පෑලියගොඩ වෙළෙඳපොළේ බඩු ගොඩ ගැසේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සහ මැනිං වෙළෙඳපොළට සාමාන්‍ය පරීදි එළවළු සහ මාළු තොග වශයෙන් පැමිණියත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා එම තොට වෙළෙඳපොළේ ගොඩ ගසී ඇතැයි වාර්තා වෙයි. 14 May 2021
මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳුදා විවෘතයි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සඳුදා (17) විවෘත කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසයි. 14 May 2021
කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් කන්කසන්තුරය, සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
‘‘දඹුල්ලේ එළවළු - පලතුරු තොග ගොඩ ගැහිලා‘‘ දඹුල්ලේ තොග වෙළෙඳපොළේ එළවළු පලතුරු කිලෝ ලක්ෂ 26ක් විකුණාගත නොහැකිව ගොඩ ගසා තිබූ බව මාතලේ දිස්ත්‍රික් සමගිජන බලවේග මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහතිමිය පවසයි. 14 May 2021
වර්ෂාවෙන් පන්නල පවුල් 42ක් අවතැන් මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් දෙකකට අයත් පවුල් 42 ක් පමණ අවතැන්වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පවසයි. 14 May 2021
අපනයන පාලකවරයාගේ උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයි රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස් දී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 May 2021
ඉන්දුනීසියාවට ඔබ්බෙන් භූමිකම්පාවක්: සුනාමි අනතුරක් නෑ ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය. 14 May 2021
එළිමහනේ වෙසක් සමරන්න බෑ දැනට පවතින තත්වය අනුව වෙසක් උත්සවය වෙනදා සැමරූ විදියට එළිමහනට ගොස් සැමරීමේ හැකියාවක් නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 May 2021
ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක් නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති. 14 May 2021
කොරෝනා තරමක අඩුවක් ජූනි වන විට කොවීඩ් ආසාදිතයන්ගේ තරමක අඩුවක් ලබන ජුනි මුල් සතිය පමණ වන විට අපේක්ෂා කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 14 May 2021
‘‘සංචරණ සීමා නිසා පිිරිසක් දුෂ්කර තාවයට‘‘ එදිනෙදා හම්බ කරගෙන ජීවත්වෙන විශාල පිරිසක් රට මේ ආකාරයට වසා දැමීම ගැන දැඩි විරෝධය මතු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 14 May 2021
කොරෝනා නැතැයි කියා මල්ශාලාවට රැගෙන ගිය සිරුර නැවත රෝහලට කොරෝනා මළ සිරුරක් වැරදීමකින් මුදාහැර මල්ශාලාවේ එම්බාම් කරන අතරතුර නැවත පානදුර මූලික රෝහලට රැගෙන යාමේ සිද්ධියක් එම රෝහලෙන් වාර්තා වෙයි 14 May 2021
ගම්පහට ගංවතුර තත්ත්වයක් අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ ජල මාපකයෙහි මීටර් 5 දශම 58 දක්වා ඉහළ යාම මත මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. 14 May 2021
දක්ෂිණ අධිවේගයේ වැසූ දොරටු අටක් අද විවෘත කරයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු කොට්ටාව සහ කඩුවෙල පිවිසුම්වලදොරටු අටක් අද සිට විවෘත කෙරුණු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 14 May 2021
අම්මටයි තාත්තටයි කොරෝනා නම් දරුවන්ට පරිවාසයේ ආරක්ෂාව මව්පියන් දෙදෙනාම කෝවිඞ් ආසාදිත බව තහවුරුවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවුන පසු ඥාතීන්ගේ හෝ වෙනත් විශ්වාස කටයුතු කිසිවකුගේ ආරක්ෂාවක් නැති දරුවන් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි. 14 May 2021
යුද හමුදාව රුවන්වැල්ලේ කොටුවූ පිරිසක් බේරාගනී නොකඩවා ඇද හැළෙන තද වර්ෂාවත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ කොටුව සිටි කුඩා දරුවන් 14 දෙනකු යුත් පිරිසක් බේර ගැනීමට යුද හමුදාව කටයුතු කළේය. 14 May 2021
රත්නපුරයට ගංවතුර අවදානමක් කලූගඟ,කුරු ගඟ, නිරිඇලි ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා තවදුරටත් තද වැසි ඇතිවුව හොත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
රටම පාළුවට යයි මුළු දිවයිනටම ඊයෙ (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා සංචරණ සීමා පැනවිය එත් සමග කොළඹ ඇතුළු දිවයිනේ සෑම නගරයක්ම ජනතාවගේ හිස් වූ පාළු සොභාහවයක් ගත් බව අප වාර්තා කරුවෝ පවසති. 14 May 2021
තවත් වසම් 42ක් හුදකලා කරයි කොරෝනා පැතිරීම සැලකිල්ලට ගෙන මඩකලපුව ,ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 43ක් අද සිට හුදෙකලා කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 14 May 2021
අදත් තද වැසි ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය හේතුවෙන් අද (14) දිනයේත් තද වැසි සහ සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 May 2021
‘‘සංචරණ සීමා යටතේ ආනයන කටයුතු පවත්වාගනෙ යනවා‘‘ පවතින සංචරණ සීමා යටතේ වුවද කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන නැව් ගත කිරීම, අමුද්‍රව්‍ය ආනයනය වැනි අත්‍යාවශ්‍ය කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සම්පාදනය කර ඇතැයි එම මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි. 14 May 2021
කොපමණ කීවත් තවත් පිරිසක් නිරෝධායන නීති කඩයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 282 ක් ගතවු පැය 24 තුළ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 14 May 2021
උසස් පෙළ සිසුන්ට අන්තවාදි දේශන දුන් අයෙක් අල්ලයි 2018 වසරේ අ. පො .ස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ සිසුනට අන්තවාදී දේශන පැවැත්වූ පුද්ගලයෙක් මුතූර් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 May 2021
මුහුදෙන් රට පනින්න ගිය දහයක් අල්ලති මුහුදු මගින් විදේත වීමට සූදානම්ව සිටි උතුරු නැගෙනහිර පදිංචි දස දෙනෙක් හලාවත ඉරණමඩු මුහුදු තීරණයේදී නාවික හමුදාව විසින් අද සවස අත්අඩංගුවට ගනු ලැබූහ. 13 May 2021
කොරෝනා වයිරසයෙන් හිමි නමක් අපවත්වෙති අනුරාධපුර සාරානන්ද පිරිවෙන් ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියෝ කොරෝනා ආසාදනය වීමෙන් අපවත් වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 13 May 2021
තබ්බෝවේ දොරටු හතරක් අරි තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අද සවස හතර අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පවසයි. 13 May 2021
ගාල්ලට තද වැසි:නාය යෑමේ අවදානමක් ගාල්ල දිස්ත්‍රික්කයට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක් නාය යාමේ අවදානම් කලාප ලෙස නම්කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පවසයි. 13 May 2021
අදත් ආසාදිතයෝ 2000 සීමාව පනිති කොරෝනා ආසාදිතයන් තවත් 1174 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි. 13 May 2021
සේරුවිල නාහිමිගේ ආදාහන පූජෝත්සවය ඉන්දියාවේදී සිදු කරයි චෙන්නායි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි කොවිඩ් 19 ආසාදනය විම නිසා අපවත්වු සේරුවිල මංගල රජමා විහාරාධිපති මුංහේනේ මෙත්තාරාම අමරපුර කල්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝණායක හිමිගේ ආදාහන කටයුතු ශ්‍රි ලංකා වෙලාවෙන් ඊයේ (12) පස්වරු 07.30ට චෙන්නාහිදි සිදු කර ඇත. 13 May 2021
ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් රෝහල් කරයි ලංකා විදුලි බල මණ්ඩලයේ පුහුණු මධ්‍යස්ථාන කොවිඩ් වයිරස ආසාදිතයින් වෙනුවෙන් වූ රෝහල් බවට පත්කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 13 May 2021
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026