
(අජන්ත කුමාර අගලකඩ)
බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි .
ඒ සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් ඉන්දීය රජය සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි රජයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය .
ඩොලර් හිඟය හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති අතර, ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමේ දැඩි අසීරුතාවකට ඔවුන් මුහුණ දී ඇත.
බොරතෙල් ආනයනය සඳහා ඩොලර් නොමැතිවීමෙන් ගිය සතියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දමනු ලැබූ අතර ,එය යළි විවෘත කෙරෙන දිනයක්ද තවමත් ප්‍රකාශයට පත් වී නොමැත .
මේ අතර ,ඉකුත් සදුදා පැවැති කැබිනට් රැස්වීමේදී අදහස් දක්වා ඇති බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත්තේ, ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 350 ක් අවශ්‍ය වන බවය
එම මුදල සොයාගැනීම බරපතළ අර්බුදයක් වී ඇතැයි ද ඔහු එහිදී සඳහන් කර ඇත .
මේ කරුණු සැලකිල්ලට ගැනීමෙන් ඉන්ධන ආනයනය සඳහා ඩොලර් කෝටි 50 ක හදිසි ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් කෝටි 50 ක් කියන්නේ, ඩොලර් 1ක් රුපියල් 200ක් කියලා හිතුවොත් රුපියල් කෝටි 10000ක්...
මේවා ජනතාව මුලා කරන, කල්මරන කතා. දැන් මාසයට කලිනුත් මෙහෙම ඉන්දියාවෙන්, එක්සත් අරාබි රාජ්‍යයෙන්, ඉරානයෙන්, ඇමරිකාවෙන්, දෙවතාවක් ඕමානයෙන් තෙල් ගන්න ණය ගන්නවා කියලත්, තෙල් ණයට ඉල්ලුවා කියලත් කිව්වා. නමුත් වැඩක් වුනේ නැහැ. එ්කත් අපේ ගම්මන්පිලට ඉරානයට ගිහින් තෙල් ඉල්ලලත් වැඩක් වුනේ නැහැ.
ඒ හිලව්වට මොකක්ද දෙන්න යන බිල්ල?
සිඟමන් යදිමු සාගින්දර නිවන්නට... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට...
ලංකාවේ කියන්නත් ලැජ්ජයි.
හෙල්පින්ග් හම්බන්තොට, සිරිලිය ඔය වගේ තව ඕනතරම් පවුලේ ගිණුම් තියෙන්නේ. දැනටමත් නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරලා හමාරයි...
මේ ටික කරගන්න කාපු කිරිබත් තොගය...
අයි.එම්.එෆ්. එකෙන් ණය ගත්තා නම් පොලිය අඩුයි. හැබැයි කොන්දේසි සහිතයි. අහළ පහළ අයගෙන් අත මාරුවට සල්ලි ණයට ගත්තාම වැඩිපොලියක් ගෙවන්න වෙනවා. දැන් රටේ ණයබර ඔරොත්තු නොදෙන ගානකට ඇවිත්. රටේ ආදායම වගේ 101% අවුරුද්දක ණය වාරිකය වුණාම රටට ඔරොත්තු දෙයිද? මේ ණය කන්දෙන් කවදා නිදහස ලබන්න පුළුවන් වෙයිද?
ණය ණය ණය... හැමදාම ණය. මේ තරම් ණය අරගන්න නම් ආණ්ඩු මොකටද? දේශපාලකයින් පැරදිලා යන්න යාවි. රට තමයි ණය කරන්නේ... අදක්ෂ බව වුවමනාවටත් වඩා ඔප්පුවී හමාරයි. පුළුවන් කෙනෙකුට කරන්න දීලා අකුලගෙන යාමට කාලය පැමිණ ඇත.
විපක්ෂයේ හිටපු කාලේ ඉන්දියාවට පලුපැලෙන්න දොස්කියපු පොහොට්ටුවෝ නේද අද ඉන්දියාව පස්සෙන් යන්නේ...?
අනේ මගේ රට .අපිට කවදා සැනසීමෙන් ඉන්න ලැබෙයිද ?
හිඟය මඟහරවා ගැනීමට රාජපක්ෂලා සොරකම් කළ දෑ නැවත ගෙවන්න ! පැන්ඩෝරා සල්ලි ගන්න .එය ප්‍රමාණවත්
රටේ සම්පත් විදේශිකයන්ට විකුනලා කනවා, අන්තිමට රට අනතුරේ
වීරවංශ උන්නැහේ මොකද දන්නෑ කියන්නේ? උපවාසයක් වත් කරමුද?
අඩු පොලියට ණයට සෝමාලියාවෙනුත් ගන්න පුළුවන්
මුන් කට ඇරියොත් කෙලින්නේ බොරු .ගෑස් ආවා කියනවා .හැබැයි තියෙන්නේ පත්තරේ විතරයි .අපේ රට හිඟන රටක් බවට පත් කලේ මේ දේශ පාලුවෝ .රටත් අපිත් හිඟන්නෝ උනාට දේශ පාලුවෝ කෙල කෝටි පතියෝ
ඉතාම හොඳ තීරණයක්
ඉතාම හොඳ තීරණයක්
සැමදාම ණය ගැනීමටත් සුභාසාදනයට සහ දුෂණ වංචා සඳහා මෙම ණය පරිහරණයත් නිසා රට කඩා වැටී ඇත .බහුතර ජනතාවද අලස කම්මැලි ජීවිත වලට හුරු වී ඇත
පක්ෂ විපක්ෂ උන් වහාම ගසා කෑ 15% ණය මුදල් වහාම නැවත දියව්. නැති නම් නුඹලා රටින් පන්නනවා.පස්කරලිංගම්, රවී ඇතුළු නඩයටයි අපි කියන්නේ
මතකද සුනිල් අයියා... සසර වසන තුරු කියනකොට දඟලපු දැඟලිල්ල..?
බංගලි දේශෙන් දෙන්න බහ කියලා වගේ ?කෑම බීම ගන්න කවුද නය දෙන්නේ .ආපසු අයකර ගන්න පුළුවන් වැඩකට නම් දෙයි
මුල්‍ය අරමුදලෙන් ගන්නේ නැතුව රටවල් වලින් හිඟා කන්නේ මොකද දන්නවද.? දෙන ණය මුදලින් කරන්නේ මොනවද කියලා ඒ රටවල් හොයන්නේ නැති නිසා.