(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා මර්දන  එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා  ගෙන මාස තුන ඉක්මවූ වයස 60ට වැඩි සියලු දෙනාට ජංගම  රථ සේවා යොදවා තෙවෙනි මාත්‍රාව(බූස්ටර් )ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය.

එසේම වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්මවූ සියලූ දෙනාට එම සායනවලදීද  කොරෝනා මර්දන එන්නත ලබාගෙන මාසයක් ඉක්මවූ  වයස අවුරුදු 20 ට වැඩි බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාටද බූස්ටර් එන්නත  ලබාදීමට  මෙහිදී තීරණය කෙරිණ.

කොවිඩ්  මර්දන විශේෂ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(26) පෙරවරුවේ රැස් විය. මෙම තීරණ ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.