මළගෙදර වලියෙන් තරුණයෙක් මරුට බංගදෙණිය කුමාරකට්ටුව වතු යායක මරණ ගෙදරක දි දෙදෙනකු අතර ඇතිවු ආරාවුලක දි ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු අද ( 1දා ) අළුයම මිය ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි. 01 August 2021
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නව නීති අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. 01 August 2021
දුම්රිය සහ මගී බස් සේවා හෙට සිට සෞඛ්‍ය ක්‍රම අනුව ධාවනයට පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110ක් හෙට දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුරන්දර මහතා පවසයි. 01 August 2021
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1242 වාර්තාවන බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 01 August 2021
සෞඛ්‍ය කාර්යාලවල ආ පිරිසක් ආපසු යති ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සදහා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් මහජන සෞඛ්‍ය කාර්යාලය අසලට ආ පිරිසට එන්නත් නොමැතිව ආපසු යාමට සිදූ වූ බව අප වාර්තා කරුවෝ පවසති. 01 August 2021
ශ්‍රී ලංකා - රුසියා ගුවන් ගමන් වසර හයකට පසු නැවත අරඹයි අවුරුදු හයකට පෙර නතරවූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද උදෑසන සිට යළිත් ආරම්භ කරමි, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 01 August 2021
බියගමින් කොරෝනා පොකුරු කීපයක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකින් මනාල යුවළ තුන ඇතුළු 35කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පවසයි. 01 August 2021
කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකරු වීදුරු කටුවකින් කපා පැන යාමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි තබා සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි. 01 August 2021
වැලිකඩ කාන්තා සිරමැදිරියට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් තහනම් බඩු සහිත පාර්සල් හතරක් වැටී ඇති බව බන්ධනාගාර බන්ධනාගාරය පවසයි. 01 August 2021
සෞඛ්‍ය නීති කැඩූ 125ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 125 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2021
කඩින් කඩ අදත් වැස්ස සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2021
සෞඛ්‍ය නීති කියාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකට උදලු පහර මුහුණු ආවරණයක් පැළඳ ගන්නැයි අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට උදැල්ලකින් ගැසූ බව කියන වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 01 August 2021
යකැදුරකුගෙන් 45 කතකට 19 තරුණියකට අපූරු ශාන්ති කර්මයක් හාලිඇල්ල බෝගොඩ ප්‍රදේශයේ නිවසක ශාන්ති කර්මයකට පැමිණ සිටී යකැදුරකු නිවසේ සිටි 45 කාන්තාවකට හා 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි . 01 August 2021
අධිවේගයේ වාහනවලින් තෙල් ඇද්ද හතක් මාට්ටු මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වාහනවලින් ඉන්ධන සොරා ගත් සංවිධානාත්මක කල්ලියක හත් දෙනකු අන්අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 01 August 2021
අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ගැටීමෙන් සිදු වූ සිදුවූ අනතුරක් හේතුවෙන් ඇය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 31 July 2021
කොවිඩ් මරණ 61ක් කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය. 31 July 2021
ඇස්ට්‍රාසෙනිකා එනනත් කරන තැන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් අද නම් කරනු ලැබීය. 31 July 2021
කොරෝනා ආසාදිතයන් 2150ක් වාර්තා වෙයි. කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2150 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 31 July 2021
‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘ තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 31 July 2021
කාබනික පොහොර වැඩේට සෝභිත හිමියන්ගෙන් තල්ලුවක් රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය කිසිවිටකත් නැවත හකුලා නොගන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හෙළ බොදු සවිය සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති . 31 July 2021
මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරයි මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද පේරාදෙණිය ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේදී සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 31 July 2021
එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතු කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 31 July 2021
කොරෝනා අවදානමක් නිසා වසා දැමුණු විදුලිබල අමාත්‍යාංශය යළි ඇරේ කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසා දැමුණු විදුලිබල අමාත්‍යාංශය යළි විවෘත කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. 31 July 2021
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය 31 July 2021
ඇඟලුම්වලින් බදු අය කිරීමේ දී රුපියල් කෝටි 16 ක ට වැඩි පාඩුවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් නිෂ්පාදන සමාගම් දේශීය වෙළඳපොළට සපයන ඇඟලුම් ඒකක මත අය කිරීමට පැනවූ බදු වසරකට ආසන්න කාලයක් ප්‍රමාද වී අය කිරීම නිසා රුපියල් කෝටි දහසයකට වැඩි මුදලක් පාඩුවී (බදු මුදල් අහිමි වී) ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව)පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 31 July 2021
මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ පීඨයක් ලෙස ගැසට් කරයි කොළඹ කොටුවේ , ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් බලපත්‍රයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. 31 July 2021
ඉසුරු උදාන ක්‍රිකට් පිටියෙන් සමුගනීයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 31 July 2021
ඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයේ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී. 31 July 2021
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයන්න තවත් පරීක්ෂණ වටයක් ළඟදීම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයා බැලීමට තවත් පරීක්ෂණ වටයක් නුදුරේදීම අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය . 31 July 2021
කොවිඩ් එන්නත් සහතිකය අනිවාර්ය කෙරේ? කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත. 31 July 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026