
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කාන්තාවන්ට අගෞරව සහ අපහාස වන ආකාරයෙන් කතා කිරීම සම්බන්ධයෙන් තමා කනගාටු වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ඒ ආකාරයට කටයුතු කිරීමෙන් ඉදිරියට වැළකී සිටින ලෙස තමා ඔහුට අවවාද කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙවැනි තත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස දැනුම් දෙන බව පැවසු අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තු සභා ගර්භයේදී මේ ආකාරයට හැසිරෙන්නේ නම් සභාවේ විනය පවත්වාගෙන යාම සදහා ස්ථාවර නියෝගවලට අනුව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තමාට සිදුවන බවද සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනක තිස්ස කුට්ටිආරච්චි මහතා පැවැසුවේ තමා එළවළු ගැන කතා කළා මිස කිසිවකුටත් අපහාස නොකළ බවයි.
රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා එදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ගේ ෆන්‍ට් සයිඩ්, බැක් සයිඩ් ගැන කතා කරද්දි අද තමාගේ කතාව ගැන කතා කරන මන්ත්‍රීවරියන් සිටියේ කොහේදැයි ප්‍රශ්න කළ තිස්සකුට්ටිආරච්චි මහතා තමා වල් පුද්ගලයකු නොවන බවද ප්‍රකාශ කළේය.
අනෙක් අය වල් වූවාට තමාට කරන්න දෙයක් නැතැයිද ඔහු පැවසුවේය.
තමා මෙම ගරු සභාවේදී කිසිදු අසභ්‍ය වචනයක් නොකී බවත් එසේ කීවා යැයි පවසන්නේ නම් ඒ වචනය මොකක්දැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවත් ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් පැවසුවේ පාර්ලිමේන්තුවේ කතා බස්වලට කාන්තාවන්ගෙ නම් ඈඳා නොගන්නැයි ඉල්ලීමක් කළාය.
සෘජුව නැතත් වක්‍රව හෝ කාන්තාවන්ට අපහාස කිරීම නොකළ යුතු බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙවැනි කතා බස්වලින් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වයට හානි සිදුවන බවද ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ඛේදයකි, නූගතුන්ට ගිය රට...
පක්ෂ භේදයකින් තොරව සමන්ත විද්‍යාරත්න වැනි ගරු කටයුතු පුද්ගලයෙක් පාර්ලිමේන්තු නොයවා මෙවැනි පහත් පුද්ගලයින් එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තු යැවීමෙන්ම තේරුම් ගන්න පුලුවන් 69 ලක්ෂය රටට කළ හානිය.
මේ මන්ත්‍රී වරයා නම් වාචාල කටක් මිසක් ඔලුවක් නැති වනචරයෙක්
කරන කලට පව් මීරිය මීසේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... කියමන මොහුට විපාක දෙනවා.
මම කිව්වා මේ මිනිහා ළඟදීම කනවා කියලා. හරිනේ අනාවැකිය... දැන්වත් කට වහගෙන ඉදපං පුතේ. කට අරින කොටම දන්නවා ගල් මොඩයෙක් බව. නුඹලා වගේ එවුන් කිහිප දෙනෙක් අපේ ගම් පලාතෙත් ඉන්නවා. සත පහකට ගණන් ගන්නේ නැහැ.