(ටී.කේ.ජී.කපිල)

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ හැට දහසක් ( 140,60,000 ) ක් වටිනා දේශීය සහ විදේශීය මුදල් තොගයක් , නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයකු අද අලුයම  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු විසින් රැගෙන ආ සිය අත් බෑගය තුළ ශ්‍රී ලංකා රුපියල් කෝටියක මුදලක් සහ ඇමෙරිකානු ඩොලර් විසි දහසක මුදලක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගුවන් තිබුණි .

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් සහ රේගු පාලන අංශයේ නිලධාරීන් පිරිසක් මෙම අත් අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි .