
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදී නිසි පියවර නොගෙන නීති විරෝධී නොකරහැරීමක් කළ බව චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබන 29 කැඳවා ඇත.
රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්කියෙන් පසු පොලිස්පති වික්‍රමරත්න මහතා සාක්කි ලබාගැනීම සඳහා අපෙක්ෂාකරන බව පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් වත්මන් පොලිස්පතිවරයා ලබන සඳුදා (29) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කරන්නැයි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පිටබැඳ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd