
(ඩයනා උදයංගනී)
දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට රට පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි ඇතිවන අතර සබරගමුව පළාතේ සහ මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ මේ රෙද්ද හැමදාම කැලබෙනවා මේ කාලකන්නි ආණ්ඩුව ආ දවසේ ඉඳන්