(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, පුත්තලම, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං  සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.