(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් උපයාගත් දේපළ රාජසන්තක කළාසේම අනෙකුත් වංචා පිළිබඳවද නිත්‍යානුකූලව ඔප්පු වුවහොත් ඒ දේපළද පවරා ගැනීමට තමා පසුබට නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේිදී
අද (22) පැවසීය.
තවත් එවැනි වංචා ගැන තොරතුරු තිබේ නම් යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඔහු ඉල්ලීමක් කළේය.
මුදල් ඇමැතිවරයා මෙසේ පැවසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේ පිළිතුරු කතාව පවත්වමිනි.
අපි සියළු දෙනා එක්ව රට ගොඩ නගමු යැයිද ඔහු පැවසුවේය.
රට පුරා ආහාර ද්‍රව්‍ය ප්‍රචලිත කිරීමට විශේෂ වගා සංග්‍රාමයක් අරඹන බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා ආහාර හිඟයකට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මල්වාන ඉඩමයි, ගෙදරයි...? අයිතිකාරයෙක් නැති හින්දයි ඇහුවේ..!!!
මගෙ පුතේ, මල්වානේ බංගලාවත් එක්කම ඒ ඉඩම පවරාගනින්...!
මල්වානෙ ගේ පවරගන්නෙ කවද්ද?
ඔවා දෙනු පරහට... තමා සම්මතේ පිහිටා සිට... තමුන්ගේම උදවියගෙන් පටන් ගත්තා නම් හොඳ නැද්ද?.
හොරා, හොරා කියමින් හොරා පස්සේ දුවන කතාව මතක් වුණා මල්ලි.
පැන්ඩෝරා පේපර්ස්වලින් එලිදරව් වූ මුදල් ඔයාගේ නේද? අයිතිකාරයා නැති වලව්වත් ඒ අයටම නේද ලියලා තියෙන්නේ... ?
ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා ගත්ත ගෙදර? රොකට් රෝහිත රොකට් යවපු සල්ලි...?
එතකොට මල්වානේ ඉඩම, සුනාමි සල්ලි, සීනි සල්ලි...?
හරි හමන් රස්සාවක්වත් නැතුව සමහරු කෝටිපතියන් වෙලා පිටරටවල පවුල් තියාගෙන මෙහෙ සුපිරි ජීවිත ගෙවන්නේ කොහොමද කියලා හොයා බලලා ඒ කට්ටියගේ සල්ලිත් රාජසන්තක කළොත් නරකද?
මේ මිනිස්සු කටවල් වලින්ද අප්පා කතාකරන්නේ..?
මෙතුමන්ලාගේ පියා නම් මාරම පොරක්. ඔව්...! මාරම පොරක්
මහන්සි ඇති නේද ඕවාකරලා...
මතු උපදින ආත්මයකදීවත් සාටකයෙක්ව දකින්නවත් නොලැබේවා..!!!
මල්වානේ ඉඩම? අමෙරිකාවට පන්නලා කැලිෆෝනියාවේ ආයෝජනය කරපු අපේ රටේ සල්ලි?
මිග් යානා ගැහිල්ල...? එයර්බස් ගනුදෙනුව...? මේගොල්ලෝ කරන්නේ වැරදිකරුවන්ව නිදොස් කොට නිදහස් කර සභාපතිකමුත් දෙනවා.
රජයට පවරා ගන්නවද? නැත්නම් ඔයාලාට පවරා ගන්නවාද..? නිකම් ඇහුවේ... නෑ ඔයාලාට පවරා ගන්නවා නම් තමන්ගේ දේපල තමන්ටමනේ පවරා ගන්න වෙන්නේ...
ඉස්සෙල්ලාම තමන්ගේ පවුලේ දේපල උපයාගත් හැටි රටට හෙළිකරලාම පටන් ගත්තොත් තමයි හොඳ...
එතකොට බැංකුව කඩලා ගත්ත සල්ලි ?
ඕක හරියට කලොත් ඔය හැමෝගෙම දේපල ඔක්කොම දෙන්න වෙනවා.
කොහෙන් හිනා වෙන්නද මේවට කියලා කල්පනා කලේ
මෙතුමා කියන කතාව ඇත්ත බව අපිට විශ්වාසයි..
මේ කොහෙන්ද කතා කරන්නේ?
එහෙම වංචා වලට සම්බන්ධ දේවල් පවරා ගන්නවානම් ... ඔය හැමෝගෙම ඒ සියල්ලම මහජනතාවගෙන් හොරා කාපු දේවල්...!!!
ඇමැතිතුමනි, අපි බීලා නැහැ..!
මල්වානේ ගෙදර, ඩෙසි ආච්චිගේ මැණික් මල්ල වැනි දේවල්...
බැදුම්කරේ තැන්පතු පහුගිය රජය විසින්ම රඳවා ගත්තා මිස මෙයා ඒවායින් කරපු දෙයක් නැහැ. එහමනම් කේ පී මාර්ගයෙන් අත්පත් කරගත්තු කොටින්ගේ නැව් ටික දැන් කොහෙද? කොටින්ගෙන් අත්පත් කරගත්තු රත්තරන් ටික දැන් කොහෙද? සුනාමි අරමුදල් කෝ දැන්? අපි වෙනුවෙන් අපි රණවිරු නිවාස අරමුදලට මොකද්ද වුනේ? මල්වාන නිවාස, මාතර බ්රෝව්න්ස් හිල් ඉඩම්, පෙන්ධොරා මුදල්, මැදමුලන සොහාන නැවත රජයට පවරා ගන්නවද? මේවා අවුස්සන ගියා නම් ගඳයි.
මල්වානේ මාලිගව, මාතර බ්‍රවුන් සිල් වල ඉඩම සහ නිවස ගෙනත් සොයා බලලා රජයට පවර ගත්තොත් නරකද සර්.....???
බැදුම්කර වංචාවේ සල්ලි රාජසන්තක කරපු එක ලොකු දෙයක්. මේ ආණ්ඩුව නැත්නම් ඒකත් තාම හොරුන්ගේ සාක්කුවේ. මේ සල්ලි වලින් පාසල් රෝහල් කීයක් හදන්න පුලුවන්ද, ඉතුරු සල්ලි ටිකත් අරගෙන අනිත් හොරකම් කරපුවා ගැනත් හොයලා ඒවා රාජසන්තක කරන්න. ඇමතිතුමා කිවිවනේ තව තියනවානම් කියන්න කියලා. දැන් ඔය කැගහන අයට අවස්ථාව තියෙකවා ඒවා හොයලා දෙන්න.
අනිත් ඒවත් මේ වගේ ගන්න.
හොද වැඩක්. සියලු වංචා මේ විදිහට හොයලා රට දියුණු කරන්න ආණ්ඩුවට පුලුවන්
අනුන් හොරකම් කරපුවා අල්ලන්න කලින් තමන්ගේ අය හොරකම් කරපුවා පිළිගන්න පුරුදු වෙන්න.
එය එලෙසනම් පරපුරම හම්බ කරපුවා නැවත පවරා ගත යුතුයි.
කෝ ඒකට සම්බන්ධ වුණු අයට දඬුවම්? ළඟදීම රනිල් සහ රවී ඇතුළු සෙට් එකේ දේපළ රාජසන්තක කළාම පිටකොටුවේ හිඟාකනවා බලන්න පුළුවන්...
හොඳ වැඩක් හරියට කළොත් යහපාලන සෙට් එකේම අයගෙන් අයකරගන්න පුළුවන් වෙයි. කළේම හොරකම්...
හොඳ වැඩක්.. යහපාලන අය ඔක්කොම හොරු..