
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වෙන අය ගහනවා වගේ නොව එතුමා ගහන්නේ වෙනම විදියකට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සභාවේදී ප්‍රකාශ කළ බවත් සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ එකක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය.
රණසිංහ මහතා මෙසේ පැවසූවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු සම්බන්ධයෙන් මැතිසබයේදී ඊයේ (25) කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
මුලසුනේ අවසරය ඇතිව එම ප්‍රකාශය කළ රොෂාන් රණසිංහ මහතා මෙසේද සඳහන් කළේය.
"හිටපු ජනාධිපතිතුමා මම ගැන අද මෙතන ප්‍රකාශයක් කරලා තිබුණා. එතුමට කියනවා. මම කේලාම් කියන දේශපාලඥයකු නොවෙයි.
එතුමාලාට නම් ඒ පුරුදු තියෙනවා ඇති.
එතුමා කියන විදියට මම කේලම කිව්වා කියන ඇමැතිත් මේ සභාවේ ඉන්නවා.කේලමක් කිව්වද කියලා එතුමාගෙන් දැන් අහන්න පුළුවන්."
"කාබනික තීරණය ගත්තෙ කැබිනට් මණ්ඩලය. එතන ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුත් හිටියා. ජනාධිපති තනිවම ගත්ත තීන්දුවක් නෙවෙයි. ඒ තීන්දුව ගත්තේ සාමූහිකව"
"එතුමාලගේ පොළොන්නරුවේ වැඩපිළිවෙළ අන්ත පල්ලෙහාට වැටිල තිබුණා. එතුමා කාබනික වගාව සහ පරාක්‍රම සමුද්‍රය අල්ලගත්තේ ඒ නිසයි.ජනාධිපතිතුමා හොඳ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව වෙනුවෙන් අපි පෙනී හිටියා.ගොවි ජනතාවත් මේකට එකඟ වෙලා තියෙනවා.කාබනික වගාවට සියයට 50 ක් එකඟයි කියලා ඒ ගොවීන් කිව්වා. ගොවි ජනතාවගේ මතය අවුස්සලා කුලප්පු කරලා එතුමා යම් දේශපාලන වැඩපිළිවෙළක් කරනවා.
"අපි ගහන ගැහිලි වෙනමම ක්‍රමයක් කියලත් එතුමා කිව්වා.සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ ගැහිල්ලක් වෙන්න ඇති.ඒ ගැහිලි තවදුරටත් ගහන්නේ නැති වෙන්න අපි කටයුතු කරන්න ඕන.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය එක්ක අපිට ගැටලුවක් නැහැ.ඒ අය අපිත් එක්ක ඉන්නවා.එක්කෙනෙක් දෙන්නෙක් ගියා කියලා අපිට ප්‍රශ්නෙකුත් නෑ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා:
මේ පිළිබඳව තවදුරටත් කතා කළ යුතුද යන්න ගැන ප්‍රශ්නයක් තියෙනවා. සභානායකතුමා ඊයේ මෙතනදී කිව්වා යම් ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නෙට අදාළ මන්ත්‍රීවරයා ඉද්දි ඒක අහන්න කියලා. ඒ වගේම මම කියනවා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ඉද්දි මේක කතා කළා නම් හොඳයි කියලා .එතකොට ඒ ගැන එතුමට පිළිතුරක් දෙන්න පුළුවන්.
"මේ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා නම් අපිටත් පක්ෂයක් විදිහට ඒ ගැන කතා කරන්න වෙනවා."
රොෂාන් රණසිංහ මහතා:
හරියටම හරි.හිටපු ජනාධිපතිතුමා අවුරුදු තිහක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතුමා කොච්චර සදාචාර විරෝධීද. මම පාර්ලිමේන්තුවෙ නැති වෙලාවෙ මම ගැන එක එක කතා කියන්න.
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා.
පක්ෂය ඇතුළේ ප්‍රශ්න ඇතුළෙ විසඳගන්න කියන්න . මෙතන කාලය නාස්ති කරන්න දෙන්න බැහැ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
නැහැ. එතුමා ඉල්ලා සිටියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා රංචුවම නියම ගැහිලිකාරයෝ කියලා නොදන්නේ කවුද.?
මේ ඔක්කොම යාලුවෝ මල්ලි. අපට පේන්න බොරු නාඩගම් නටනවා.
"මම කේලාම් කියන දේශපාලඥයකු නොවෙයි." "මම කේලම කිව්වා කියන ඇමැතිත් මේ සභාවේ ඉන්නවා. කේලමක් කිව්වද කියලා එතුමාගෙන් දැන් අහන්න පුළුවන්." අපි දන්නවා ඔය ජෝඩුව ගැන. ඔය හිටපු ජනාධිපතිගේත් වෙනසක් නැහැ.
හිටපු ජනාධිපති ඉන්න තුරු ඔය ශ්‍රිලංකා නිදහස් පක්ෂය කවරදාවත් මේ රටේ බලයට පත්වෙන්නෙ නැහැ. යු එන් පි ඡන්දයෙන් ජනධිපති වුනා. අවසානයේ ඒ පක්ෂය නැත්තටම නැති කලා. දැන් කරන්නෙ ශ්‍රිලංකා නිදහස් පක්ෂය යත් නැත්තටම නැති කරල මේ රටේ ව්‍යවස්ථාවත් හැල්ලුවට ලක් කර රටේ මහජාතිය තුට්ටුවකට ගනන් නොගෙන සුලු ජාතින් වුවමනා විදියට රට පාලනය කිරම..
අනේ ඒ එහම ගහන්න එපා. ඔහු කරපු උදව්ව නිසා තමයි, අද ඔයාල ආණ්ඩු බලයේ ඉන්නේත්. ඒ නිසා පොහොට්ටුවට කොහොමටවත් මෛත්‍රී සහ රනිල්ව අමතක කරන්න බැහැ.
ජොගින් පාක් අමාරුව දරුණුවට තියෙන කෙනෙක්...!!!