දුම්රිය මගීහු කොරෝනාත් එක්ක ගෙදර යති දුම්රිය කිහිපයක් අද (6) දිනයේදී අවලංගුවීම හේතුවෙන් රාජකාරී නිමවී නිවෙස් කරා ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්වූහ. 06 May 2021
එස්.බී ශ්‍රිලනීපයට අතීතය සිහිපත් කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීනව තරග කරන තීරණය ගන්නට පෙර පසුගිය මැතිවරණවලදී තනිව තරග කොට ගත් ඡන්ද ප්‍රමාණය දෙස බුද්ධිමත්ව සිතා බලන්නැයි ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .බී දිසානායක මහතා පවසයි. 06 May 2021
මිනුවන්ගොඩ ප්‍රා. සභාව වසයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ රියැදුරකුට සහ සෞඛ්‍ය අංශයේ කම්කරුවකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව තාවකාලිකව වසා දැමූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය අංශ කියයි. 06 May 2021
කොරෝනා අවදානමක් නිසා මොරවක පාසලක සිසුහු සියල්ලම නිරෝධායනයට මොරවක දංගල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ආචාර්ය මණ්ඩලය හා පාසලේ 110 ක් පමණ වන සියලුම සිසු සිසුවියන් ස්වයං නීරෝධායනයට යොමු කරන බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 06 May 2021
කාන්තාවෝ අටක් ඉබි යතුරු දැමූ ගබඩාවක අල තෝරන්න දාලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක් පිටතින් ඉබි යතුරු දමා වසා දමා ඒ තුළ කාන්තාවන් අට දෙනකු අල ලූණු තෝරමින් සිටියදී පැයක පමණ මෙහෙයුමකින් පසු එළියට ගත්බව දඹුල්ල මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂඛ ඒකකය කියයි. 06 May 2021
මාතලේ හුදකලා පවුල්වලට බඩු මල්ලක් කොරෝනා හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයයේ හුදෙකලා කර ඇති පවුල් 66300 කට රජය මගින් අත්‍යවශ්‍ය බඩු මල්ලක් ලබා දීමට කටයුතු යොදා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. 06 May 2021
කොවිඩ් 19 වයිරසය ආසාදිත තවත් 1,305ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,305 දෙනෙක් අද (6) වාර්තා වූහ. 06 May 2021
රුවන්පුර අධිවේගයේ වැඩ හෙට සිට ශ්‍රී ලංකාවේ හත්වැනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා පළමු අදියර ඉදිරිකිරීම් හෙට (07) ආරම්භ වේ. මෙම පළමු අදියර ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 5470 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ. 06 May 2021
රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසුන් අටකට කොරෝනා මිහින්තලේ රජරට විශ්ව විද්‍යාලයේ තවත් සිසු සිසුවියන් පස් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි. 06 May 2021
ගැබිණියන්ට සති 28 පසු කොරෝනා හැදුනොත් භයානකයි ගැබිණි කාන්තාවන්ට සති 28කට පසුව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් එය බරපතළ තත්වයකැයි කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පැවසීය. 06 May 2021
දඹුල්ල ආර්ථිකය වෙළෙඳුන්ට සීමා කරයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (7) සිට තුනක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන්ට පමණක් සීමා කිරීම්ට තීරණය කළ බව මාතලේ දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටු ප්‍රධානී මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පවසයි. 06 May 2021
සුරාසල්වලට මාර්ගෝපදේශ මාලාවක් එයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ද රට පුරා සියළු බලපත්‍ර ලාභී මත්පැන් අලෙවිසල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. 06 May 2021
ස්පුට්නික් එන්නත් කිරීම ඇරඹේ රුසියාවේ නිෂ්පාදිත ස්පුටුනික් එන්නත ශ්‍රී ලාංකිකයින්ට ලබාදීම අද (6) පෙරවරුවේ ආරම්භ කෙරිණ. 06 May 2021
මවගේ හත් දොහේ දානය දා දරු දෙන්නාත් අවසන් ගමන් යති එකම පවුලේ සහෝදරයකු හා සහෝදරියක ගමන් ගත් යතුරු පැදියක් අද දහවල් කටුබැද්ද ප්‍රදේශයේදී කසල ලොරියක ගැටීමෙන් දෙදෙනාම මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය කියයි. 06 May 2021
දුම්රිය මාර්ග නඩත්තු සේවකයෝ පිරිසකට කොරෝනා දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවය කරනු ලබන සේවක පිරිස් හට කොවිඩ් 19 රෝගය වැළදීම නිසා ඇතැම් ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දෛනික නඩත්තු කටයුතු සිදුකිරීම පිළිබඳව මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි. 06 May 2021
අධිවේගයේ යද්දි විවේක ගන්න තවත් තැන් තුනක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ විවේක කලාප (REST AREA) තවත් තුනක් ඉතා කෙටි කලකින් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී.කේ අතලුවගේ මහතා ලංකාදීපයට පැවැසීය. 06 May 2021
මත්තලට එන ගුවන් යානා සඳහා වසර දෙකක් යනකන් ගාස්තු අයකරන් නෑ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන සියලු ගුවන් යානා සඳහා ගොඩ බැස්සවීමේ සහ නවතා තැබීමේ ගාස්තු වසර දෙකක කාලයක් සඳහා අය නොකිරීමට තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 06 May 2021
ව්‍යායාම කරද්දී රෝගී වූ හමුදා නිලධාරියා රෝහලේදී මරුට හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීයකු අද පෙරවරුවේ ශාරීරික අභ්‍යාසවල නියැලෙමින් සිටී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි අගුරුවාතොට පොලිසිය පවසයි. 06 May 2021
ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක් කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා විය. 06 May 2021
ගල්ගමුව රෝහලේ ගැබිනි වාට්ටුවේ දෙදෙනෙක්ට කොරෝනා ගල්ගමුව මූලික රෝහලේ ගැබිනි වාට්ටුවට අනුයුක්තව සේවය කරන පවුල් සෞඛ්‍යය සේවිකාවන් දෙදෙනකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍යය බලධාරීහු පවසති. 06 May 2021
දුම්රිය කීපයක් අවලංගු කරයි අද රාත්‍රී ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ -බදුල්ල, කොළඹ - ත්‍රිකුණාලය, කොළඹ කන්කසන්තුරේ, රාත්‍රි තැපැල් දුම්රියන් තාවකාලිකව අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 06 May 2021
සිංහරාජය දින නියමයක් නැතිව වසයි කෝවිඞ් අවදානම හේතුවෙන් සිංහරාජ වනාන්තරය නැරඹීමට ඇතුලූවීම දින නියමයක් නොමැතිව අත්හිටවු බව රත්නපුර දිසාවන නිලධාරි රෂාල් වීරසිංහ මහතා පවසයි. 06 May 2021
නීතිපති දප්පුල ද ලිවේරාට මහකොමසාරිස් ධූරයක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහකොමසාරිස් තානාපතිවරයා ලෙස පත් කර ඇතැයි රජයේ ආංචි මාර්ග කියයි. 06 May 2021
වරාය නගර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද බාර දුන්නේය. 06 May 2021
ලංගමේ ආදායමත් ලෙල්ලටම අඩු වෙයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 35 දක්වා සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා පවසයි. 06 May 2021
ඉන්දියාවෙන් මෙරටට ඇතුළුවීම තහනම් කරයි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිඳු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම, අද (06) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. 06 May 2021
නැගෙනහිර ආයුර්වේදත් කොවිඩ් ප්‍රතිකාර වලට නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසුවාය. 06 May 2021
අනුරාධපුර සම්පත් බැංකුවේ මුදල් කොල්ලය වරදි අනුරාධපුර නව බස් නැවතුමේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා මුදල් කොල්ල කෑමට ආ දෙදෙනකුට වෙඩි තබා එම මුදල් බේරා ගැනීමට හැකි වී ඇතැයි වර්තා වෙයි. 06 May 2021
කොරෝනා නීති කැඩු 238 අත්අඩංගුවට දිවයින පුරා සිදුකළ නිරෝධායනට අදාල මෙහෙයුමේ දී මුහුණු ආවරණ නොපැලඳ දුරස්ථ භාවය තබා නොගත් පුද්ගලයන් 238 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 06 May 2021
ඇමැතිගෙන් ගෑස් සැපයීම ගැන ගෑස් සමාගම්වලට උපදෙස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට සැපයීම අඩු නොකරන ලෙස ගෑස් සමාගම්වලට පැහැදිළිව උපදෙස් දුන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 06 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026