(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

වේවැල්, පිත්තල , මැටි, ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ‘ජාතික ශිල්ප සභාවේ’  නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ , කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බත්තරමුල්ල  වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී අද  (22) සිදුකෙරිණි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ආරාධනයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් www.lakshilpa.com වෙබ් අඩවිය මෙහිදී එළිදැක්වීය අමාත්‍යවරුන් මෙන්ම ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් එරහපොල,වේවැල් පිත්තල මැටි ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍යාංශයේ  එම්.ඒ.බී.වී බණ්ඩාරනායක  යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.