
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කෙරවලපිටිය යුගදනවි බලාගාරය සමාගමේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ ෆෝට්‍රස් සමාගමට වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.
අදාළ පෙත්සම් අද (26) මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරිණි.
අදාළ පෙත්සම් ලබන සඳුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වැඩි ප්‍රමාණයක් ඉන්නේ ආණ්ඩුවේ ජරාව කාපු කුප්‍රකට නඩු කාරයින්. පෙත්සම් කරුවන්ට වෙනත් විනිශ්චය මණ්ඩලයක් ඉල්ලා සිටින්න හැකි සදාචාරාත්මක නීති පද්ධතියක් මේ රටේ නැතිද..?