‘‘කොරෝනා එන්නත් නොදුන්නොත් බස් දුවන්නේ නෑ‘‘ සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මේ සතිය තුළ කොවීඩ් එන්නත ලබාදීමට රජය කටයුතු නොකළහොත් බස් රථ ධාවනයෙන් ඉවත් වීමට ඒකාබද්ධ තීරණයක් ගත් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියයි. 10 May 2021
නිරෝධායනය කැඩු 351ක් අත්ඩංගුවට නිරෝධායනයට උල්ලංඝනය කළ පුද්ගලයන් 351 දෙනකු ගත වූ 24 පැය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 10 May 2021
සිනෝෆාර්ම් මෙරටදීම නිෂ්පාදනයට සූදානම් චීනය හඳුන්වාදුන් සිනොපාර්ම් කොරෝනා මර්දන එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට චීන තානාපතිවරයා සමග සාකච්ඡා කර ගෙන යන බව ඖෂධ නිෂ්පාදන ,කැපවීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි . 10 May 2021
අධ්‍යාපන අමාත්‍යාංශයෙත් අංශ හයක් වහයි කොවිඩ් අවදානම හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශය ඇතුළු අංශ හයක් වසා දමා ඇතැයි එහි නිලධාරියෙක් පැවැසීය . 10 May 2021
මෙරට කොරෝනා මරණ 800 සීමාව පසු කරයි කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 15ක් අද දිනයේදී වාර්තා වූ අතර ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් දක්වා ඉහළ ගියේය. 09 May 2021
රත්නපුරයට නාය යෑමේ අවදානමක් පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑම් අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 May 2021
ගර්භනී මවුවරු රජයේ සේවයට නොකැඳවති රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. 09 May 2021
තවත් ගැබිණියක් කොරෝනාවෙන් මරුට කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර සඳහා යොමුකර සිටි කොරෝනා ආසාදිත ගැබිනි කාන්තාව අද මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 09 May 2021
වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (9) දිනයේ දී වාර්තා විය. 09 May 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා තවදුරටත් අත්හිටුවයි කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මගින් ලබාදෙනු ලබන සියලුම සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 09 May 2021
කොරෝනා වැළඳුණු ඉන්දිය තරුණයෙක් කැබිතිගොල්ලෑව රෝහලට අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත ඉන්දීය ජාතිකයකු ප්‍රතිකාර සඳහා කැබිතිගොල්ලෑව මුලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 09 May 2021
කෘත්‍රිම රා නිපදවන්නකුට දෙපාර්තමේන්තුවේ සහාය කෘත්‍රීම රා නිපදවනු ලබන පුද්ගලයකුට සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පස් දෙනකු සහය ලබා දී ඇතැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජේ. ගුණසිරි මහතා පවසයි. 09 May 2021
මංගලගෙන් කොරෝනා ගැන අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවේ කොරෝනා රෝග ව්‍යාප්තිය මේ ආකාරයටම ඉදිරියට ගියහොත් ලබන සැප්තැම්බරය වන විට කොරෝනා මරණ 20,000 කට වැඩි ප්‍රමාණය බලාපොරොත්තු විය හැකි යයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්ව විද්‍යාලය සඳහන් කර තිබෙන බව, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 09 May 2021
කැස්බෑව නාගරික මන්ත්‍රිට කොරෝනා: මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 09 May 2021
වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලියයි කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ. 09 May 2021
බෙලිඅත්තේ කඩ සහ පොදු වෙළෙඳපොළ දින තුනක් වහයි බෙලිඅත්ත නගරයේ අවමඟුල් නිවෙසකින් කොවිඩ් රෝගීන් 6 දෙනෙකු හමු වී ඇති අතර එම අවමගුලට ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගිවී ඇතැයි තොරතුරු හෙළිවීම නිසා ආරක්ෂක පියවරක් ලෙස නගරයේ සියලු වෙළඳසැල් හා පොදු වෙළෙඳපොළ (12) මධ්‍යම රාත්‍රී 12 දක්වා වසා දැමීමට තීරණය කළ බව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා පවසයි. 09 May 2021
පාර්ලිමේන්තු ආරක්ෂාව මාරු කරයි පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය පොලිස්පතිවරයා විසින් පසුගිය 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතා යටතට පත් කරනු ලැබ ඇත. 09 May 2021
එක්දින පිලේ සුක්කානම කුසල් පෙරේරාට ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නායකයා ලෙස ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා පත්කර ඇති අතර කුසල් මෙන්ඩිස්ට උපනායකත්වය හිමිවී තිබේ. 09 May 2021
පී.සී.ආර් වාර්තාව එන්නත් පෙර මළ සිරුර බාරදීලා රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබාමින් සිටිය දී මියගිය කුරුවිට පාතගම ප්‍රදේශයේ කාන්තාවකගේ සිරුර නිවසට රැගෙනවිත් පැය කිහිපයකට පසු පොලිසියේ සහ සෞඛ්‍ය අංශ නිලධාරීන් මැදිහත්ව එම සිරුර රාත්‍රියේම සැල්ල ආදාහනාගාරයේ දී ආදාහනය කළ බව පොලිසිය කුරුවිට කියයි. 09 May 2021
කොළඹ ගුවන් පාලම්වල වැඩ මාස 12 අවසන් කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි රථ වාහන තදබදයට පිළියම් ලෙස ඉදිකරන ගුවන් පාලම් මාස 12ක් ඇතුළත නිම කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කොන්ත්‍රාත් සමාගම්වලට උපදෙස් දී ඇත. 09 May 2021
කෝටි හයක කුඩු රේගුවේ හිරවෙයි රුපියල් කෝටි 6 ක් පමණ වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ දකුණු අප්‍රිකානු ජාතිකයකු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය අද කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනීමට සමත් විය. 09 May 2021
වයිරසය ආසාදිත සිසුවෙක් දැන දැනත් විභාගයට ඇවිත් කොරෝනා ආසාදිත 14 හැවිරිදි සිසුවකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති ලන්ඩන් ඕලෙවල් විභාගයට පෙනී සිටීම සඳහා එම දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන ඔහුගේ මාමාට එරෙහිව නිරෝධායන පනත යටතේ නඩු පැවැරූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි. 09 May 2021
‘‘ඉන්දීය ප්‍රභේදය සමාජගත වීමේ අවදානමක් නෑ‘‘ ඉන්දිය කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයාගෙන් වයිරසය සමාජයට පැතිරීමේ අවදානමක් නැතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසයි. 09 May 2021
ඇඟුණකොලේ රැඳවියෝ පිරිසක් එහි වහළකට නගිති ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් ඇඟුණකොළ බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවන් පිරිසක් එහි ගොඩනැගිල්ල වහලයක් මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි 09 May 2021
වේලාවටත් කලින් හැඳුණුපත් තැපෑලට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට මැයි මස දින සහ වේලාවෙන් වෙන්කරගත් පුද්ගලයන්ගේ හැදුනුම්පත් සකස්කර තැපෑලට යොමු කළේ යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. 09 May 2021
චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටේ පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීනය පවසයි. 09 May 2021
කාලගුණය ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවයි සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරුමැද පළාත්වලත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (9) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 May 2021
නිරෝධායන නීති කඩා 426 කූඩුවේ නිරෝධායන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් විසිහතර පැයේ දී පුද්ගලයන් 426 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 09 May 2021
කොරෝනා ආසාදනය වී අදත් 22ක් මරුට කොරෝනා ආසාදනය වීමෙන් තවත් විසි දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්ව ඉහළ ගොස් ඇත. 08 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026