කොරෝනා මර්දනයට පළාත් 9යට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති. 08 May 2021
ලොවට සෙත්පතා විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනය රටපුරා කොරෝනා වසංගත තුරන් වී රටට සෙත් ප්‍රාර්ථනා කරමින් ගංගාරාම විහාරයේ ඇතුළු සියලුම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශ්ව ආශිර්වාද පිරිත් සජ්ඣායනයක් අද පැවැත්විණි. 08 May 2021
හොර රහසින් පැවැත්වූ ටියුෂන් පන්තියට ගිය සිසුවියෝ දෙකකට කොරෝනා ගම්පහ ප්‍රධාන පාසලක ගුරුවරයකු හංසගිරි පාර නිවෙසක සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් උපකාරක පන්ති පන්තියක් පවත්වාගෙන ගොස් ඇති අතර ඊට සහභාගිවූ සිසුවියන් දෙදෙනකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 08 May 2021
කොරෝනා ආසාදිතයන් ගණන අද 1896 දක්වා ඉහළට අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1896 දක්වා ඉහළ ගියහ. ඊට මෙරට 1890 සහ විදේශගතව සිට පැමිණි හය දෙනෙක්ද ඇතුළත් වෙති. 08 May 2021
සැර කොරෝනා ප්‍රභේද ඉතා වේගයෙන් පැතිරෙනවා සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී කාලය ගත කරන්නැයි මෙම නව කොරෝනා වයිරස ප්‍රභේද පිළිබඳව පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 08 May 2021
පාර වැරදුණු කන්ටේනරය දෙදරුපියාට මරුවා කැඳවයි අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ මොරවකන්ද ප්‍රදේශයේදී කන්ටේනරයක් කුඩා ලොරි රථයක්, යතුරු පැදි දෙකක් හා පාපැදියක යටකරගෙන පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් දෙදරුපියකු මියගොස් තවත් හතර දෙනකු තුවාල ලබා ඇතැයි නොච්චියාගම පොලීසිය පවසයි. 08 May 2021
පාලනයෙන් ගිලිහුණු රොකට්ටුව පහළට එනවා පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති. 08 May 2021
යෞවන සමාජ කොරෝනා රෝගීන් ඇඳන් දසදහසක් හදන්න යයි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට දින දහයක් ඇතුළත ඇදන් 10,000 ක් සැපයීමට පොදුජන පෙරමුණ යෞවන සමාජය ඇතුලු ස්වේච්ඡා සංවිධානයන් මගින් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 08 May 2021
කේරළ ගංජා කිලෝ 235ක් කල්පිටියේදී නාවික හමුදා අත්අඩංගුවට බීජ ලූණූ මුවාවෙන් ඉන්දියාවේ සිට යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ කේරළ ගංජා කිලෝ 235 මේ සමග පුද්ගලයන් දෙදෙනකු කල්පිටිය ප්‍රදේශයේ දී නවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත . 08 May 2021
රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් නේවාසිකාගාරවල තැබීම අනාරක්ෂිතයි මාතර පිහිටි රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් 20ක් පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස තහවුරු වී තිබියදී විශ්ව විද්‍යාල පරිපාලනය එහි සිසුන්ට නිවෙස් කරා යාම තහනම් කර නේවාසිකාගාර තුළම රඳවා තැබීම නිසා අනාරක්ෂිත තත්වයක් උද්ගත වෙමින් ඇතැයි මාතර හිටපු නගරාධිපති සහ මාතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක උපුල් නිශාන්ත සුභාවික්‍රම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම් දී තිබේ. 08 May 2021
රාජ්‍ය වෙසක් උත්සවයට කොරෝනා බාධා කරයි යාපනය නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විමට සුදානම් කළ ජාතික වෙසක් උත්සවය කොරෝනා අවදානම් තත්ත්වය හමුවේ අත් හිටුවීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආරංචි මාර්ග කියයි. 08 May 2021
ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙලා විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ආසාදිතයෙකු බවට තහවුරු වුණු පුද්ගලයෙකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් කොරෝනා වයිරස ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ කියයි. 08 May 2021
කෑමට ගන්නා පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම තහනම් කරමින් ගැසට්ටුවක් ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ. 08 May 2021
රටවල් කිපයක සංචාරකයන්ට පිළිපීනය සීමා පනවයි පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිට සිය රටට ඇතුළු වීම තහනම් කිරීමට පිලිපීන රජය තීරණය කර ඇත. 08 May 2021
හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. 08 May 2021
පළාත් කීපයකට අදත් තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 May 2021
පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වහයි කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 08 May 2021
දිස්ත්‍රික්ක තුනක වසම් 13 හුදකලා කරයි දිස්ත්‍රික්ක තුනක ග්‍රාම සේවා වසම් 13ක් අද අලුයම සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 08 May 2021
මෙලොව එළිය දකින්නත් පෙර බිළිඳුන් හැත්තෑවකට කොරෝනා සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් -19 ආසාදිත බිළිඳුන් 70 දෙනකු පමණ මේ වනවිට උපත ලබා ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පවසයි. 08 May 2021
දිනක මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ අද (7) වාර්තා විය. 07 May 2021
ග්‍රාම සේවා වසම් තවත් අටක් හෙට අලුයම 5.00 සිට හුදකලා කරයි කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික් වල තවත් ග්‍රාම නිලධාරී වසම් අටක් හෙට(08) උදෑසන 5.00 සිට හුදෙකලා කර තිබේ. 07 May 2021
කේම්බ්‍රිජ් විභාග අත්හිටුවයි පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට පැවැත්වෙමින් තිබූ කේම්බ්‍රිජ් විභාග වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කොට ඇත 07 May 2021
චීන එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ’කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව හදිසි භාවිතයට සුදුසු යැයි චීනයේ ’සිනෝෆාම්’ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. 07 May 2021
රෝගීන් වැඩි වුවහොත් ප්‍රතිකාර නිවෙස්වලම කොවිඩ් ආසාදිතයන් වැඩි වුවහොත් සමහරුන් නිවෙස්වලත් ඉදිරියේදී රැඳවීමට සිදුවනු ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 07 May 2021
ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවීමත් සමග ජනතාවට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම නතර කළ බව පුරපති එරංග සේනානායක මහතා පවසයි. 07 May 2021
කොරෝනා ආසාදිතයින් තවත් 1097ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,097 දෙනෙක් අද (7) වාර්තා වූහ. 07 May 2021
තමිල්නාඩුවෙන් ඇවිත් ගිංතොට හෝටලයක සිටි පහකට කොරෝනා ගාල්ල ගිංතොට ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දිය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 07 May 2021
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් කොටසක් වහයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන ජාතික උද්‍යාන, සංචාරක ගමනාන්ත, කඳවුරු බිම්, සහ සියලුම සංචාරක නිවාස යළි දැනුම් දෙන තුරු වසා දැමීමට තීරණය කර තිබේ. 07 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026