(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)

අධ්‍යාපන පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන එල්.එම්.ඩී. ධර්මසේන මහතා නව විභාග කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ධර්මසේන මහතා මෙම තනතුරට පත්වීමට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

කොළඹ ආනන්ද සහ මහානාම යන විදුහල්වල විදුහල්පතිවරයා ලෙස ද සේවය කළ ධර්මසේන මහතා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙක් ද වේ.

විභාග කොමසාරිස් ලෙස කටයුතු කළ සනත් පූජිත මහතා පසුගියදා විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුර පුරප්පාඩු විය.