
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
ජනපතිවරයාගේ නිල නිවාස රටපුරා හත අටක් ඇති බවද හෙතෙම සඳහන් කළේය .
ජනාධිපතිවරයා මිරිහානේ තමන්ගේ නිවසේ පදිංචිව සිටීම හොඳ වුවත් තමා කැමති ඔහු ජනාධිපති නිවෙසට යන එක බව පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා මිරිහානේ නිවසේ සිටීම ඒ අවට පදිංචිකරුවන්ට හිරිහැරයක් බවද සදහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ජනාධිපති සිටින නිසා පොලිසිය යොදවා ඒ අවට නිතර නිතර පරීක්ෂා කිරීම් සිදුකරන හෙයින් ජනතාවට හිරිහැර සිදුවන බවත් කුඩා කුඩා ව්‍යාපාරවලට පවා මෙමගින් විශාල බලපෑමක් ඇතිවී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්..., ගජ මිත්‍රයන් පමණක් බවත්... ඉතින් ඒකට තමයි මේ වගේ කෙනෙක්ව ජනාධිපති කරේ...
නුඹලත් මහා පුදුම පක්ෂයක්නේ බන්. ඕනෑම දේක වැරැදි පැත්තම දකින්න පුදුම හැකියාවක් තියෙන්නේ... ඒ මනුස්සයා ජනාධිපති මන්දිරේ හිටියා නම් එ්කට බනිනවා. හොඳම වැඩේ ජනාධිපති අනුර කුමාරගේ ගෙදර පදිංචියට යන එකයි...
සෑම දෙයකම අඩුපාඩු හොයන ඔබ වගේ කෙනෙක්ට බලය ලැබුණොත්... අඩුපාඩුවලට මොන මොන නිදහසට කරුණු දෙයිද නේද?.
ඇපත් නැතිවුන තමුන්ගේ කැමැත්ත අකමැත්ත එච්චරටම අදාලද?
මගේ ගෙදර මෙයයි.., මගේ පවුල මෙයයි කියා ජනතාවට පෙන්වා කඩතුරාව ඉවත් කර කථාකිරීමට ජවිපෙ නායකත්වයට ආත්ම විශ්වාසය ඇතිවේවා...!!!
ආ ඔය කියන්නේ ... මම ජනාධිපති වුනොත් රටේ තියෙන ජනාධිපති නිල නිවාස සේරමත් මගේ නිවහන වෙනවා. මෙතෙක් කල් මම ඉන්න ගෙවල් සම්පූර්ණයෙන්ම අත හරිනවා. සේරම ජනාධිපති පහසුකම් භුක්ති විඳිනවා. නියමයි. ඔන්න සමාජවාදය බේරෙන්න පටන්ගෙන දැන් ඉඳලාම...
අපිත් ඔය ළඟ පදිංචි, අපිට නම් ඒක ලොකු දෙයක්... මොකද කුඩුකාරයින්, හොරුන් ළඟපාතකවත් නැහැ.. බොරු කියන්නේ නැතිව ඉන්න. ජනපති වැරැදි ඇති. හැබැයි කරන හැම හොඳ දෙයකම වැරැද්දක් දකින්න එපා.. හිරිකිතයි.
අර රත්තරන් අශ්වයා එන්නේ මොන ගෙදරද කුමාර ?
ජනපතිට ඉන්න තැනක් හදන්න අයර්ලන්තයේ තියෙන අනුර කුමාරගේ ගෙය ලංගම .පට්ට පල් හෑලි කියන අනුර බේත් තෙල් වෙළෙන්දෙක් වගේ මහජනයාගේ අවධානය සඳහා මොකක් හරි බේගලක් දොඩවනවා .පිස්සෙක්
සහතික ඇත්ත... පුදුම කරදරයක් තමයි. මම ඉන්නෙත් ඒ කිට්ටුව... පාරේ පයින් ඇවිදින්න ගියාම වුණත් කරදරයි එයා යන එන වේලාවට...
අනුරයාට බනින්නේ නැතුව ජනපති මන්දිර ටික වහලා දාන්න කියන්නකෝ... වියදම් කරන එකා හොඳා කියන එකා වැරදියි...
අනේ එහෙනම් ගෙදර එක්ක යන්නකෝ... එතකොට ජනාධිපති බලා ගනීවි, මේ හාදයා කොහොමද පඩිය පක්ෂෙට දීලා පිටරට ඉන්න ළමයින්ට වියදම් කරලා සැපට ඉන්නේ කියලා...
ඔය ටික යූටියුබ් එකේ ඇතිනේ.. මම දෙන්නම් ඔහෙට...
ඒ නිල නිවාස මේ ජනාධිපතිතුමා හදා ගත්ත ඒවා නොවෙයි. කියන්නකෝ රටේම තිබෙන සර්කිට් බංගලෝස් ටිකත් වහලා දමන්න කියලා.. ඒවායේ මිනිස්සු පදිංචිවෙලා නැහැ කියලා. වැරැද්ද ඔරිජින් එකේ... මහවැලියේ කාණු කපන කාලේ මහවැලි නිලධාරීන්ට තිබෙන නිල නිවාස දැකලා ඊර්ෂ්‍යාව ඇතිවෙලා වගෙයි.
මමත් පදිංචි වෙලා ඉන්නේ මිරිහානේ ජනාධිපතිතුමාගේ නිවස කිට්ටුවම තමයි. මුල් කාලේ යම්යම් ගැටලු තිබ්බත් අද නම් කිසිම කරදරයක් ඇත්තේම නැහැ. උදේ පාන්දර එතුමා යනවා වගේම අපිත් ගෙදර ආවට පස්සේ ගෙදර එන්නේ.. අවම හිරිහැරයක් වෙන විදිහට සියල්ල පිළිවෙලකට වෙනවා. ඇයි මේ බොරු චෝදනා වගේම අපහාස..?
මෙවැනි කුඩා රටක ජනපතිට නිල නිවාස 7-8 අවශ්‍ය නැත .ඔහුට හෙලිකොප්ටරයක් භාවිත කර රටේ ඕනෑම ස්ථානයකට කොළඹ සිට පැය 1-12 තුල ගමන් කල හැක .මේවා නඩත්තුවට විශාල ජනතා මුදල් ප්‍රමාණයක් වියදම් වෙනවා
කරදර මොනවද? බලන්නකෝ ළඟපාත පාරවල් ටික හැදිලා තියෙන අපූරුව... ඔය තියෙනවා තියෙන මන්දිර ටික හෝටල් කරලා ඩොලර් ටිකක් හොයාගනිමු..
රට අන්දන බොරු වැඩ. මේ ජෝතිශය උපදෙස් මත කරන දෙයක් මිස වියදම් අවම කිරීමක් නොවේ. එසේ නම් ජනාධිපති මන්දිරය ආදායම් උපදන දෙයකට යොමුකර තිබිය යුතුය.
ජනාධිපති මන්දිර වල ඉන්නේ නැතුව බමුණු මන්දිරයකට ගියා නම් මීට වඩා හොඳ නැද්ද.
මහම මහ තකතීරු අදහස්නෙ..දැන් විකාරයෙන් වගේ දොඩවන්නෙ
වසර 400කට වැඩි කාලයක් අපි විදේශ පාලකයන් යටතේ සිටියා. එබැවින් වහල් මනස තවමත් පවතී!
දැන් ශ්‍රි ලංකාව ක්‍රියාත්මක වන්නේ ගෝඨාගේ සෞභාග්‍ය දැක්ම තුළනේ.ඒකයි ඔහොම. ගණන් ගන්න එපා මහත්තයෝ
ඔය කතාව මම සම්පුර්ණයෙන්ම ඇහුවා. ජනාධිපති මිරිහානේ සිටීමට වඩා මන්දිරයේ ඉන්නවනම් වඩාත් පලදායි සහ කරදර අඩුයි කියන එකත් රට වටේ ඇති නිල නිවාස එතුමා නොසිටියත් විශාල මුදලක් යොදවා නඩත්තු කරන එකත් කියැවුනා. අධි ආරක්ෂක කලාපයේ ඇති මන්ධිරයට අමතරව මිරිහානට ආරක්ෂාව යෙදීම අමතර වැය බරක් වීම තේරුම් ගත හැකියි . ඒවගේම ජනාධිපතිතුමා මිරිහානේ සිටීම අගය කරන බව අනුර මුලින්ම කිවුවා. මෙතරම් කුඩා දිවයිනක රජ මදුරු 10ක් පමණ නඩත්තු කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? ඒවා මහජන මුදල් නොවේද?
කවුරු කොහේ හිටියත් අපිටනම් කමක් නැහැ, අවශ්‍ය වැඩ කිරීම පමණයි.
සෞභාග්‍ය දැක්ම