
(නිමන්ති රණසිංහ)
අධිකරණ අමාත්‍යංශය යටතේ පවතින ණය සහනදායක මණ්ඩලයෙන් ජනතාවට ලබා දෙන සේවාව තව දුරටත් ව්‍යාප්ත කරමින් එහි නව ශාඛාවක් ගාල්ලේදි අද (26) ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන මෙම කාර්යාලය මගින් දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවට ණය සහන මණ්ඩලයෙන් වන සේවාවන් ලබාගත හැකි බවද අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
අංක 45 ඒ, ක්‍රිප්ස් පාර, ගාල්ල යන ස්ථානයේදී එම ශාඛාව විවෘත වන්නේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙනි.
දේපලක්, උගස්කරයක් විකුනුම්කරයක්, හෝ පොරොන්දු සින්නක්කරයක් මගින් ඇපයට තබා ණයක් ලබාගෙන ඇති අවස්ථාවක එම ණය ගෙවා ගැනීමට නොහැකි ජනතාවට පිහිට වීම සඳහා ණය සහන මණ්ඩලය ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉඩම් කුඹුරු වතුපිටි නිවාස නිරවුල් දේපල පොරොන්දු සින්නක්කර ඔප්පු උගස් කර ඔප්පුවක් මගින් ඇපයට තබා ලබා ගන්නා ණය සම්බන්ධයෙන් හෝ එවැනි ආරක්ෂණ ණයක් සම්බන්ධයෙන් ණයගැති වී ඇති ජනතාව ණයගැති භාවයෙන් මුදවා ලීම සඳහා සහනදායී ක්‍රමවේදයක් සකස් කර දීම මෙම මණ්ඩලය මගින් සිදුකරනු ලබයි.
ණය සහනදායි මණ්ඩලය සඳහා පැමිණිලි යොමු කිරීමේ දී අවශ්‍ය විස්තර සහ ඉල්ලුම්පත් moj.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ලබා ගත හැකි අතර, ප්‍රධාන ශාඛාව කොළඹ දුරකථන අංක 0112697911, ගම්පහ ශාඛාව 0332060668 සහ ගාල්ල ශාඛාව 0912237431 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබා ගත හැකි බව ද අධිකරණ අමාත්‍යංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මීට පෙර ඇපකරුවෙක් ලෙස අත්සන් කරන ලද ණය අයදුම්කරුවන් දෙදෙනෙකු ණය ගෙවීම පැහැරහැර ඇත. එමනිසා මා හට කිසිම බැංකුවකින් ණය ලබා නොදේ. මා හට අයත් දේපලක් හෝ ඇපයට තබා ණය මුදලක් ලබා ගැනීමට අවස්තාවක් ලබා දෙන්න.
ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ දෙයක් දැන ගැනීමට කුමක්ද කල යුත්තේ
මගේ ලබාගෙන ඇති ණය මුදල් හා ණය කාඩ් සඳහා සහනයක් ලබා ගැනීමට කුමක් කළ යුතුද?
අපිට ලක්ශ 50ක ණය තියෙනවා. ඔප්පු 2ක් තියලා තියෙනවා... තව බැංකු ණය ගෙවා ගන්න විදියක් නැහැ. පොලී ගෙවනවා. කරන්න පුළුවන් දෙයක් කියන්න.. ගොඩක් පිං
ඔන්ලයින් ලෝන් සම්බන්ධ සහන සැලසීමේ කටයුතු සඳහා ඔබ ආයතනයෙන් උපදේශන සේවාවක් තිබේද?
කොරෝනා සහ පසුගිය කාලයේ රටේ පැවති අස්ථාරවරතාව හේතුවෙන් මගේ පැරණි රැකියාව අහිමි වීම නිසා මා විසින් ලබාගෙන තිබු Credit card පත් 3 කට අදාලව ලක්ෂ 5ක මුදලක් ගෙවීමට නොහැකි වී ඇත. ඒ වෙනුවෙන් ඔවුන් අද, හෙටම නීති මගට බසින බව පවසයි. නොහැකියාව දැනුම් දී ඇතත් තවත් කල් දිය නොහැකි බව ඔවුන් පවසයි.. මා වංචාකරුවකු නොවන අතර මා හට ඇත්තේ ගෙවීමේ නොහැකියාවයි. වෙලාවකදී දිවි නසා ගැනීමටද සිතේ... කරුණාකර මෙයට සහනයක් ලබා දිය හැකි දැයි පවසන්න...
ලංගම සේවයේ යෙදී සිටින මා ....මුලින්ම ලංකා බැංකුවෙන් ලක්ශ 9ක ලෝන් එකක් අරන් ..ගෙවාගෙන යද්දි නැවතත් මහජන බැංකුවෙන් ලක්ශ 12 ක මුදල් ණයක් අරන් ක්‍රමානුකූලව ගෙවාගෙන ගියෙමි ...පසුව කොරෝනා කාලයේදී වේතන ය අඩු නිසා බැංකු දෙකටම දැමූ වේතන ය මහජන බැංකුවට පමණක් සීමා වුනා . දැන් අවුරුදු දෙකකින් පමණ ලංකා බැංකුව ට ගෙවා නැති නිසා නඩු දානවා කිව්වා..ඒත් මං රන් ණයක් අරන් බාගයක් ගෙව්වා. ලොකු පොළියක් තියෙනවා ලු...මට ගෙවාගන්න බෑ ...දරු දෙන්නෙක් පාසැල් යවන නිසා..මහජන බැංකුවට නොකඩවා ගෙවනවා ...නිවස හදලා ඉවර නෑ ...කුලියට ඉන්නේ...සහනයක් බලාපොරොත්තුවෙන් මෙසේ සටහන් කරමි. පොළිය පමණක් ඉවත් කරගන්න පුලුවන් නම් ලොකූ දෙයක් ....ගොඩාක් පින්
ලංගම සේවය කරන මා ... ලංකා බැංකුවෙන් ලක්ශ 9ක ලෝන් එකක් අරන් ගෙවාගෙන යද්දි නැවතත් මහජන බැංකුවෙන් ලක්ශ 12 ක ණය මුදලක් ලබා ගත්තෙමි මාගේ මාසික වේතන ය බැංකු දෙකටම යන නිසා ක්‍රමානුකූලව ගෙවාගෙන ගියෙමි ...කොරෝනා කාලයේදී වේතන ය අඩු නිසා මහජන බැංකුවට පමණක් සීමා වුනා ...ඊට පසු ලංකා බැංකුව ට ගෙවන්න අපහසු වුනා ...දරු දෙන්නෙක් පාසැල් යනවා . කුලියට නිවසක ඉන්නේ ..ලංකා බැංකුවෙන් නඩු දානවා කිව්වා ඒත් මා රන් ණයක් අරන් බාගයක් ගෙව්වා...තාම ලොකු පොළියක් තියෙනවා ලු....සහනයක් බලාපොරොත්තු වෙන් ලියා එවමි. පොළිය පමණක් වත් අයින් කර දුන්නොත් ලොකූ පිනක්...
මා විශ්‍රාමික ණයක් BOC එකෙක් ලබාගත් අයෙක්. 9% පොලිය 16.96 % බැංකුව විසින් ඉහල දමා ඇත. වෙනත් ණය කරුවන්ගේ 12.75% දක්වා අඩුකර ඇතත් මගේ අඩුකර නැත. මෙය සකස් කරගන්න බැංකුවෙන් ඉල්ලු නමුත් ඔවුන් එය කර නොදෙයි. මෙයට විසඳුමක් දෙන ලෙස ඉල්ලුම්
අපෙ අම්මාට ගෙයක් හදාගන්න උදව්වක් කරන්න පුළුවන්ද? තාත්තත් නැති වුණා. අම්මා හිටිය ගෙදර කඩාවැටුණා..
මා සිටින නිවස ඔප්පුව උගස්සයට තබාමාගේ මිත්රයෙකුට මුදල් ලබා දුන්නා රට යෑම සඳහාඔහු මුදල් ලබා දුන් පොලීකරු ඔහුගේ යාළුවෙක්බොහෝ ඔහු මත විශ්වාසය තබා මාගේ ඉඩම අරගෙන ඔහුටම මුදල් බැංකුවට තැන්පත් කරාට මුදල් ගෙවනවා බව පවසව පවසා අවුරුදු දෙකහමාරක් කිසිම මුදලක් ගෙවා නැත නීතිමය පියවර ගනු ඇතැයි ඔහු මට කිව්වා, ඔවුන් දෙන්නාගේ විශ්වාසය මතයි ඔවුන් ඒ දේ කරේ මගේ ඉඩම මම ඇපයක් විදිහට අත්සන් කරා පමණයි. සින්නක්කර ලියලා තියෙන්නේ නීති මේ පියවර ගනු ලබනවා කියා මට කියනවා මං මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? මං දැනට රට ඇවිල්ලා ඉන්නේ මට මේ දේට ලබාදෙන්න මට තියෙන්නේ පර්චස් 13යි. රජයෙන් හදලා දුන්නු ගෙයක් තියෙන්නේ මගේ ළමයි තුන්දෙනයි බිරිඳයි පාරට දාන්න බෑ..