ව්‍යාජ චෙක්පත් වංචාවේ සැකකරුවෙක් අත්අඩංගුවට මෙරට ප්‍රධාන පෙළේ වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමේ තවත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි 11 May 2021
සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි දිවයිනේ සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු අද සිට මැයි 31 දක්වා අවලංගු කළ බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. 11 May 2021
දුම්රිය ධාවනයත් බස්නාහිර පළාත තුළ පමණයි පළාත් අතර සංචරණය සීමා කිරීමත් සමග දුම්රිය ධාවනය ද ඒ අනුව පවත්වාගෙන යෑමට අද පැවැති සාකච්ඡාවේ දී තීරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසයි. 11 May 2021
කොරෝනා නීති කැඩු සුපිරි වෙළෙඳහලට වැඩ වරදි හුදකලා නීති ගණනකට නොගෙන පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ සුපිරි වෙළඳසලක කොරෝනා නීති උල්ලංඝණය ගණන් නොගෙන සේවය කළ සේවක සේවිකාවන් තිස් දෙදෙනකු නිරෝධානය කිරීමට පියවර ගත් බව පිළියන්දල පොලිසිය කියයි . 11 May 2021
හරිත සමාජ ආර්ථික රටාවකට කාර්ය සාධක බලකායක් ශ්‍රී ලංකාවේ හරිත සමාජ ආර්ථික රටාවක් ගොඩනැංවීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (11)පත් කරනු ලැබීය. 11 May 2021
ගංගා නදියේ මළසිරුරු පාවෙයි ’කොවිඩ් 19’ වසංගතය හමුවේ, ඉන්දියාවේ රෝහල්වලත්, නිවෙස්වලත්, මාර්ගවලත් කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු ගොඩගැසෙන්න පටන්ගෙන ඇති බවත්, ගංගා නදියේ පවා මළසිරුරු පා වීමට පටන්ගෙන ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. 11 May 2021
ශ්‍රී ලංකා රජයෙන් කැනඩා රජයට විරෝධය කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාව විසින් ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ නමින් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කැනඩාවට විරෝධය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියයි. 11 May 2021
සෞඛ්‍ය නීති කැඩු විවාහ උත්සවයේ 11කට කොරෝනා සෞඛ්‍ය නිතිරිතිවලට අනුගමනය නොකර පැවැත් වූ මංගල උත්සවයක මනාල යුවළ ඇතුළු 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කොස්වත්ත මැද කිරිමැටියාන ග්‍රාම නිලධාරි වසමට අද පෙරවරුවේ සිට සංචරන සීමාවන් පැනවු බව දන්කොටුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කාර්යාලය කියයි. 11 May 2021
පළාත් අතර වැහුවත් රාජකාරි අවශ්‍යතා මත බස් කිපයක් ධාවනයට පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය තීරණය කළත් රජයේ සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය රාජකාරි සදහා යන සේවකයන් වෙනුවෙන් සීමිත බස්රථ ප්‍රමාණයක් ධාවනය කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 11 May 2021
පස්යාල සිට කඩුගන්නාව දක්වා අදියර හතරක් යටතේ පුළුල් කරයි කොළඹ - මහනුවර මාර්ගයේ පස්යාල සිට කඩුගන්නාව දක්වා කිලෝමීටර 56 කට ආසන්න ප්‍රමාණය අදියර හතරක් යටතේ වසර එකහමාරකින් පුළුල් කර සංවර්ධනය කිරීමට මහාමාර්ග අමාත්‍ය පියවර ගෙන තිබේ. 11 May 2021
ප්‍රාදේශීය මාධ්‍යවේදීයාගේ ගෙදරට අලි ගහලා වැල්ලවාය ප්‍රාදේශීය මාධ්‍යවේදී ඉන්දික ගුරුසිංහ මහතාගේ නිවෙසට අද අලුයම වල්අලි ප්‍රහාරයකින් බරපතල ලෙස හානි වී ඇත. 11 May 2021
හඳුනා නොගත් සිරුරු 20ක් කොළඹ රෝහලේ මාස තුනක් තිස්සේ හඳුනා ගැනීමට නොහැකි වුණු හිමිකරුවන් නොමැති මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීහු පවසති . 11 May 2021
අන්තර පළාත් බස් ධාවකයනට සහන කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් වෙත සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි. 11 May 2021
අවදානමක් නැති කොරෝනා රෝගීන්ට නිවසේම ප්‍රතිකාර කොරෝනා ආසාදිත එහෙත් අවදානමක් නැති රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීමේ බව ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 11 May 2021
උපන්දින සාදයක් පැවැත් වූ 25ක් නිරෝධායනයට මඩකලපුව මුලස්ථාන පොලිස් වසමේ කොට්ටමුනේ සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාශයේ හුදකලා නිතිය උල්ලඝනය කර උපන් දින සාදය පැවෙත්වූ තරුණයකු අඩංගුවට ගෙන ඇති අතර සභභාගිවුවන් 25 දෙනකු නිරෝධායනය කළ බව සෞඛ්‍ය අංශ කියයි. 11 May 2021
අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රීයේ නතර වෙයි අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද මධ්‍යම රාත්‍රියේ සිට අත් හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩ මහතා පවසයි. 11 May 2021
සංචරණ සීමා අද මැදියම් රැයේ සිට ක්‍රියත්මකයි පළාත් අතර සංචාරණ සීමා අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 May 2021
පොල් වගා කිරීමේ මණ්ඩලයේ කෝටි 2ක වංචාවේ වාර්තාව ලේකම්ට පොල් වගාකිරීමේ මණ්ඩලයේ මුදල් රුපියල් කෝටි 2 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායම කළ පරීක්ෂණයේ වාර්තාව එම අමාත්‍යංශයේ ලේකම්වරයාට යොමු කර තිබේ. 11 May 2021
පොහොර හිඟය ගැන මත දෙකක් ශ්‍රී ලංකාව තුළ දැඩි පොහොර හිඟයක් පවතීමෙන් වගා කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි දිවයින පුරා ගොවිහූ චෝදනා කරති. 11 May 2021
රාජ්‍ය සේවය බිඳවැටිමකින් තොරව පවත්වාගෙන යාමට බලය පවරයි රජයේ කාර්යන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ආසන්නම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම තීරණය කිරීමේ බලය අදාල අමාත්‍යාංශ ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හා ආයතන ප්‍රධානීන්ට පවරන ලැබ ඇත. 11 May 2021
මිහින්තලේ බැංකු කොල්ලය වරදි මිහින්තලේ නගරයේ පිහිටි රාජ්‍ය බංකුවක් කිසියම් පුද්ගලයකු කොල්ල කෑමට උත්සහ කර ඇතත් එහි හදිසි ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක වීමට නිසා එය ව්යාර්තවූ බව මිහින්තලේ පොලිසිය කියයි. 11 May 2021
දිස්ත්‍රික්ක හතරක වසම් හයක් වහයි දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම සේවා වසම් හයක් අද අලුයම සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 11 May 2021
නිරෝධායන නීති කැඩු 548 අත්අඩංගුවට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 548 දෙනකු ගතවූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 May 2021
ඉදිරි 24 පැයේ කාලගුණය සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 May 2021
කොරෝනා මරණ තව 26 ගත වූ 24 පැයේ කොරේනා ආසාදිත මරණ 26 වාර්තා වී ඇතැයි සෞඛ්‍ය වාර්ත සඳහන් කරයි. ඒ අතර මාස තුනක බිළිඳියක ද සිටින බව වාර්තා වෙයි 11 May 2021
කවුන්සිලේ 14ක් පැමිණීමෙන් කප් ගහල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් සියලු මැති සභා රැස්වීම්වලට පසුගිය කාලයේ සහභාගි වී ඇත්තේ මන්ත්‍රීවරුන් 14 දෙනකු පමණකැයි එම මන්ත්‍රීවරුන්ගේ කාර්ය සාධනය නිරන්තරෙන් විමර්ශනයට ලක්කරන මන්ත්‍රී .ඩොට්.එල්.කේ වෙබ් අඩවිය පවසයි . 11 May 2021
සැර වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයන්න බුද්ධි අංශය රට පීරයි බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදය (බී .117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන අරඹා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 11 May 2021
ඉටුකම අරමුදලේ මුදල් එන්නත්කරණයට යොදවයි කොවීඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය එන්නත් කරණය සඳහා යෙදවීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 10 May 2021
දුම්රිය ධාවනය ගැන තීරණය හෙට පළාත් පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුම්රිය සේවා සම්බන්ධයෙන් තීරණයක් හෙට ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 10 May 2021
ලංගම දුරගමන් සේවා නවතී සියලු පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයත් සමඟ දුර ගමන් සේවා බස් රථ සීමාකිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. 10 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026