
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජය තීරණයක් ගෙන නොතිබියදී ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා එම තනතුරෙන් වහාම ඉවත් කිරීමට උපදෙස්දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
පළිබෝධනාශක රෙජිස්ට්‍රාරවරයා ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මේ පුද්ගලයා ඊයේ දිනයේම එම තනතුරෙන් ඉවත් කිරීමට තමා උපදෙස් දුන් බව පැවසූ ඇමැතිවරයා ග්ලයිෆොසේට් තහනම යළි පැනවීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.
රසායන සමාගමකට අවශ්‍ය පරිදි පළිබෝධනාශක ගෙන්වීමට මෙයට පෙර කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ පුද්ගලයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත් පළිබෝධනාශක ගෙන්වීමේදීද මේ පුද්ගලයා එක්තරා සමාගමකට පක්ෂපාතව කටයුතු කර ඇති බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.
රසායන පොහොර සමාගම් සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් පසුගිය කාලයේදී කටයුතු කර ඇති බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
(යොහාන් භාසුර)
ග්ලයිෆොසේට් ඇතුළු පලිබෝධනාශක පහක් ප්‍රදේශ කිහිපයක භාවිතය සහ අලෙවිය තහනම් කරමින් 2014 වසරේ දෙසැම්බර් මස 22 වැනි දින නිකුත් කළ තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව විනය පියවර ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දිානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේග ජයසිංහ මහතා ගෙන් කරුණු විමසා ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමට මෙම උපදෙස කවුරුවත් දුන්නද? නැත්නම් තමන්ගෙ හිතුමතයට ගනිපු තීරණයක්ද? මොනව උනත් රටක නායකත්වයක් නැති බවයි පෙනෙන්නෙ මේ වගේ දේවල් වලින්
රෙජිස්ට්‍රාර් වරය හිතුමතේ කලා වෙන්න බෑ ඉහලින් දීපු උපදෙසක් අනුව කරන්න ඇති කවුද දැන් අපේ රට පාලනය කරන්නෙ? හරිම අවුලක් අගේට තිබුනු රටකට ගිය කලක්…!
මේක දෙපාර්ශවයම සාකච්ඡා කරල කරන නාට්‍යක්. දේශප්‍රේමී ආණ්ඩුවක් බව පෙන්නීමට.
රටට අබ සරණයි
එහෙම චෝදනා තියෙන කෙනෙක්ව ඒ තනතුරේ තියා ගත්තේ ඇයි? අපි ඔටුවෝ කියලයි මහින්දානන්ද හිතන් ඉන්නේ.
කෘෂිකර්ම ඇමැති වෙන්න මහින්දානන්දට තියෙන අධ්‍යාපන සුදුසුකම් මොනවද?
කතන්දරේ වැඩිවිස්තර යූ ටියුබ් නාලිකාවෙන් බලාගන්න පුළුවන් වේවි.