
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය අද (2) ට යෙදී තිබූ අතර මෙවර එම සැමරුම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබිණි.
ඒ අනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශීර්වාද බෝධි පූජා පිංකමක් පක්‍ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.
ඊට සමගාමීව වැල්ලවත්ත විෂ්ණු කෝවිලේ දී හින්දු ආගමික වතාවත්, දවටගහ මුස්ලිම් දේවස්ථානයේ දී ඉස්ලාම් ආගමික දේවමෙහෙයක්, හා කොම්පඤ්ඤවීදිය ජේසු බිළින්දාගේ දේවස්ථානයේදී කතෝලික දේව මෙහෙයක් ද සංවිධානය කර තිබිණි.
පක්‍ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පක්ෂ ප්‍රධානීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්‍ෂ නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය තරම් ලැජ්ජා නැති ඡන්ද පෙරේතයන් ටිකක්.. මොවුන්ගේ ළඟ තියෙන ඒවා හරි දීලා වැඩේ කරගන්න තමයි බලන්නේ.
කොසොල් රජුගේ සිහිනය සැබෑ වුණා වගේ බැසිල්ගේ සිහිනයත් සැබෑ වෙන්න කටයුතු කරලා වැඩේ කළාම ගිහින් දැන් මල්වට්ටි උස්සගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. 2/3 අරන් ඉවරයි. දැන් ඉතින් බතික්වලට පඬු ගහ ගහා ඉන්න එකයි තියෙන්නේ. පොලොන්නරුවේ මිනිස්සු හිඟා නොකා හිඟා කන අතර කොළඹ කොළඹ විශාල ගේට්ටුවකට මුවා වෙලා සැප විඳිනවා. කොමියුනිස්ට් කාරයෝ කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති ජාතියක්...
ශ්‍රීලනිප ය අහසින් වඩිනකන් ද ගරු ලේකම්තුම උඩ බලාගෙන ඉන්නේ.?
අපේ හිටපු ජනාධිපති තුමා සැමරිය යුත්තේ පක්ෂය විනාශ කිරීමේ සංවත්සරයක් නේද?
ශ්‍රීලනිපය අළුදූලි බවට පත්කර, කරන්න පුළුවන් හැම වැඩක්ම කරලා නගුට අස්සේ ගහගෙන... පක්ෂයේ හිටපු උතුමන්ට පිං අනුමෝදන් කරන්න සුදු ඇඳුමින් සැරසී යන්න තරම් මේ ‘පාලසේනට‘ ලැජ්ජාවක් ඇත්තටම තිබුණේ නැත්තේ මොකද?