(ඉන්දිකා රාමනායක)
කිලිනොච්චි ධර්මපුර් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර පැවති ගැටුමක් සමතයකට පත් කිරීමට ගිය ධර්මපුරම් පොලිසියේ නිලධාරීන් 6 දෙනකුට පහර දී කොළඹට පැමිණ සැගව සිටි සැකකරුවන් 6 දෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මෙම පිරිස රාජගිරිය ප්‍රදේශයේ වැඩ බිමක සේවය කරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය ඊයේ (25) පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඉකුත් 2021.10.04 දින මෙම සිද්ධිය සිදුව ඇති බවත් පසුව මොවුන් පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
සැකකරුවන්ගෙන් පහරදීමෙන් එක් පොලිස් නිලධාරියකු බරපතළ තුවාල ලබා සිටි බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය පූවන්දාරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද 26 මොවුන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd