(රංජිත් රාජපක්ෂ)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථයක් කාර්මික දෝෂයකට ලක්විම නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන ගෙවල් 20 ප්‍රදේශයෙන් රථ වාහන ගමනා ගමන සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

කොලොන්නාවේ ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකිර්ණයේ සිට හැටන් කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථා ගබඩා සංකිර්ණය දක්වා ඩිසල් ලිටර් 33000 ප්‍රවාහනය කරමින් තිබු බවුසර් රථය අද (22) දින පස්වරු 4.30 ට පමණ හදිසියේ කාර්මික දෝෂයකට ලක් වි ඇති බවත්, එම බවුසර් රථයේ ටැංකිය කොටස සම්පුර්ණයෙන්ම ප්‍රධාන මාර්ගය අවහිර වන සේ නතර වි ඇති නිසා කිසිදු වාහනයකට මාර්ගය හරහා ගමන් කිරිමට නොහැකි බව ගිනිගත්හේන පොලිසිය කීය.

කාර්මික දෝෂයකට ලක් වු බවුසර් රථය අලුත්වැඩියා කිරිම සදහා කොළඹින් කාර්මිකයන් පිරිසක් පැමිණෙන තෙක් තවත් පැය කිහිපයක් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය ඇණ හිට තිබිම නිසා කොළඹ සිට හැටන් දක්වා ධාවනය වන වාහන ගිනිගත්හේන කළුගල , පොල්පිටිය , නෝටන්බ්‍රිජ් හරහා හැටන් දක්වා ධාවනය කරන ලෙසත්,හැටන් සිට කොළඹ දක්වා ධාවනය වන වාහන ගම්පොල මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.