
(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි .
ගෑස් ටැංකිය පිපිරී යාමෙන් ඇති වූ ගිණි ගැණීමෙන් නිවසට සහ නිවසේ දේපල වලටද හානි සිදුව ඇති.බවද ,මෙම ගෑස් ටැංකිය පිපිරී ගියේ ගෑස් කාන්දුවකින්ද ,වෙනත් හේතුවකින්ද යන්න.පිළිබඳව වැඩිදුරටත් අදාල අංශ සමග පොලීසිය පරීක්ෂණ කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට වන්දි ගෙවලා මදි.
මේ දවස් කිපයට ගෑස් ටැංකි නිසා ස්ථාන පහ හයකම අනතුරු වාර්ථා උනා... හිතාමතාම මිනිස්සුන්ගෙ ජීවිත අනතුරුට දාන මේ සමාගම් වලට සහ අදාල වගකිවයුත්තන්ට එරෙහිව කාට හරි පුළුවන් නම් වහාම නිතිමය පියවර ගන්න... ඩොලර් බිලියන 50ක් 60ක් ඉල්ලලා නඩුදාන්න...
ඉස්සර ගෑස් සිලින්ඩරයක පිපිරීම අසන්න ලැබුනේ අවුරුද්දකට එක පාරක් තරම් වත් නැති තරම්.. ඒත් පහුගිය දින කීපයකට සිලින්ඩර නම් කීපයක් පිපුරුවද? මේ පිපිරීම් වලට නිවෙස් වලට වරද පටවලා හරියන්නේ නැහැ.. මේ අසාමාන්‍ය වැඩි වීමට අදාළ සමාගම් වගකිව යුතු බව පෙනෙනවා..
මොන කරුමයක්ද මේ රටට වුනේ.
ඔන්න හොඳටම කලේ ප්‍රතිපල. කොරෝනා නැත් නම්, ඉතිරි අවුරුදු තුනේ දී තවත් හොඳටම කරාවි. පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක නිලධාරීතුමා ජනාධිපති ඇතුළු ඇමති සහ රාජ්‍ය ඇමතිට කලින් දැනුවත් කලත්, කිසිම පියවර අරගන නැහැ. චන්ද කාලේ රටේ තරුණ, තරුණියන් තමන්ගේ මුල්ම ඡන්දය දුන්නේ රට රකිණ විරුවා කියමින්.
මේ අසාමාන්‍ය ගෑස් කාන්දුවට කවුද වග කියන්නේ?
දහන පෝෂක සිලින්ඩර භාවිතා නොකරන අවස්ථාවලදී හොඳින් වාතාශ්‍රය ඇති තැනක තැබීමෙන් දහන පෝෂක කාන්දුවක් ඇතිවුණත් එය ගෙදර තුළ නොරැඳී පිටතට යයි. ඔබ ගෙදරට ඇතුලුවනවිට දහන පෝෂක ගඳක් දැනේ නම් ලයිට් ස්විච් නොදමන්න. හැකි ඉක්මණින් ජනෙල් සහ දොරවල් අරින්න...
මා පසුගිය දිනක මිලට ගත් ගෑස් ටැංකිය සීල් කඩා රේගියුලේටරය සවිකර ලිප ඔන්කිරීමට පෙර ගෑස් ලික්වන බව ඉතා පැහැදිලිව මට දැනුනා. ගඳ සහ සද්දයක් ආවා. ඉතා ඉක්මනින් ගලවා ගෙයින් එළියට ගෙන හොදින් පරීක්ශා කල පසු වෑල් එකේ රබර් ඔසරයේ උඩ කොටසේ සුළු කොටසක් කැඩී ඇති බව පෙනුනා. ( මීට වසරකට පමණ පෙරත් මෙහෙම දෙයක් වී ගෑස් නියෝජිතට දනුම් දුන් පසු ඔහු රබර් ඔසරය මාරුකර වරද නිවැරදි කරදුන් නිසයි මා ඒ ගැන දන්නේ ) මා ඒ නිසා ඔසරය ගලවා උඩ යට මාරු කර සවිකලා. ලෙඩේ හොඳ වුණා. (නමුත් මේවා භයානක, අවදානම් වැඩ. ඒ නිසා ඔබ එහෙම කරන්න එපා ) මේ කාලයේ සිදුවන පිපිරීම් තුල ලොකු රහසක් තිබෙනවා වගේ දැනෙනවා. කම්පැනිය තුළින්ම ලොකු ගේම් යනවා වගේ පේනවා. ගෑස් පිරවීමේ දී වෑල් එක සහ රබර් ඔසරය පරික්ෂා නොකර පුරවන්නන් වාලේ පුරවන බව පේනවා. එක කාලකන්නි සේවකයෙක් ඇති මහා පරිමාණ කම්පැණියක් විනාශ කරන්න. වහාම රට විනාශ වී තවත් අහිංසකයින් මැරෙන්න පෙර මේ ගැන පරීක්ෂා කරන්න. බලධාරීන්ගේ අවදානය වහාම යොමුවේවා...!!!
මේ 5 වැනි එක... ඇත්තටම බලද්දී සහරාන් හොඳයිනේ... මිනීමරුවන්, පාලකයින් වුණාම මෙහෙම එව්වා තමයි වෙන්නේ. ගෑස්වල තත්වය බාලකරලා විකුණනකොට අදාළ ඇමැති නිදිනේ...
ගෑස් සිලින්ඩරය නිවසින් බැහැරව තබාගන්න. ගෑස් බටය ජනේලයකින් එළියට දමා.
ඉතා ඉක්මනින් වාෂ්පවෙන වායු සංයුතිය වැඩියෙන් යෙදීම හේතුවෙන් ගෑස් කාන්දුව වීමට සම්භාවිතාව වැඩි බවයි පාරිභෝගික අධිකාරියෙන් කියැවෙන්නේ... දැන් මෙය හෙළිකළ නිලධාරීන් අස්කරයිද දන්නේ නෑ. මොකද මෝඩයන් රජකරන රටක්නේ.. මේ කෙසේ වෙතත් සබන් පෙණ රෙගියුලේටරය සවිකරන තැන තබා බුබුලු නැගේ නම් එහි කාන්දුවක් ඇති බවට සලකුණු කරයි. හරි රෙගියුලේටරයක් දමා ගැනීම තුළින් පිපිරීම් අවස්ථා අවම විය හැක. එහෙත් ඉතා ප්‍රසිද්ධ නාගරික පිහිටා ඇති ආපන ශාලා ජාලයකද මෙය රාත්‍රියේ පුපුරා ගිය බැවින්.., කින්නියා පාලමට මෙන් කල්මැරීම යෝග්‍ය නොවේ...