
(යොහාන් භාසුර)
දුම්රිය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල පත්‍රිකාව හකුලා ගෙන බහුතර වෘත්තීය සමිති සමඟ ඒ පිළිබඳව සාකච්ඡා නොකළ හොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ ලේකම් සම්පත් රාජිත මහතා අද (22) පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත කළ පසු මහා භාණ්ඩාගාරයත් සමඟ සම්බන්ධය ඉවත් වී දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා මුදල් සොයාගත යුතු මෙන්ම අලුත් සේවයන්ට විශ්‍රාම වැටුප ද අහිමිවන බව කී සම්පත් රාජිත මහතා සේවකයන්ට වැටුප් කාණ්ඩ යෝජනා ඉදිරිපත් කරන ලෙස වෘත්තීය සමිතිවලට දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත කරලා වැටුප් විෂමතා ප්‍රශ්නයට විසඳුමක් දෙන්න සූදානම් වෙනවා නම් එයට විරුද්ධ බවත් වැටුප් විෂමතා පිළිබඳව සමස්ත වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළ යුතු බවත් සම්පත් රාජිත මහතා කීය.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ ලේකම් සම්පත් රාජිත මහතා එසේ පැවසීය.
දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ සහ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ වෘත්තිය සමිති සමඟ සාකච්ඡා නොකර දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුවක් කිරීමට සූදානම් වීම සැක සහිත බවත් එම තීරණය සම්බන්ධයෙන් නියමිත පිළිවෙළට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
එම මාධ්‍ය හමුවට දුම්රිය සේවක අයිතීන් උදෙසා සන්ධානයේ කැඳවුම්කරු ප්‍රසන්න උදයසිරි මහතා ද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමේධ සෝමරත්න කියන්නේ ඉස්සර ප්‍රවාහන ඇමති වෙල්ගමගේගේ හොඳ හෙන්චයියෙක්!
සේවකයන්ගේ අතිවිශාල අතිකාල ඇතුළු දූෂණ රැසකට ලක්වී ඇති දුම්රිය කෙසේවත් ගොඩ ගත නොහැකියි. වහාම පුද්ගලික කරන කල යුතු හෝ ඉන්දියාව වැනි රටකට කළමනාකරණය පැවරිය යුතුයි.
හොඳ තීරණයක්, පාඩු ලබන ආයතන විකුනන්න ඕන. නැත්නම් අපිට බරක්.