අගමැති-ගුරු සංගම් සාකච්ඡා අවසන් අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි. 12 October 2021
කබ්රාල්ට එරෙහි පෙත්සම විභාගයට ගන්නවා ද නැද්ද තීරණය ලබන 3 හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිධුරයට පත් කිරීම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (12) නිවේදනය කළේය. 12 October 2021
මහපොළ නම වෙනස් වෙයි? මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට කටයුතු කරන බව එම අරමුදලේ වත්මන් සභාපති, වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (12) පැවසීය. 12 October 2021
ගෑස් ලිපට ආයුබෝවන් කියා භූමිතෙල් ලිප් සොයා යති භුමි තෙල් ලිප් මිල දී ගැනීම සදහා අද (12) කොළඹ නාගරික ජනතාව ගෑස්පහ අවට වෙළද සැල්වලට එක්රෝක් වී සිටියහ. 12 October 2021
බල්ලො රොත්තක් රැගෙන ගිය යුවළ අල්ලයි සුනඛයින් 6 දෙනෙකු අමානුෂික අන්දමින් සහ සැක කටයුතු ලෙස රැගෙන යමින් සිටි යුවළක් අද (12) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි. 12 October 2021
ඖෂධ අධිකාරියේ වැඩ ගැන සෙවූ වාර්තාව ඇමැතිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව සොයා බැලීමට පත් කළ විශේෂ විර්ශන කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද පස්වරුවේ ඖෂධ නිෂ්පාදනය සැපයීම සහා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත බාර දුන්නේය. 12 October 2021
බදියුදීන්ලාගේ පෙත්සම් සලකා බැලීම 15 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරකයන් ට ආධාර අනුබල දුන් බව ට සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබා සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් වහා නිදහස් කරන්නැයි සිය නීතීඥවරු මාර්ගයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මෙම මස 15 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය . 12 October 2021
නවසීලන්ත ගමන ත්‍රිකුණාමලයෙන් අවසන් වෙයි නවසීලන්තයට මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 63 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි. 12 October 2021
කෝවිඩ් මාරයාට බිලි වූ 13,000ට පින් අනුමෝදන් කරති ’කොරෝනා’ වයිරසයට ගොදුරු වී මරණයට පත්වූ 13000 කට අධික ශ්‍රී ලාංකියන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මහා සංඝරත්නය පනස් නමක් විෂයෙහි දානමය පිංකමක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (12) පැවත්විණි. 12 October 2021
‘‘මියගිය පළාත් සභාවට යළි පණ දෙන්න එපා‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව වෙනස් කිරීමට සූදානම් නම් මියගිය පළාත් සභා නැවත ගෙන ඒම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ‘56 දරුවෝ’ සංවිධානයේ අනුශාසක මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. 12 October 2021
ලංකා සමසමාජ පක්ෂයෙන් රජයට යෝජනාවලියක් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලංකා සම සමාජ පක්ෂය රජයට යෝජනාවලියක් බාරදීමට තීරණය කර ඇත. 12 October 2021
ලංකා සතොස සිව් දෙනා 14 තෙක් රිමාන්ඩ් ලංකා සතොස ආයතනය මහජනතාවට සහනදායි මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,860ක් වංචනිකව විකිණීමට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී (මිලදී ගැනීම්) ඇතුළු නිලධාරීන් සිව් දෙනා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (12) නියෝග කළේය. 12 October 2021
සිතාසි යැවීමේදී නවීන ක්‍රම යොදාගන්න යයි නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකතන භාවිතා කළ හැකි පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 October 2021
‘‘ව්‍යාපෘතිය අසාර්ථක නම් මුදල් නෑ‘‘ ව්‍යාපෘතියක් අසාර්ථක වුවහොත් ඒවාට මුදල් ලබාදීම නවත්තන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. 12 October 2021
මස්සිනාගේ පහරින් මස්සිනා මරුට ගලේවෙල පට්ටිවෙලදී දෙමස්සිනෝ අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් එක් අයකු එල්ල කළ තියුණු ආයුද ප්‍රහාරයකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 October 2021
සයිබර් ආරක්ෂණයට අලුත් නීති සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 October 2021
‘‘එදා විපක්ෂ නායක අම්මාගෙන් මන්ත්‍රී පුතාට කම්මුල් පහරක්‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණ සැමරුම ඉකුත් 10 වැනිදාට යෙදී තිබිණි. 12 October 2021
කොළඹ නගරය කොරෝනාවට අත වනයි කොළඹ නගරයේ සැරිසරන බොහෝ දෙනකුගේ හැසිරීම සෞඛ්‍යආරක්ෂිත නොවන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පැවැසීය. 12 October 2021
‘කාබනික පොහොර දෙන්නේ නිසි තත්ත්ව පරීක්ෂාවකින් පසුවද?‘ මහ කන්නය සඳහා මෙරටට කාබනික පොහොර ගෙන්වන්නේ නිසි සාම්පල පරීක්ෂාවකින් දැයි ආණ්ඩුව වහා රටට කරුණු කිව යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 12 October 2021
දරුවා නිරෝගී නම් එන්නත අවශ්‍ය නැහැ නිරෝගී පාසල් සිසුන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරසවේදය පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා ලංකාදීපයට පැවැසීය. 12 October 2021
සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරක් මෙරට කෙටි දුර ධාවන ශූරියක සහ ඔලිම්පික් පදක්කම්ලාභිනියක වන සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 12 October 2021
මත්තල ඉඩම් කොල්ලයට දිසාපති - දිසා වන නිලධාරී හැප්පෙති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේ ඇති වන සංරක්ෂණයට අයත් අක්කර 250ක් පමණ ඉඩම් දේශපාලන හිතවත්කම් මත හෙළි පෙහෙළි කර ව්‍යාපාරිකයන්ට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් සොයාබැලීමට ගිය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා සහ හම්බන්තොට දිසා වන නිලධාරි රෝහන අමරතුංග මහතා අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. 12 October 2021
මහ කන්නයේ වී ගොවිතැනට කාබනික පොහොර හෙට සිට මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 12 October 2021
පෞද්ගලික අංශයෙත් සේවා කාලය දික් වෙයි පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 12 October 2021
බුදු පිළිමයක් පොලිසියට වික්ක තිදෙනා රිමාන්ඩ් පුර විද්‍යා වටිනාකමක් අති බව කියන කිලෝ 26 බරැති ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් රුපියල් ලක්ෂ 60 කට අළෙවි කිරීමේ චෝදනාව මත අනුරාධපුර නුවරවැව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ මස 22 දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය. 12 October 2021
ඉන්දීය යුධ හමුදාපති දිවයිනට ඉන්දීය යුධ හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවේන් (Manoj Mukund Naravane) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද(12) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය . 12 October 2021
‘‘රට තුළ සාගතයකට ඉඩ දෙන්නේ නෑ‘‘ රටේ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය. 12 October 2021
සාදයට ගොස් යද්දී අනතුරින් එස්.අයි. මරුට පොලිස් නිලධාරීන් පිරිසක් රැගත් මෝටර් රථයක් කන්තලේ දුම්රිය ගේට්ටුව අසල දී අනතුරකට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයකු අද (12) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි. 12 October 2021
ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනාවක් ඇමරිකාවේ නිව් ෆෝටුස් සමාගම සහ ශ්‍රී ලංකාව අතර විදුලිබල ක්ෂේත්රයට සම්බන්ධ තවත් ගිවිසුමක් අස්සන් කිරීමට සූදානම් වන බවත් එම ගිවිසුම කුමක්ද යන්න රටට හෙළි කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලීමක් කරයි. 12 October 2021
පළාත් කිහිපයකට අදත් වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (12) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 12 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026