
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ මට්ටමක පැවැති බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ කියති.
ඒ හේතුවෙන් පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව රුපියල් 50 - 60 ත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් කන්ද උඩරට ප්‍රදේශයවලින් කැරට්, ලීක්ස් ,බීට් ,ගෝවා ආදී එළවළු වර්ග ලැබී තිබුණු බවත් ඇතැම් එළවළු සඳහා ඉහළ මිලක් ප්‍රකාශකළ ද එම මිල ගණන් යටතේ අලෙවි නොවීම නිසා අඩු මුදල මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීම්ට සිදුවන බව වෙළෙන්දෝ පවසති.
එමෙන්ම පහත රට ප්‍රදේශවලින් සහ යාපනය අර්ධද්වීපයෙන් ද මෙදින දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වම්බටු ,මෑකරල්, දඹල ,පතෝල ,තක්කාලි ආදී එළවළු වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ලැබුණු බව පෙන්වා දෙන වෙළෙන්දන් කියා සිටියේ දුර බැහැර ප්‍රදේශවල එළවළු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දන්ගෙන් අඩුවීම නිසා මිල පහත වැටීම සිදු වෙමින් පවතින බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් තුන් 300 ත් 350 ක් අලෙවි වූ ලීක්ස් කිලෝ 23 දින උදේ රුපියල් 260 ත් 280 මිලක් පැවතිණි ,රුපියල් 350 ක් ව පැවති කැරට් කිලෝ එකක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලක් පැවතිණි .රුපියල් 350 අලෙවි වූ බෝංචි කිලෝ එකක් රුපියල් 200 ක් 220 අතර මිලක් පැවති අතර රුපියල් 280 ත් 300 ත් අතර මිලකට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 200ත් 220 යන තොග මිලයකට අලෙවි වීම විශේෂ විශේෂත්වයකි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින දකුණු පළාතෙන් දෙල් යම් මට්ටමකින් ලැබීම් ඉහළ ගොස් තිබීමත් සමග රුපියල් 200 කට පැවති දෙල් ගෙඩියක තොග මිල 23 දින රුපියල් 130 සිට 160 දක්වා මිලකට අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd