තැනින් තැන ටික ටික වැස්ස සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (2) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 August 2021
මුහුණු පොතේ මිතුරිය රන් ආභරණ සොරා ගනී මුහුණු පොත හරහා හඳුනා ගෙන සීදුව කොටුගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් රන් පළඳනාවක් සහ මාලයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 24 හැවිරිදිතරුණියක අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි 02 August 2021
‘‘රිෂාඩ්ගේ නිවෙසේ මෙහෙකාරියක් මීට පෙර දිවි නසාගෙන‘‘ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදීසිට ඉන් ඉවත්ව යෑමෙන් පසුව තවත් කාන්තාවක් සියදිවි නසාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 August 2021
වාහන ලියාපදිංචියේදී කෝටි හයක් වතුරේ ගිහින් රේගු බදු නොගෙවා නීති විරෝධී ලෙස ආනයනය කරන ලද හෝ සකස් කරන ලද වාහන දහයක් ලියාපදිංචි කිරීමෙන් රුපියල් කෝටි 6 කට අධික බදු මුදලක් රජයට අහිමි වී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව ) පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ දැක්වේ. 02 August 2021
මැණික විකුණන වැඩේ කොහොන අතට ගනී රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික මැණික් පතලකින් හමුවූ මැණික් පොකුර විකුණා ගැනීමට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මැදිහත්ව සිටින බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ. 02 August 2021
අයියයි - නංගී පරෙයියන් ඇල්ලට බිලි බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය අයිය සහ නංගී දියේ ගිලි මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය කියයි. 01 August 2021
ගම්පහ කොරෝනා රෝගීනට නිවෙසේ සිටියදීම ප්‍රතිකාර කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූවද රෝග ලක්ෂණ නොපෙන්වන නිදන්ගත රෝගවලින් නොපෙලෙන රෝගීන් තම නිවෙස්වලම තබා අවශ්‍යවූවහොත් පමණක් රෝහල්ගත කිරීමේ වැඩපිළිවෙලක් ගම්පහ දිස්ත්‍රික්කයේ ආරම්භ කොට ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 01 August 2021
මැතිසබයේ ගැලරි දැන්ම අරින්නේ නෑ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ අමුත්තන්ගේ ගැලරිය තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. 01 August 2021
මව - දරු දෙදෙනා නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක් මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තාවේ. 01 August 2021
කොතලාවල පනතට එරෙහිව රථ පෙළපාලියක් නිදහස් අධ්‍යාපනය වැනසීමට මිලිටරි යාන්ත්‍රණය සකසන කොතලාවල පනත වහා හකුලා ගනු යන තේමාව යටතේ කොතලාවල පනතට එරෙහිව ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ විරෝධතා රථ පෙළපාලියක් කොළඹ නගරයේ දී අද (01)පැවැත්විණ. 01 August 2021
උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් ඔන්ලයින් හරහා උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ලබාදීම හෙට (2) සිට ආරම්භ කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2021
‘‘ගැබිණියන් - කිරිදෙන මවුවරුන් ගෙදර තියන්න‘‘ රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් සේවයට කැඳවීම භයානක තත්වයක් හෙයින් ඊට විරෝධය දක්වන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. 01 August 2021
ගුරුවරු අධ්‍යාපන ලේකම්ගේ නියෝගය පිළි නොගනිති අධ්‍යාපන ලේකම්වරයාගේ දැනුම්දීම පිළි නොගන්නා අතර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට පාසල්වලට නොයන බව ගුරු හා විදුහල්පති සංගම් අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. 01 August 2021
ගුරුවරුන්ටත් හෙට සිට රාජකාරි රටපුරා සියලුම පාසල්වල ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් හෙට සිට සාමාන්‍ය පරිදි රාජකාරිවලට වාර්තා කළ යුතු යැයි දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 01 August 2021
දෙවොල කැත කළ කපුවා ප්‍රදේශයෙන් පලා යයි කුලියාපිටිය බෝහිංගමුවේ ප්‍රසිද්ධ දේවාලයකට ප්‍රධාන කපුවකු එම කෝවිලට ආ දැරියක බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි කුලියාපිටිය පොලීසිය කියයි. 01 August 2021
කොරෝනා ආසාදිතයන් 1655ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,655 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 August 2021
කොරෝනා මරණ 67ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 67දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 August 2021
ධීවර බෝට්ටුවෙන් ගාල්ලට ආ අමුත්තා ශ්‍රී ලංකාව ආසන්නයෙන් ඉතාමත් කලාතුරකින් වාර්තාවන දුර්ලභ මුහුදු පක්ෂියකු ධීවර බෝට්ටුවක නැගී දින 12ක ගමනකින් පසු ගාල්ල ධීවර වරායට අද පැමිණ සිටියේය. 01 August 2021
ඇමැති වීරසේකරගේ දෙපාර්තමේන්තු දෙකක් ජනපති යටතට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට ගෙන ඇත. 01 August 2021
උමාරියා සිංහවංශට ඇප රාජගිරිය ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය කරමින් අනතුරක් කර පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය රුපියල් ලක්ෂ පහක පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කළේය. 01 August 2021
දරුවන්ට කොවිඩ් අවදානම වැඩිවේ:දරුවන් අසූවක් ළමා රෝහලේ කොවිඩ් ආසාදනයවීමෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරනු ලැබ සිටින දරුවන්ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ නැග ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. 01 August 2021
කොළඹ ඇළ මාර්ග ව්‍යාපෘතිය ඇමැති අමරවීරගේ නිරීක්ෂණයට කොළඹ ගංවතුර පාලනය සඳහා කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කොළඹ ශාන්ත සෙබස්තියන් ඇළ මාර්ග දොරටුව හා පොම්පාගාර ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සාර්ථක සංවර්ධන ව්‍යාපෘතියක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 01 August 2021
ගලෙන්බිඳුණුවැව තවත් කොරෝනා පොකුරක් ගලෙන්බිදුනුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ පහළ දික්වැව ගම්මානයේ පුද්ගලයන් 52කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම ගම්මානය හුදකලා කළ බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීහු පවසති. 01 August 2021
‘‘උද්ඝෝෂණවලට පෙර එන්නත් කරන්න උනන්දු කරමු‘‘ ජනතාව පාරට බස්සමින් උද්ඝෝෂණය කරවීමට වඩා එන්නත්කරණයට උනන්දු කිරීම ජාතික වගකීමක් ලෙස සළකා එකතුවී වැඩ කරමු යැයි විපක්ෂයේ සියලු පක්ෂ වලට ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 01 August 2021
ලොව පුරා කොරෝනා රෝගීන් ඉහළ යයි ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය කියා සිටී. 01 August 2021
මුදල් පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කතානායකට හෙට ආන්දෝලනයට තුඩු දී ඇති මුදල් පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයාට හෙට(2) දැනුම් දීමට නියමිතය. 01 August 2021
‘‘අපි දුන්නු ගෙවල්වලින් මිනිස්සු එලවන්න හදනවා‘‘ යහපාලන රජය යටතේ නිවාස අමාත්‍යංශය මගින් ලබා දුන් නීත්‍යානුකූල නිවාසවලින් ජනතාව එලවන්නට ආණ්ඩුව සැරසෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 01 August 2021
ගුරු අයිතීන් දිනා දෙන්න එජාපයෙත් සහාය ගුරුවරුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබා ලබාදෙන බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 01 August 2021
ඉතාලි ගුවන් තහනම තවත් සති හතරක් දික් කරයි කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප්‍රියෙල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තහනම් කරමින් පැනවූ ගුවන් තහනම තවත් සති හතරකින් දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 01 August 2021
ආයෝජන කලාපවල සේවකයන්ගේ පැමිණීම ඉහළට කෝවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුවීමත් සමග ආයෝජන කලාප වල සේවකයන්ගේ ඉහලම පැමිණීම මේ සතියේ වාර්තාවී ඇතැයි ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා කියයි. 01 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026