’’රංජන්ට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු ඉදිරිපත් කර නෑ’’ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස දීමට තරම් හේතුවක් කිසිවකු හෝ මෙතෙක් ඉදිරිපත් කර නැතැයි බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය. 28 July 2021
වාහන ලියාපදිංචියේදී රජයට කෝටි 150ක පාඩුවක් විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම නිසා රජයට රුපියල් කෝටි එකසිය පනහකට අධික මුදලක් අහිමිව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ. 28 July 2021
රන්ජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් නම් එය ඉතා හොඳ දෙයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 July 2021
බන්දුලගෙන් හාල් ගැන පොරොන්දුව මෙම සතියේ සිට රතු කැකැළු සහල් කිලෝවක් රුපියල් 88 බැගින් ඕනෑම ප්‍රමාණයක් සතොස වෙළෙඳසල්වලින් මිලදී ගතහැකි යැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය. 28 July 2021
හෙද හෙදියෝ කෑම පැයේ වැඩ වරති හෙද සේවාවට බලපාන වෘත්තීය ගැටළුවලට රජය ලබදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රටපුරා තෝරාගත් රෝහල් සියයක අද දහවල් විරෝධතාවක පැවැත්වීය. 28 July 2021
ලුණුගල ප්‍රා.ලේ කාර්යාලයේ පහකට කොරෝනා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පස් දෙනකුට කොවිඩ් රෝගය වැළදි ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 28 July 2021
ඔලිම්පික් බේස්බෝල් තරගාවලියට පන්දුව අපෙන් ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ පන්දු වීම වඩාත් කැපී පෙනේ. 28 July 2021
හෝමාගම ප්‍රා.සභාවේ සජබ මන්ත්‍රීවරු එජාපයට සමගි ජන බලවේගයට සහය දැක්වූ හෝමාගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකු නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා පැවැසීය. 28 July 2021
“රිෂාඩ්ගේ ගෙදර වැඩට විටින් විට දැරියන් 11 සපයලා’’ හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්කරු දැරියන් 11 දෙනකු ගෙනවිත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 28 July 2021
ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම් රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බව මැණික් හා මැණික් ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 28 July 2021
රටවල් පහක නියෝජිතයෝ බැසිල් හමුවෙති රටවල් පහක මෙරට තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් අමාත්‍යාංශයට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ. 28 July 2021
හරීන් සී.අයි.ඩි.යට යයි යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා ‘පාස්කු’ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 28 July 2021
’’කෘනාල්ගේ ආශ්‍රිතයන්ට කොවිඩ් නෑ’’ ‘කොවිඩ්’ ආසාදිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු කිසිඳු ක්රීඩකයකුට හෝ නිලධාරියකුට ‘කොවිඩ්’ ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵලවලින් තහවුරු වී තිබේ. 28 July 2021
හෙද නිලධාරීන් කෑම පැයේ වර්ජනයක් රජයේ හෙද නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය තව දුරටත් කල්මැරීමට විරෝධය දක්වමින් අද (28) ශ්‍රී ලංකාව පුරා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි. 28 July 2021
රට රැකියාවලට යන අයට එන්නත යුද හමුදා රෝහලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශයන්හි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද ආරම්භ කෙරුණු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 28 July 2021
නිරෝධායන නීති කැඩූ 124ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 July 2021
‘‘හිඟ බදු ගන්න හැටි මසක් ඇතුළත කියන්න‘‘ හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව )දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත . 28 July 2021
අදත් වැසි සහ තද සුළං බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 July 2021
මෙහෙකාරකම් කරන දරුවන් ගැන සොයයි කොළඹ හා අනිකුත් ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සිටී නම් 0112433333 අංකයට දැනුමි දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. 28 July 2021
මග මරුවා ඊයෙ 10 දෙනකු බිලි ගනී ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස්ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 28 July 2021
කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙක් කොම්පඤ්ඤවීදිය යූනියන් පෙදෙසේ දී කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 28 July 2021
ගෘහ සේවයට නව නීති:අර්ථ සාධකයත් එයි යම් පුද්ගලයෙකු සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 28 July 2021
ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ආධාරකරුවන් බව කියන පිරිසක් කඩු පොලු රැගෙන විත් ආපසු හරවා පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි. 27 July 2021
විස්සයි20 තරගවල ඉරණම පී.සී.ආර්. ප්‍රතිඵල මත ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වනවාද නැද්ද යන තීරණය හෙට (28) පෙරවරුවේ ලැබීමට නියමිත ඉන්දීය ක්‍රීඩකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල මත රදාපවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය. 27 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 1,688ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 July 2021
ඇල්පිටිය බස් නැවතුමේදි මගියකු ඇද වැටි මිය යයි ඇල්පිටිය බස්නැවතුම්පොළේ රැදීසිටි පුද්ගලයකු අද සවස හිටිහැටියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි. 27 July 2021
ශ්‍රී ලංකා-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයට වසර 50යි සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50 ක සපිරීම නිමිත්තෙන් අද (27) දෙරටේදී ඒකාබද්ධව සමරු මුද්දර දෙකක් නිකුත් කෙරුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 27 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,185ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,185 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 July 2021
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) පස්වරුවේ තහවුරු කළේය. 27 July 2021
පෙරටුගාමී - කොමියුනිස්ට් අර්බුදවලදී එක්වෙයි පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ඒ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය අතර අද (27) කොළඹ, ආචාර්ය එන්. එම්. පෙරේරා මාවතේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 27 July 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026