(යොහාන් භාසුර)
ගෑස් සිලින්ඩර්වල වායු සංයුතිය පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ පෞද්ගලික සමාගමක් වන ‘ඉන්ටටෙක්’ යන ආයතන දෙක පරීක්ෂා කරමින් සිටින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (25) පස්වරුවේ පැවසීය.
ලිට්රෝ ගෑස් සමාගම වර්ෂයකට නිකුත් කරන ගෑස් සිලින්ඩර ලක්ෂ 350 න් අනතුරු පහක් හෝ හයක් ද, ලාෆ් සමාගම 2015 සිට නිකුත් කළ ගෑස් සිලින්ඩරවලින් නිවෙස් අනතුරු 12 ක්, ව්‍යාපාරික ස්ථානවල 9 ක් සහ ගෑස් අළෙවි නියෝජිත ආයතනවල අනතුරු 2 ක් පමණක් වාර්තා වී ඇති බව කී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් අනතුරු නැති කිසිඳු රටක් ලෝකය තුළ සොයාගත නොහැකි වූ බව ද සඳහන් කළේය.
පාරිභෝගික අධිකාරිය ගෑස්වලින් ජනතාව ආරක්ෂා කිරීම සඳහා 2012 වර්ෂයේ ගැසට් නිවේදන 5 ක් සහ 2009 ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ගෑස් සිලින්ඩරයක ප්‍රමිතිය, නළයේ ගුණාත්මකභාවය සහ සෙසු උපකරණවල ගුණාත්මක බව සම්බන්ධයෙන් එම ගැසට් නිකුත් කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එළඹෙන සති දෙක ඇතුළත තව දුරටත් ගුණාත්මක තතත්වය වැඩි කිරිම සඳහා ගැසට් නිකුත් කිරීම සහ නීති පැනවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ගෑස් අනතුරු බිංදුව දක්වා අඩු කිරීම ඉලක්කය බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයේදී අද (25) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙහෙම කතාවක් අන්තර් ජාලයේ පලවී තියෙනවා දැක්කා. උපුටාගැනීම "සුදු ළූණු වංචාව හෙළි කළා කියා තනතුරින් ඉවත් කරන ලද දැනට සීඅයිඩියට කැඳවමින් සිටින පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන බීබීසීය ඇතුළු මාධ්‍ය කිහිපයකටම මෙසේ කියයි: සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ එල්පී ගෑස් සිලින්ඩරයක ප්රධානකොටම අඩංගු වන්නේ ප්‍රොපේන් සහ බියුටේන් යන වායූන් වර්ග දෙක යි. මේ සඳහා නිශ්චිත සංයුතියක් තිබේ. සාමාන්‍ය සංයුතිය බියුටේන් 80% ක් සහ ප්‍රොපේන් 20% කි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව පිළිගත් දෙයක් තමයි, ප්‍රොපේන් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් (කාර්මික) ගෑස් එකක්, බියුටේන් කියන්නේ ඩොමේස්ටික් (ගෘහස්ත) ගෑස් එකක්. දැන්, අපේ රටේ 80%ක් බියුටේන්, 20%ක් ප්‍රොපේන් තිබුණේ. දැන් ලංකාවේ, කිසිම හේතුවක් දක්වන්නේ නැතුව, මේගොල්ලෝ මේක 50%-50% කළා. දැන් තියෙන්නේ නිවසේ බෝම්බයක් තබාගෙන සිටිනවා වැනි තත්ත්වයක්.
"ගෑස් අනතුරු නැති කිසිඳු රටක් ලෝකය තුළ සොයාගත නොහැකි වූ බවද සඳහන් කළේය." ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ජනතා බදු මුදලින් නඩත්තු වෙන ඇමති කෙනෙක් මේකද රටට කියන්න ඕනේ... මෙහෙමත් ඇමැතිලා? මෙහෙම රටවල් දැක නැත.
වායු සංයුතියේ වෙනසක් සිලින්ඩර වලින් කාන්දුවීමට; හේතුවක් විය නොහැකියි. නමුත් මම දැක තිබෙනවා ලොරිවලින් සිලින්ඩර බිමට හෙලමින් බානවා. එවැනි අවස්ථාවලදී වෑල්වය සහ සිලින්ඩර බඳ අතර වායු-රෝධක සබඳතාවය පලුදු වීමට ඉඩ තිබෙනවා. තවද, සමහර සිලින්ඩර තැලී තිබීමට මෙම හානිදායක හෙලීම හේතු විය හැක. ගැස් සමාගම් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.
මෑතක දී, නිල්පැහැ/ ලිට්‍රො ගෑස් සිලින්ඩරයට රෙගියුලේටරය සවිකල විට ගෑස් කාන්දු වීමක් අවස්ථා ගණනාවකදීම මා අත්දැක ඇත. නව සිලින්ඩරයක් සවිකල විට හදුනා ගැනීමට එයට කන ලංකර හොදින් පරීක්ෂා කල යුතුය. එවිට සිලින්ඩර කටේ ඇතුලත ඇති වොෂරය මාරු කර කාන්දුව මගහරවා ගත යුතුය.
එතකොට ලෝකේ අනිත් රටවල් වලට ප්‍රතිපත්තියක් යටතේ පැවතෙන සමාජයක් අපිටත් දෙන්නකෝ එහෙනම්.
ඔවයෙ ප්‍රතිපල අදහෙටම දෙන්න කියන්න. කල්ගියොත් වැඩක් නැහැ. එහෙම රටක් මේක.
දහන පෝශක සිලින්ඩර භාවිතා නොකරන අවස්ථාවලදී හොදින් වාතාශ්‍රය ඇති තැනක තැබීමෙන් දහන පෝශක කාන්දුවක් ඇතිවුනත් එය ගෙදර තුල නොරැදී පිටතට යයි. ඔබ ගෙදරට ඇතුලුවන විට දහන පෝශක ගදක් දැනේ නම් ලයිට් ස්විච් නොදමන්න. හැකි ඉක්මනින් ජනෙල් සහ දොරවල් අරින්න.
මේ මෝඩ මන්ත්රීලාට ඡන්දේ දීපු අය කවුද.