරි ආරක්‍ෂක වළල්ල කඩාදමමින්, යුද හමුදා කඳවුර දෙසට පැමිණි ත්‍රස්තවාදීන්ගේ යුද්ධ ටැංකියකට බෝම්බ සහිතව පැන වැදී, එය විනාශ කරමින් ත්‍රස්තවාදීන්ගේ ප්‍රයත්නය වැළැක්වීමට 1991 ජූලි 13 වැනිදා හසලක ගාමිණී රණවිරුවා දිවි පුදමින් කටයුතු කළේය.
මේ හේතුවෙන් අලිමංකඩ කඳවුරේ රාජකාරියේ නියුතු අනෙකුත් සහෝදර සෙබළුන්ගේ ජීවිත දහස් ගණනක් බේරාගැනීමට හැකි විය. ඔහු කළ එම මෙහෙවර වෙනුවෙන්, අලිමංකඩදී පිළිරුවක් ඉදිකර ඇති අතර, විනාශ වූ එම යුද ටැංකියද ප්‍රදර්ශනයට තබා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ. අපේ රණවිරුවෝ මේ කරපු කැපකිරීම් ඔක්කොම වතුරේ යනවා එක එම්සීසී ගිවිසුමෙන්... වහල් ආණ්ඩුව එට්කා අත්සන් නොකර එකේ තිබ්බ කොන්දේසි ක්‍රියාත්මක කළා වගේ යූ.ටර්න් ආණ්ඩුවත් කොන්දේසිවල හැටියට ඇමරිකානුවන්ට රටේ වටිනාම ඉඩම් ටික දෙනවා. ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ඉඳන් තිබ්බ එකඟතාවයක්... ඊළඟට විදේශිකයන් සිංහල පරයින් අල්ලාගෙන ඔවුන් නමින් ඉඩම් අරන් පස්සේ තමන් නමට හරවා ගන්නත් ඉඩ තියෙනවා. හරියට කොටින්ට සල්ලි දුන්නු කතාව වගේ. එහෙම දීපු එක සිංහල කොටියෙක් අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලැයිස්තුවෙන්. අනිත් සිංහල කොටියා එන්න හදනවලු 19 අහෝසි කරගෙන. දෙමළ කොටින්ට අල්ලා ගන්න බැරි වුණු අනුරාධපුරය ඇමරිකානුවන්ට බන්දේසියේ තියලා දෙන්නේ මේ වගේ සිංහල කොටි. පාවාදීමේ දශකය... හැබැයි අර ඉඩම් ඇමති දිනුවේ නැහැ. මනාප ඔක්කොම හොරට. තව ඒ වගේ අය ඉන්නවා...
විරුවාණෙනි, ඔබට නිවන් සුව!!!
විරුවනි, ඔබලාගේ නම් ලංකා මාතාවගේ හදවතේ රන්අකුරින් ලියවී ඇත. ඔබලාගේ ජීවිත පරිත්‍යාගයෙන් ලබාදුන් ඒ නිදහස අප අසීමිත ලෙස භුක්තිවිඳිමින් රටේ ආරක්ෂාව දියුණුව වෙනුවට එකිනෙකාට දොස් පවරමින් ඇනකොටා ගනිමින් මම සුදනා, මම තොත්ත බබා, මම දන්නේ නැහැ කියමින් අනිකා සම්පූර්ණයෙන් වැරදියි යන පහත් තත්වයට වැටී ඇති බව කණගාටුවකි. හොඳම උදාහරණය පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉදිරියේ පැමිණ සාක්කි දෙන සමහර නිවට නිලධාරින්ය..
ශ්‍රේෂ්ඨ වීරයෙක්... නිවන් සුව අත්වේවා...!!! විශේෂයෙන් සිංහලයන්ගේ හදවත් තුළ ඔබේ නම ලියැවී ඇත. ඔබගේ සේවයට මාගේ හදපිරි ආචාරය...
පළවෙනි පේළිය කියවලා ඉතුරු පේලි මඟ ඇරලා උත්තර ලියන්න එපා. දෙවෙනි පේලිය කියවන්න. එතකොට තේරෙයි වැඩක් නැහැ කිව්වේ මොකක්ද කියලා. මම කොතනද කියලා තියෙන්නේ "හසලක ගාමිණී වැනි පුද්ගලයන් වීරයන් විදිහට සලකලා ගුණානුස්මරණය කරන එක වැදගත් නැහැ" කියලා? මම නොකියපු ඒවා මට පටවන්න එපා. වහල් ආණ්ඩුව අත්සන් කරන්න හදන කොට එදා මම විරුද්ධ වෙච්ච එම්සීසී ගිවිසුම, රාජපක්ෂ ආණ්ඩුව අත්සන් කරන කොට මට හොඳක් වෙන්නේ නැහැ. මගේ වචන මම වෙනස් කරන්නේ නැහැ. එදා විරුද්ධ වෙච්ච ගිවිසුමට අදත් විරුද්ධයි. උඩරට ගිවිසුමේ ඉඳන් මේ රට පාවාදුන්නේ සිංහලයෝමයි. ඔවුන්ව අනිවාර්යයෙන්ම හෙලා දැකිය යුතුයි. සිංහල කිව්වට, නියම සිංහලයෙක් නම් සිංහලකම තියෙන්නේ ලේවල. සිංහලකම ලේවල තියෙන සිංහලුන් කවදාවත් රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරනවා තියා හිතන්නෙවත් නැහැ. විජය හොරාගෙන් පැවතෙන සිංහලුන්ට මේ රට තමන්ගේ රට වගේ දැනෙන්නේ නැහැ. ඒ හින්දා ඕනේ පාවාදීමක් කරන්න පුළුවන්. අපේ සිංහල රජවරුන්ගේ, අපේ මුතුන් මිත්තන්ගේ පටන් හසලක ගාමිණීලා දක්වා එදා පරදේසක්කාරයින්ගෙන්ද, මෙදා ත්‍රස්තවාදීන්ගෙන්ද මේ රට ආරක්ෂා කරගන්න පූජා කළ කිසිම ජීවිතයකින් වැඩක් නැති වෙනවා එම්සීසී අත්සන් කළ දවසට...
ඔබ උඩින් පළකල අදහසේ ආරම්භක වචන දෙක කියන්නේ “වැඩක් නැහැ” කියලා. ඔබගේ ප්‍රකාශයේ තියෙන්නේ ඉස්සරහට මෙහෙම විය හැකි නිසා මෙසේ සැමරීම නිෂ්ඵලයි කියලා.. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්.. තමාගේ ජීවිතයෙන් දහසක් පවුල් වල පුතාලා, අයියලා, මල්ලීලා, ස්වාමිපුරුෂයින් බේරාගත් විරුවාගේ සැමරුමට වැඩක් නැහැ කීමට ඒවා කිසිසේත් අදාල නෑ. ඔබ එක තැනක විජය හොරාගෙන් පැවතෙන සිංහලුන් වශයෙන් එක් පුරවැසියන් කොටසක් වෙන්කරනවා. ඔබගේ එම ප්‍රකාශය සනාථ කිරීමට සාධක මොනවාද? එවැනි සිංහලුන් හඳුනාගැනීමට ඔබ යොදාගන්නා යාන්ත්‍රණය කුමක්ද?
රටට මෙවැනි විරුවන් වාසනාවක්. නිවන්සුව පතමි.