
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් ක්ෂේත්‍රයට ‘ඩ්‍රෝන’ තාක්‍ෂණය හදුන්වා දෙමින් තෙල් ටැංකි සංකීර්ණවල ආරක්‍ෂාව තහවුරු කිරීම සහ සෙසු සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම අද (26) ආරම්භ කළේය.
මෙහිදී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ආරක්‍ෂක අමාත්‍යංශයේ අනුමැතිව ඇතිව අදි තාක්‍ක්‍ෂයෙන් යුත් ‘ඩ්‍රෝන’ කැමරාවක් සේවයේ යෙදුවූ අතර ශ්‍රී ලංකාව තුළ ගුවන් සහ යුද හමුදා සතුව පමණක් එවැනි ආකාරයේ කැමරා ඇති බවත් එම තෙල් ගබඩා පර්යන්ත සමාගම පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධන ගබඩා සංකීර්ණවල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා මෙම ‘ඩ්‍රෝන’ තාක්‍ෂණය යොදාගත හැකි බවත් මුතුරාජවෙල පර්යන්තය, ගැඹුරු මුහුදේ ඇති ඉන්ධන ගොඩබාන බෝයාව සහ කොළඹ වරායේ සිට ඇති ඉන්ධන නළ මාර්ගයේ ද ආරක්‍ෂාව මෙය ආධාරයෙන් ආරක්‍ෂා කළ හැකි බවත් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම කියයි.
කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේදී පැවැති ‘ඩ්‍රෝන’ කැමරා සේවයේ යෙදවීම එම සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ඇතුළු නිලධාරීන්ගේ සභාගිත්වයෙන් පැවැත්විණි.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ කාලයේ අවශ්‍ය දේවල්ද?
තෙල් ටැංකි සහ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක කටයුතු සඳහා ඩ්‍රෝන තාක්‍ෂණය යොදාගන්නා බව කියන්නේ ජනතාව විමසිලිමත් වියයුතු බව කියාපෑමක්ද?