
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම එකම ආකෘතියක් යටතේ සිදු කිරීම ගැන නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභාවේදී විශේෂ අවධානය යොමුවිය.
විවිධ පළාත් පාලන අයතන ඉදිකිරිම් සම්බන්ධව බලපත්‍ර විවිධ ආකෘතීන් යටතේ නිකුත් කිරීම නිසා පුද්ගලයින් අපහසුතාවයට පත්වන බව පෙනී ගොස් ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (24) වැනිදා රැස්විය. මේ කාරණය ගැන අවධානය යොමු වූයේ එම රැස්වීමේදීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ එක් එක් පළාත් පාලන ආයතන නිකුත් කරන ඉදිකිරීම් බලපත්‍රය විවිධාකාර ස්වරූපයන් ගන්නා බවයි.
සේවය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් මේ නිසා අපහසුතාවට පත්වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා ලංකාවට සම්මත එකම ආකෘතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
මේ අනුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉ සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට ගරු රාජ්‍ය ඇමතිවරයා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එසේම සැලසුම් කටයුතු අනුමත කර ගැනීමේදී නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා සහ මුදල් වංචා පිළිබඳවද මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ස්ථානයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
එසේම ගොඩනැගිල්ලක් ඉදිකර ගැනීමේදී එකම ගොඩනැගිල්ල සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගැනීමේදී මිනිසුන් මුහුණ දෙන අපහසුතා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් සොයාබලා ඉක්මනින්ම වැඩපිළිවෙළක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව ප්‍රදේශ කිහිපයක පවතින ඉදිකිරීම් සම්බන්ධ ගැටලු සහ නව ඉදිකිරීම් අවශ්‍යතාවයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙම අමාත්‍යාංශයීිය උපදේශක කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, වසන්ත යාපා බණ්ඩාර, චාමර සම්පත් දසනායක, අමරකීර්තී අතුකෝරල, මංජුලා දිසානායක, සුදත් මංජුල, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහුද සහභාගීවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd