
(යොහාන් භාසුර)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දකුණු පළාත් කර්මාන්ත සඳහා හවුල් සේවාවන් ලබාදීම සඳහා ‘ඒකාබද්ධ පරිශීලක සේවා‘ අවබෝධතා ගිවිසුමකට අස්සන් තැබීය.
චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංග්ස්හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල යන මහත්වරු එම ගිවිසුමට අස්සන් තැබූහ.
මෙම අවබෝධතා ගිවිසුම යටතේ, හම්බන්තොට ප්‍රදේශයට සහ වරායේ පිහිටි කර්මාන්ත පුරයට සෘජු විදේශ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඒකාබද්ධ සංනිවේදන පහසුකම් සැපයීමට සහ සුදුසු ව්‍යාපෘති හඳුනාගැනීම සඳහා වෙළඳපොළ පර්යේෂණ පැවැත්වීම ආදි කටයුතු සිදුවනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බනොතොට ජාත්‍යන්තර වරාය සමූහය ,අලුත් නමක් සමූහයේ ඉතුරු වරායවල් කොහෙද තියෙන්නේ ?චීන කොලනියේ ප්‍රාන්ත වලද ?ලජ්ජා නැති අප්පාගේ පුතණ්ඩියා ඉන්නේ තොරණ වගේ