කොවිඩ් මැද්දේ ලංකා බැංකුව ලාභ උපයලා: මුදල් කමිටුවේ දී තොරතුරු හෙළිවේ ලංකා බැංකුව මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි 196 කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය. 02 August 2021
අධ්‍යාපන ඇමති ගුරුවරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි සියලුම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය පරිදි කාර්යාලවලට පැමිණ රාජකාරී කළ යුතු බවට රජය දැනුම් දී ඇති බැවින් පාසල්වලට පැමිණ පාසැල් විවෘත කිරීමට අවශ්‍ය පෙර සූදානම් කටයුතුවලට යෙදෙන්නැයි සියලු ගුරු භවතුන්ගෙන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් තමන් ඉතා ඕනෑකමින් සහ ආයාචනාත්මකව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 02 August 2021
මැදිරිගිරියේ ගොවීහු වී වලට සහතික මිලක් ඉල්ලති වී මිල වහා වැඩි කර, පොහොර සහනාධාරය නැවත ලබා දෙන්නැයි රජයට බල කරමින් මැදිරිගිරියේ ගොවීහු මැදිරිගිරිය නගරයේ දී අද විරෝධතාවයක නිරතවූහ. 02 August 2021
රනිල්ගෙන් රිට් පෙත්සමක් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් අද ගොනු කළේය. 02 August 2021
සිසුන් 100ට අඩු පාසල් 2962ක් ශ්‍රී ලංකාව තුළ සිසුන් 100ට අඩු පාසල් 2962ක් ඇති බවත් එම පාසල් පළමුවෙන්ම වීවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 02 August 2021
කොරෝනා අසාදිතවී ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් මැරිලා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉකුත් ජූලි මාසයේදී පොලිස් නිලධාරීන් පස් දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 August 2021
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට ඔන්ලයින් සහාය කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කර ගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ (එස්.එම්.එස්) මගින් සිදුකල හැකි බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. 02 August 2021
‘ඇස්ට්‍රාසෙනිකා’ ඉතිරි තොගය සෙනසුරාදා ලංකාවට ජපාන රජයෙන් මෙරටට පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා ඉතිරි එන්නත් තොගය ලබන සෙනසුරාදා (7) රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති, අකිරා සුගියාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. 02 August 2021
දිවා රැ නොබලා යුද හමුදාව එන්නත් කරණයේ කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි. 02 August 2021
හැටන් - නුවරඑළිය පාරට මාර ගසක් වැටේ හැටන් - නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල ප්‍රාදේශිය රෝහල ආසන්නයේ පිහිටි මාර ගසක් අද දහවල් ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයකට ආසන්න කාලයක් නතර වූ බව දිඹුල පොලිසිය පවසයි. 02 August 2021
ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචනයක් නිෂ්ප්රභා කරයි පිළිගත හැකි සාධාරණ හේතුවක් නොමැතිව සැලකිය යුතු කාලයක් සේවයට වාර්තා නොකර සිටින සේවකයකු සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීම ට සේවා දායකයකුට සාධාරණ අයිතියක් ඇති බව තීන්දු කරමින් ජාතික සේවක සංගමය ගොනු කළ අභියාචන පෙත්සමක් නිෂ්ප්රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. 02 August 2021
අද සිට දුම්රිය ධාවනය වන අයුරු රජයේ ආයතනවල රාජකාරී කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර 104ක් ක්‍රියාත්මක කරවීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තෙම්න්තුව පියවර ගෙන ඇත. 02 August 2021
මාවුස්සාකැලේ දොරටු වරින් වර අරී මවුස්සාකැලේ ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු අද දින 12ක් වරින් වර විවෘත කර තබන බවට විදුලි බල මණ්ඩලය දැන් වූ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. 02 August 2021
ආබාධිත අයට වාහනයේදීම එන්නත් කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගැනීමට නොහැකිව සිටි පිරිස් වෙත දෙවන මාත්‍රාව ලබාදීම කොළඹ දියත උයනේ දී ද අද (2) සිට ආරම්භ කෙරිණි. 02 August 2021
තුන් හැවිරිදි දැරිය උණු කිරි හැළියට වැටී මරුට උණු කළ එළකිරි භාජනයකට වැටී බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි තුන් හැවිරිදි දැරියක සිද්ධියෙන් දින 13කට පසු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 02 August 2021
ගුරුවරු අදත් තැන තැන විරෝධයේ කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරෝධය පෑමට හා වසර විසි හතරක් තිස්සේ නොවිසිදුනු ගුරු විදුහල්පති වැටුප් ප්රශ්නය වහා විසඳුම් ඉල්ලා දිවයිනේ නගර රැසකදී අදත් ගුරු විදුහල්පති විරෝධතා සංවිධානය කර තිබුණි. 02 August 2021
කොතලාවල පනත ඇතුළු පනත් 4ක් මේ සතියේ විවාදයට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් සහ කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ප්‍රතිපාදන වෙන් කෙරෙන පරිපූරක ඇස්තමේන්තුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කෙරේ. 02 August 2021
කොවිඩ් ප්‍රතිකාර ශක්තිමත් කිරීමට ජංගම දුරකථන යෙදවුමක් කොවිඩ් රෝගයට අදාළව අදාලව තම සෞඛ්‍ය තත්වය පිළිබද තොරතූරු ලබාගැනීමට සෙල්ෆ් ෂීල්ඩ් (“Self Shield”) නමැති ස්මාර්ට් ජංගම දුරකථන යෙදුවුමක් හඳුන්වාදී ඇත. 02 August 2021
‘‘රට විවෘත කිරීමෙන් ආණ්ඩුව අපෙක්ෂා කරන්නේ මොනවාද?‘‘ සංචරණ සීමා ලිහිල් කර සියළුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවා ආණ්ඩුව කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අංශවල උපදෙස් මතදැයි වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි සමගි ජන ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා කොළඹ දී අද පැවසීය. 02 August 2021
ඩෙල්ටාවෙන් ගැලවීමට එන්නත් මාත්‍රා දෙකම ඕනෑ වේගවත් පැතිරීමක් ඇති සහ බරපතළ සංකූලතා මතු කරවන ඩෙල්ටා සැර කොරෝනා වයිරසයෙන් බේරීමට නම් එන්නත් මාත්‍රා දෙකම අනිවාර්යෙන්ම ලබා ගත යුතු යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා,ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 02 August 2021
රාගම නගරයේ මැරී වැටුණු දෙදරු පියාට කොරෝනා කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු රාගම නගර මධ්‍යයේ මැරි වැටි ඇතැයි රාගම පොලිසිය පවසයි. 02 August 2021
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1037ක් ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව අද (2) උදෑසන වනවිට 67,477 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1037 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 02 August 2021
පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන 6ක් කෝප්, කෝපා හමුවට දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හයක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව ) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය. 02 August 2021
සජබෙට ගිය අයට ‘මහගෙදර’ තව දොරක් අරියි මහ නගර සභා නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට යළි පක්ෂයට එකතු වීමේ අවස්ථා තව තවත් පුළුල් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) උපදෙස් දුන්නේය. 02 August 2021
කාබනික පොහොරවලට හුරුකරන හැටි සජිත් කියයි කාබනික පොහොරවලට ජනතාව හුරුවන තුරු කාබනික සහ රසායනික පොහොර දෙවර්ගයම භාවිතා කිරීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ආණ්ඩුවෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 August 2021
පිළියන්දල තැපැල් ස්ථානාධිපති ඇතුළු 20 කට කොරෝනා පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 02 August 2021
එන්නත් දෙකම ගත් අයට ‘තෙවැනි මාත්‍රාවක්’ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙක ගත් අයට තෙවැනි මාත්‍රාවක්(බූස්ටර් එකක්) ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත. 02 August 2021
’’ඩෙල්ටා'' සමග ඉදිරි මාස දෙක භයානකයි කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්වය ඉදිරි මාස දෙකේදී අත්විඳීමට සිදුවනු ඇතැයි වයිරසවේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයකුවන මලික් පීරිස් මහතා අනතුරු ඇඟවීමක් කරයි. 02 August 2021
ආණ්ඩුවේ මන්ත්‍රීවරු - අගමැති හමුවක් අද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02)පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ . 02 August 2021
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා කැබිනට් මණ්ඩලයට අද ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡාවට ගැනීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි . 02 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026