
(යොහාන් භාසුර)
‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ඉන්දියාව දක්වා ගුවන් ගමන් වැඩි කර පෙර පැවැති තත්ත්වයට පත්කර ඉන්දියානු සංචාරකයින්ට පහසුකම් දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කැපවී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳපොළ වීම නිසා ඉන්දියානු වෙළඳපොළ සම්බන්ධයෙන් පූර්ණ පරිමාණයෙන් මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීමට කැප බවත් රට වසා තිබූ කාල පරිච්ඡේදය තුළ ද බොහෝ ගෝලීය සංචාරක සීමාවන් නොතකා ඉන්දියාවට මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd