
අමදෝරු අමරජිව
ඩයිනමයිට් පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු තොගයක් හලාවත ගැනුම්කරුවන් පිරිසකට අලෙවිකරද්දි සැකකරුවන් හයදෙනෙකු නිලාවේලි පොලිස් වසමට අයත් කෝනේෂපුරි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමල ධිවර නිලධාරිහු පවසයි.
පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මාලු තොගයක් අලෙවි කිරිමට සුදානම් වන බවට නාවික හමුදාවෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වු ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න, ධීවර නිලධාරි වී සිවදීපන්, සංවර්ධන නිලධාරි ඒ.එම්.එස්.දිල්රුක් යන නිලධාරිහු මෙම වැටලිම සිදු කළහ.
නිලාවේලි සහකාර පොලිස් අධිකාරි ඩබ්.ඩි.එස්.පි. ජයවර්ධන මහතාගේ උපදෙස් මත නිලාවේලි වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුඹුරේගම මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනාගෙන් දෙදෙනකු හලාවත සිට පැමිණි ගැනුම්කරුවන් වන අතර ඉතිරි සිව් දෙනා විකුණුම්කරුවන් බව ධිවර නිලධාරිහු පැවසුහ.
සැකකරුවන් සමග මාලු තොගය වැඩිදුර පරික්ෂණ සදහා නිලාවේලි පොලිසියට බාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද මාළුන්ගෙනේ... ඩයිනමයිට් ගහන තැන හිටියේ මොකටද? ඩයිනමයිට් ආවේ කොහෙන්ද කියලා හොයන්නේ නැත්තේ ඒකයි නේද?
පව්කාරයෝ...!