
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අවසන් කටයුතු සිදු කිරීම සදහා රැගෙන නොගිය ළදරු මළ සිරුරු හා කොටස් 150 ක් පමණ මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාරයක් තුළ වසරක පමණ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන බව රෝහල් ආරංචී මාර්ග සදහන් කරයි.
නොමේරූ ළදරුවන්,අඩු බර දරු උපත්,ගබ්සා සිදු කිරීම් හා උපතේ දී විවිධ හේතුන් මත මිය ගිය බිළිඳු සිරුරු,කලල,දරු ගැබ් හා සැත්කම් මගින් ඉවත් කල අවයව කොටස් එසේ ගොඩ ගැසී තිබෙන බව දැන ගන්නට ඇත.
මේ නිසා එම සිරුරු හා කොටස් තැන්පත් කර තිබෙන ශීතාගාරය වෙනත් මල සිරුරු තැන්පත් කිරීමට නොහැකි තත්වයට පත්ව තිබේ.
තවද අදාල ශීතාගාරය නිසි පරිදි කූල් නොවීම නිසා එම සිරුරු නරක් වී දැඩි දුර්ගන්ධයක් පවතින බවද කියති.
මෘත ශරීරාගාරයේ ශීතාගාර හයක් පවතින අතර එන් දෙකක් පමණක් නිසි පරිදි ක්‍රියාත්මක තත්වයේ පවතින බවද බිලිදු සිරුරු ඇති ශීතාගාරය ඇතුළු හතරක් අලුත්වැඩියා කළ යුතු තත්වයේ පවතින බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වෙනත් ප්‍රධාන රෝහල්වල මේ ආකාරයට ගොඩ ගැසෙන සිරුරු හා කොටස් මාස කිහිපයකට පසු ටෙන්ඩර් පටිපාටියකට අනුව මල් ශාලාවක් විසින් ලබා ගෙන ඒවායෙහි අවසන් කටයුතු සිදු කරන බව දැන ගන්නට තිබේ.
එහෙත් මාතර මහ රෝහලේ වසරක පමණ කාලයක් නියමිත පරිදි එම අවසන් කටයුතු සිදු නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇත.
තවද මෘත ශරීරාගාරය තුළ වු වාතය පිටතට යවන විදුලි පංකාව ගර්භනී මව්වරුන්ගේ වාට්ටු සංකීර්ණය දෙසට වන්නට සවි කර තිබීම නිසා සෞඛ්‍යාරක්ෂාවට ද තර්ජනයක් වී තිබෙන බව ඔවුන් සදහන් කරති.
මේ පිළිබඳව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ අදාල සිරුරු ගොඩ ගැසී ඇති බව තමන් වෙත මේ දක්වා දැනුම්දී නොමැති බවත් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් අධ්‍යක්ෂක හැටියට රෝහල් භුමිය, ගොඩනැගිලි නිරීක්ෂණ කරන්නේ නැද්ද? පුටුවේ වාඩිවෙලා ඉන්න එක පමණයිද රාජකාරිය? ඊයෙත් වාර්තා වුණා රෝයල් මෘත ශරීරාගාරය තුළ විස සතුන් ගැවසන බව. දියුණු රටවල්වල නම්, දිනපතා Daily Building Inspection report කියන ගොඩනැගිලි නිරීක්ෂණ වාර්තාව කළයුතුයි. එතකොට තමයි මොනවා හරි අඩුපාඩු තිබුණත්, ක්‍ෂනික පියවර ගත හැකි... මෛත්‍රීත් මෙහෙම තමයි කියන්නේ, එයා මාධ්‍යවලින්ලු දැන ගත්තේ කියලා...
CT මැෂින් එක කැඩිලා මාස ගාණක්... තව හම්බවෙන කාලයක්වත් නැහැ. මිනිස්සු නිකන් මැරෙනවා. සල්ලි තියෙන අය පුද්ගලික රෝහල්වලින් කරගෙන එනවා.
රෝහලක් පරිපාලනයේ තියෙන හොඳකම මිස වෙන මොනවද? ඇහැ කන නැති, ගඳ සුවඳ නොදැනෙන අය වෙන්ඩැති ඉන්නේ?
පරිපාලනයේ වරදයි මා දකින්නේ.., වෙනත් ආයතන මෙන් නොව රෝහලක් යනු ඍජුවම මහජනයාගේ සෞඛ්‍යයට, ජීවිතයට බලපාන ස්ථානයක් නිසා අධ්‍යක්ෂ ඇතුලු කාර්ය මණ්ඩලයම අස්සක්, මුල්ලක් නෑර නිරීක්ෂණය, අධීක්ෂණය කළ යුතුයි. පුටු රත් කරකර කයිවාරු ගසමින් නොසිට...
රෝහලේ හැම කොනකම සිට මෙහි කළමනාකරණය පිළිබඳව සොයාබැලිය යුතුයි.